රෑ ඉරපාන සහ සේකර මහිම

about5‘රෑ ඉරපාන’ යනු ශී‍්‍ර ලාංකේය ගුවන් විදුලි වැඩසටහන් ඉතිහාසයේ සුවිසෙස් සංධිස්ථානයක් සනිටුහන් කළ අනන්‍ය, අපූරඣව වැඩසටහනකි. එහි වැඩසටහන් විලාශය, රචනය, කථනය සහ සියලූම නිර්මාණාත්මක කටයුතු ඉටුකරන ලද්දේ ප‍්‍රකට ගේය පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු වන බන්ධුල නානායක්කාරවසම් විසිනි. 2011 සැප්තැම්බර් 11 වැනිදා සිට 2013 දෙසැම්බර් 22 වැනිදා දක්වා නොකඩවා පැය දෙකක මෙම සංගීතමය ගුවන් විදුලි වැඩසටහන වසර දෙකහමාරකට ආසන්නව ඔහු විසින් මෙරට යහපත් ගීතය අගයන සුවහසක් රසික ප‍්‍රජාව උදෙසා සංග‍්‍රහ කරන ලදී. ඉරිදා රාති‍්‍රයේ 7.00 ට ඇරඹුණු ‘ රෑ ඉරපාන’ පෙරකී යුගය පුරා රාතී‍්‍ර 9.00 දක්වා දෙරණ ගුවන් විදුලියේ විකාශය විය. එමතු ද නොව, එකී ඉරිදා වැඩසටහන පසු සතියේ සෙනසුරාදා උදේ 8.00 සිට 10.00 නැවත විකාශය විය. ඉරපානේ සහෘදයෝ අනන්ත අප‍්‍රමාණ වූ සමාජමය, යුගමය, රුචිකත්වමය පරාසයක වූවෝ වූහ. එමෙන්ම එතෙර අදහාගත නොහැකි රසික ප‍්‍රජාවක් ‘රෑඉරපාන’ හා ප‍්‍රාණසමව බද්ධ විය. ‘රෑඉරපාන’ට ලැබුණු ඇසිදිසි මෙන්ම වාචික, ලිඛිත පෞද්ගලික භක්ත්‍යාදරය ඇදහිය නොහැකි තරම් විය. ‘රෑඉරපාන’ 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී වසරේ හොඳම සංගීතමය ගුවන් විදුලි වැඩසටහනට හිමි ස්වර්ණ සම්මානය දිනාගනු ලැබීය. ‘රෑඉරපාන’ රටක හෝ ජාතියක ගීතාස්වාදයක් නොවී ය. සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ, හින්දු මතු නොව, ගෝති‍්‍රක සංගීතාංග ගැන පවා රසිකයන් කාව්‍යමය අයුරින් දැනුවත් කළ ‘රෑඉරපාන’, ප‍්‍රණීතාංගයෙන් විවිධාකාර සමාජ අනුභූතීන්, සුලභ මෙන්ම දුර්ලභ මානව අත්දැකීම්, සම්භාව්‍ය සාහිත්‍යයේ මෙන්ම, අප රටේත්, විවිධ රටවලත් ජන සාහිත්‍ය ප‍්‍රස්තුත ඈ නෙක ධර්මතා විනාඩි තුනක ධාවන කාලයකින් යුතු ගීතය හා විස්මිත අයුරින් ඈඳණු ලැබී ය. විටෙක අමරදේවයන්ගේ සුගීතයකින් ඇරඹෙන ‘රෑඉරපාන’ එරික් ක්ලැප්ටන්, ෆ‍්‍රෑන්ක් සිනෙට‍්‍රා, ජෝන් ලෙනන්, ඩෙන්වර් වැනි බටහිර ගායන තාරකා හරහා නෞෂාඞ්, එස්.ඞී. බර්මන්, ඉලේරාජා පසුකර ඒ.ආර්. රහුමන් දක්වා නිර්මාණකරුවන් රසිකයා වෙත පෙර නොවූ විරූ අයුරින් කලඑළි ගන්වන ලදී. 2013 දෙසැම්බර් 22 වැනිදා ‘රෑඉරපාන’ තරමක තීරණාත්මක මෙන්ම යම් සිතන්නට, ප‍්‍රඥාව මෙහෙය වන්නට රසික ප‍්‍රජාවට ඇරියුම් කරන හැ`ගුම්බර මෙන්ම, තීරණාත්මක ගුවන් විදුලි එපිසෝඩයක් විය. (ඔබට එයට මෙන්ම, අන්තර්ජාලය හරහා සමස්ත

anandaවැඩසටහන් 115 ටම සවන්දිය හැකිය.* මෙම තීරණාත්මක දිනයෙන් පසු සුවහසක් වූ රසිකයෝ ‘රෑඉරපාන’ නැවත අසන්නට නොනිම් පැතුම් දරා බලා සිටියහ. නමුත් එය ඉටු නොවිණි. වෙබ් අඩවියෙන් ශ‍්‍රවණය කරන්නට පුරුදු වී සිටි රසිකයෝ නව වැඩසටහන් යාවත්කාලීන කොට නැතැයි සිතමින් ඒ ගැන පාරමී පිරූහ. 2014 ජනවාරි මාසය වන විට එතුවක් ලද්දක් මිස නැවත නව ‘රෑඉරපානක්’ නොවන වග ඔවුන්ට පසක් විය. එයින් සහෘදයන්ට ඇති වූ කනස්සල්ල, විමතිය, පස්චාත්තාපය, අපහැදිලි තත්ත්වය ප‍්‍රකට වූයේ ‘රෑඉරපාන’ නිමැවුම්කරුගේ දුරකථන අංකයට, ඊ-මේල් ලිපිනයට, ඇතැම් විට ඔහු හමුව කරන ලද සහසක් වූ ප‍්‍රතිචාරයනට ම`ග සලසමිනි. බොහෝ රසිකයෝ මේ නිසා එක පවුලක උන් මෙන් සංවිධානය වූහ. පානදුරේ ව්‍යාපාරික සහෘදයෙක් විශාල මූලික තැන්පතුවක් ඇතිකොට වැඩසටහනක් ගානේ සුළුමුදලක් එකතුකොට ‘රෑඉරපාන’ වූ කලී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රසික ජනතාව අනුග‍්‍රහය දෙන වෙළෙඳ දැන්වීම් නැති වැඩසටහන බවට යළි බිහිකරවන්නට යත්න දැරීය. මුදල් යනු බුදු වදන අනුව නාගයකු හා සමාන බව කියමින් නිර්මාතෘ විසින් එම සහ අනන්ත වූ අවිහිංසක, අව්‍යාජ අනුග‍්‍රාහකතා ශිෂ්ට ප‍්‍රයෝගයෙන් දුර්මුඛ කරන ලදී. ‘රෑඉරපාන’ යළි කවදා හෝ මීට වඩා සුසංවිධානාත්මක අයුරින් නිර්මාණකරුවන් හැරෙන්නට කාගේ හෝ යැපීමක් නොවන පරිද්දෙන් ස්ථිරසාරව යළි උත්පාද කිරීමට ප‍්‍රතිඥා ලැබිණ.

අපේ‍්‍රල් 07 වැනි සඳුදා මහගම සේකර, යුගයේ මහා කවීන්ද්‍රයාගේ උපන් දිනය දා ‘සේකර මහිම’ පිළිගැන්වෙන දා ‘රෑඉරපාන’ සහ එහි අනාගතය පිළිබඳ වඩා යුක්ති යුක්ත අයුරින් වියතුන් මෙන්ම පිරිපුන් රසික සහෘදයන් හමුවේ සාකච්ඡා වනු ඇති. ‘රෑඉරපාන’ නමින් පුස්තක පෙළක් (වැඩසටහන් පිටපත්වලින් සුසැදි මාසිකව දීපව්‍යාප්තව පිළිගැන්වෙන නව ආරක සංගීත ප‍්‍රසංගයක්, පැයක පමණ රූපවාහිනී විචිත‍්‍රාංගයක් ආදී වශයෙන් නව අරුත් ලබන්නට ඉඩ ඇත. ඒ සියල්ල සිදු වුවත්, ‘රෑඉරපාන’ නිර්මාතෘගේ ඒකායන හා හෘදයාංගම අරමුණ වන්නේ රෑඉරපාන පැය දෙකක ගුවන් විදුලි සතිපතා වැඩසටහනම ය. මන්ද, මුළුතැන්ගෙහි හෝ නොතිබි ගුවන් විදුලි යන්ත‍්‍ර ටෙලිනාට්‍ය උමතුසං වරුසාවෙන් රැකගෙන යළිදු රසික හදවත් අභියසට ගෙන ආවේ ‘රෑඉරපාන’ බව මෙරට හා එතෙර අප‍්‍රමාණ සහෘදයන් සපථ කොට ඇති බැවිනි. ‘රෑඉරපාන’ යළි ඉදිරිපත් වුවත්, නොවුවත් මෙතුවක් ඉදිරිපත් කළ පැය 230 ක ගුවන් කාලයත්, පැය 460 ක විකාශන කාලයත්, වසර දෙකහමාරකට ආසන්න යුගයත් එය සැමදා නව අරුතින් ඉදිරිපත් වන බව පසක් කරවනු ඇත.

nelu‘රෑඉරපානේ’ ඥාත රසිකයෝ දස දහසකට වඩා ඊ-මේල් මාධ්‍ය ඔස්සේ ද, නොගිනිය හැකි අප‍්‍රමාණ kapilaපිරිසක් ලිපි හා දුරකථන මාධ්‍යයෙන් ද, සජීවී ව මුණගැසීමෙන් ද, සහතික වී ඇති මොහොතක මෙම රසිකයන් ගෙන් අසාමාන්‍ය වූ, සුදුර්ලභ වූ අදහාගත නොහැකි රසිකයෙකු ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඒ ගම්පහ උග්ගල්ගොඩ, රයියදොළුව වත්තේ නිවසන ආනන්ද වික‍්‍රමාරච්චි නම් 64 වියැති, පරිනත, විද්වත් සහෘදයා ය. එතුමා රසායන විද්‍යාව ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් කොළඹ ශාන්ත ජෝශප් සිසු දරුවනට ඉගැන්වූ, පසුව විදේශ වැදගත් රැකියාවන් හි නියුක්ත වූ මවුබිමට පැමිණ දිවයිනේ විශිෂ්ට වානිජ ආයතන ගණනාවක මූලාශ‍්‍ර පුද්ගලයෙකු සේ කටයුතු කළ අයෙකි. ‘රෑඉරපාන’ පිළිබඳ අහම්බෙන් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ දුටු දැන්වීමකින් මුළු මහත් වැඩසටහන් 115 ම ශ‍්‍රවණය කළ, ඊට ඇගයුම් එක් කරමින් පෝෂණය කළ පරාර්ථ හැඟීමෙන් හොඳ රුචියක් මවුබිම තුළ ඇති කිරීමට පෙරුම්පුරන වික‍්‍රමාරච්චි මහතා මහගම සේකර කවින්ද්‍රයාණන් මුසපත් හැඟමෙන් වන්දනාමාන කරන්නෙකි. ‘රෑඉරපානේ’ සුවිශේෂී වැඩසටහන් 03ක් මෙන්ම අවස්ථාවෝචිතව නිබඳ සේකර පිළිබඳ කළ විවරණයන් ගැන විශ්මයට පත් වූ වික‍්‍රමාරච්චි මහතා 125 වැනි ‘රෑඉරපාන’ට මහාර්ඝ තිළිණයක් පිරිනැමීමට තීරණය කළේ ය. (රෑඉරපාන 50 වැනි දිගහැරුම එද්දී එතුමා අව්‍යාජ නිර්මාණාත්මක තිළිණ කිහිපයක් අප‍්‍රකටව පරිත්‍යාග කොට තිබිණි. 125 වැනි රෑ ඉරපානක් නොඑතැයි සංකා ගත් වික‍්‍රමාරච්චි මහතා එහි නිර්මාතෘගේ දෙවිනුවර, කපුගම නිවසට විත් පෞද්ගලිකව එම තිළිණය පිරිනැමීමට තීරණය කළේ ය. ‘සේකර මහිම’ වූ කලී වික‍්‍රමාරච්චි මහතා අවුරුදු 05 පමණ වියේ සිට අද දක්වා එකතු කළ, සංරක්ෂණය කළ මහගම සේකරයන් හා සබැඳි අනන්ත, විවිධ පුවත්පත් උපුටන මෙන්ම සේකර හා සබැඳි දුර්ලභ ලිඛිත මතක සටහන් අපූර්ව අයුරින් සම්පාදනය කළ වෙළුම් 03 ක පුස්තක ති‍්‍රත්වයකි. මෙය එතුමා හදවතින්ම සේකර අගයන්නෙකු ලෙස ප‍්‍රාණ සමව රැකගත් උපුටනවලියකි.‘rairapaana.com’නමින් වෙබ් පියසක් නිර්මාණය කරමින් යම් සුළුහෝ සහෘද හමුවක් පැවැත්වීමට අරඅඳිමින් සිටි මොහොතක මෙම අවිහිංසක, මිල කළ නොහැකි තිළිනය එවන් වූ හමුවක් හමුවේ ප‍්‍රකටව පිළිගැන්වීම කළ යුතු යුතුකමක් යැයි රෑඉරපාන ඇතුළුසහෘද වළල්ල’ට සිතුණි. එබැවින් වෙබ් පියස දියත් කිරීමත්, ‘සේකර මහිම’ පිළිගැන්වීමත් මෙන්ම මහගම සේකරයන් විසින් විරචිත උත්කෘෂ්ට ගීතාවන් රැසක් නෙලූ අධිකාරි, කපිල පූගලආරච්චි හා හරිහැටි හඳුනා නොගත් අති විශිෂ්ට තරුණ ශිල්පී

සේකර මහිම

MagamaSekaraශිල්පීන් සුගැයුම් කරද්දී ප‍්‍රවීනාචාර්ය, ලේඛක ඩබ්ලිව්.එස්. බණ්ඩාර, දෙටු මහැදුරු සුනිල් ආරියරත්නයන් ප‍්‍රමුඛ බුද්ධදාස ගලප්පත්ති, ආචාර්ය රෝහණ වීරසිංහ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළුවිද්වතුන් රැසක් රසික සභා මැද ගීතයේ අරමුණ මෙන්ම වත්මන් ඉරණම ගැනත් සංවාදයෙහි යෙදෙද්දී අපූර්ව සහෘද හමුවක් අපේ‍්‍රල් 07 වැනිදා නිශාවෙහි කොළඹ Light House Galleyහිදී මුලූදෙනු ඇත. මෙම නිශා යාමය අතිශය සීමිත පිරිසකට වෙන්වන්නේ ඉතා හදිසියේ සංවිධානය වූ චාම් උළෙලක් බැවිනි. එමතු ද නොව, වෙබ් පියස දියත් කිරීමෙන් පසු ‘රෑ ඉරපාන’ පිළිබඳ සෑම සියලූ යථාවත් දැනුවත් කිරීමත් එමඟින් සිදුවනු ඇත.

ලෝ ප‍්‍රකට, දාර්ශනික ගතේ ගේ අදහස වූයේ ‘‘අධ්‍යාපනයේ, සැබෑ පරමාර්ථය, රුචිකත්ව සංවර්ධනය මිස හුදුදැනුම බෙදාහැරීමක් නොවේ ය’’ කියා ය. මේ වන විට අධ්‍යාපනයේ ‘දැනුම බෙදාහැරීමක්’ හෝ තිබේදැයි කියා අපි නොදනිමු. රුචිකත්වය පමණක් ගතහොත් උත්තම රසිකත්වයක් නිබැහින් ලැබ තිබියදීත් ඇතැම් මාධ්‍ය අප රටේ පොදු රුචිය ඉතා ඛේදනීය අයුරින් නිග‍්‍රහයට ලක්වන අයුරින් පහළට ඇද දමා තිබේ. හොඳ රසයක්, ප‍්‍රශස්ත සාහිත්යික ප‍්‍රඥාවක් දල්වන්නට පෙරුම්පුරන, වැඩකරන ජනමාධ්‍ය, ඇසිදිසි නාලිකා නැත්තේ නොවේ. නමුත් අනුග‍්‍රාහක භවතුන් ඥාණනය කිරීමට ඒ ඒ අදාළ වෙළෙඳ නිවස්නයන් හි සැදී පැහැදී සිටින්නේ සිංහල භාෂාව තබා ගමක් රටක් නොහදුනන, මාර්ටින් වික‍්‍රමසිංහයන් සඳහන් කළ ‘අමනයන්’ වීම නිසා මෙම ප‍්‍රපාතාභිමුඛ තත්ත්වය කවදා හෝ ගොඩගනු නොහැකි තරමට ව්‍යසනයක් වී තිබේ. ‘රෑඉරපාන’ නාමයෙන් මෙම ඛේදනීය තත්ත්වය ශී‍්‍ර ලංකාවේ සැබෑ ගීත කලාවට මෙන්ම පරිවාර ලලිත කලාංගයන්ට බලපා ඇති සැටි පිළිබඳ මාත‍්‍ර හෝ සංවාදයක් සේකර උපන්දින දා එතුමන්ගේ දූපුතුන් ද අබියස ඇතිවීම 07 වැනිදා සහෘද යාමයේ අතුරු යහ ප‍්‍රාර්ථනාවක් වේ. මෙම සහෘද යාමයේ අන්තර්ගතය හෝ අභිප‍්‍රාය විස්තර කිරීම ගීතයක රසවිනිස හෝ රුචිකත්වය යන වදන නිර්වචනය කිරීම තරම් අපහසු කටයුත්තක් නිසා අපි අපේ‍්‍රල් 07 වැනිදා සවස 5.45ට පමණ නාවික හමුදා පරිශ‍්‍රයේ Light House Galleyහිදී ‘උසස් රුචියෙන් යුතු, පිරිපුන් සෞන්දර්ය විඥාණයෙන් සජ්ජිත ශී‍්‍ර ලාංකික සහෘද ප‍්‍රජාවක් වෙනුවෙන් හමුවෙමු.