About Ra Ira Paana

about

about2

about5

‘රෑ ඉරපාන’ යනු ශී‍්‍ර ලාංකේය ගුවන් විදුලි වැඩසටහන් ඉතිහාසයේ සුවිසෙස් සංධිස්ථානයක් සනිටුහන් කළ අනන්‍ය, අපූරඣව වැඩසටහනකි. එහි වැඩසටහන් විලාශය, රචනය, කථනය සහ සියලූම නිර්මාණාත්මක කටයුතු ඉටුකරන ලද්දේ ප‍්‍රකට ගේය පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු වන බන්ධුල නානායක්කාරවසම් විසිනි. 2011 සැප්තැම්බර් 11 වැනිදා සිට 2013 දෙසැම්බර් 22 වැනිදා දක්වා නොකඩවා පැය දෙකක මෙම සංගීතමය ගුවන් විදුලි වැඩසටහන වසර දෙකහමාරකට ආසන්නව ඔහු විසින් මෙරට යහපත් ගීතය අගයන සුවහසක් රසික ප‍්‍රජාව උදෙසා සංග‍්‍රහ කරන ලදී. ඉරිදා රාති‍්‍රයේ 7.00 ට ඇරඹුණු ‘රෑ ඉරපාන’ පෙරකී යුගය අරා රාතී‍්‍ර 9.00 දක්වා දෙරණ ගුවන් විදුලියේ විකාශය විය. එමතු ද නොව, එකී ඉරිදා වැඩසටහන පසු සතියේ සෙනසුරාදා උදේ 8.00 සිට 10.00 නැවත විකාශය විය. රෑ ඉරපානේ සහෘදයෝ අනන්ත අප‍්‍රමාණ වූ සමාජමය, යුගමය, රුචිකත්වමය පරාසයක වූවෝ වූහ. එමෙන්ම එතෙර අදහාගත නොහැකි රසික ප‍්‍රජාවක් ‘රෑ ඉරපාන’ හා ප‍්‍රාණසමව බද්ධ විය. ‘රෑ ඉරපාන’ට ලැබුණු ඇසිදිසි මෙන්ම වාචික, ලිඛිත පෞද්ගලික භක්ත්‍යාදරය ඇදහිය නොහැකි තරම් විය. ‘රෑ ඉරපාන’ 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී වසරේ හොඳම සංගීතමය ගුවන් විදුලි වැඩසටහනට හිමි ස්වර්ණ සම්මානය දිනාගනු ලැබීය. ‘රෑ ඉරපාන’ රටක හෝ ජාතියක ගීතාස්වාදයක් නොවී ය. සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ, හින්දු මතු නොව, ගෝති‍්‍රක සංගීතාංග ගැන පවා රසිකයන් කාව්‍යමය අයුරින් දැනුවත් කළ ‘රෑ ඉරපාන’, ප‍්‍රණීතාංගයෙන් විවිධාකාර සමාජ අනුභූතීන්, සුලභ මෙන්ම දුර්ලභ මානව අත්දැකීම්, සම්භාව්‍ය සාහිත්‍යයේ මෙන්ම, අප රටේත්, විවිධ රටවලත් ජන සාහිත්‍ය ප‍්‍රස්තුත ඈ නෙක ධර්මතා විනාඩි තුනක ධාවන කාලයකින් යුතු ගීතය හා විස්මිත අයුරින් ඈඳණු ලැබී ය. විටෙක අමරදේවයන්ගේ සුගීතයකින් ඇරඹෙන ‘රෑ ඉරපාන’ එරික් ක්ලැප්ටන්, ෆ‍්‍රෑන්ක් සිනෙට‍්‍රා, ජෝන් ලෙනන්, ඩෙන්වර් වැනි බටහිර ගායන තාරකා හරහා නෞෂාඞ්, එස්.ඞී. බර්මන්, ඉලේරාජා පසුකර එ්.ආර්. රහුමන් දක්වා නිර්මාණකරුවන් රසිකයා වෙත පෙර නොවූ විරූ අයුරින් කලඑළි ගන්වන ලදී. 2013 දෙසැම්බර් 22 වැනිදා ‘රෑ ඉරපාන’ තරමක තීරණාත්මක මෙන්ම යම් සිතන්නට, ප‍්‍රඥාව මෙහෙය වන්නට රසික ප‍්‍රජාවට ඇරියුම් කරන හැ`ගුම්බර මෙන්ම, තීරණාත්මක ගුවන් විදුලි එපිසෝඩයක් විය. (ඔබට එයට මෙන්ම, අන්තර්ජාලය හරහා සමස්ත

වැඩසටහන් 115 ටම සවන්දිය හැකිය.* මෙම තීරණාත්මක දිනයෙන් පසු සුවහසක් වූ රසිකයෝ ‘රෑ ඉරපාන’ නැවත අසන්නට නොනිම් පැතුම් දරා බලා සිටියහ. නමුත් එය ඉටු නොවිණි◊. වෙබ් අඩවියෙන් ශ‍්‍රවණය කරන්නට පුරුදු වී සිටි රසිකයෝ නව වැඩසටහන් යාවත්කාලීන කොට නැතැයි සිතමින් එ් ගැන පාරමී පිරූහ. 2014 ජනවාරි මාසය වන විට එතුවක් ලද්දක් මිස නැවත නව ‘රෑ ඉරපානක්’ නොවන වග ඔවුන්ට පසක් විය. එයින් සහෘදයන්ට ඇති වූ කනස්සල්ල, විමතිය, පස්චාත්තාපය, අපහැදිලි තත්ත්වය ප‍්‍රකට වූයේ ‘රෑ ඉරපාන’ නිමැවුම්කරුගේ ≥දුරකථන අංකයට, ඊ-මේල් ලිපිනයට, ඇතැම් විට ඔහු හමුව කරන ලද සහසක් වූ ප‍්‍රතිචාරයනට ම`ග සලසමිනි. බොහෝ රසිකයෝ මේ නිසා එක පවුලක උන් මෙන් සංවිධානය වූහ. පානදුරේ ව්‍යාපාරික සහෘදයෙක් විශාල මූලික තැන්පතුවක් ඇතිකොට වැඩසටහනක් ගානේ සු`ඵΩ මුදලක් එකතුකොට ‘? ඉරපාන’ වූ කලී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රසික ජනතාව අනුග‍්‍රහය දෙන වෙළෙඳ දැන්වීම් නැති වැඩසටහන බවට යළි බිහිකරවන්නට යත්න දැරීය. මුදල් යනු බුදු වදන අනුව නාගයකු හා සමාන බව කියමින් නිර්මාතෘ විසින් එම සහ අනන්ත වූ අවිහිංසක, අව්‍යාජ අනුග‍්‍රාහකතා ශිෂ්ට ප‍්‍රයෝගයෙන් දුර්මුඛ කරන ලදී. ‘රෑ ඉරපාන’ යළි කවදා හෝ මීට වඩා සුසංවිධානාත්මක අයුරින් නිර්මාණකරුවන් හැරෙන්නට කාගේ හෝ යැපීමක් නොවන පරිද්දෙන් ස්ථිරසාරව යළි උත්පාද කිරීමට ප‍්‍රතිඥා ලැබිණ◊.