Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

Bandula ayye,

හැමදාමත් RIP අහල වචනයක්වත් නොලිය ඉන්න හිත දෙන්නෙ නෑ.
මහැදුරු ගැන වූ වැඩසටහන හොදින් වින්ද.
ඔහුගේ අතිශය භාවාත්මක ගී පෙලක් අස්සෙන් ඔබ " මහරගමට වහින්නෙපා,අනේ සර්” වගේ ගීත පෙලක් දැමීම නියමයි.ඔහුගේ පරාසය කොතරම්ද කියා හිතුන.
ඔහු ලියපු ඒ වගේම ගීතයක් ගැන මාත් යමක් කියන්නද?
"ඔබ තෙමෙයි කියා බයයි" ගීතයෙ ඔහු කියනව ;
"සලු පිලි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සගවන්නට ඔබ මගෙන්
මට දිව එන්නට සිතෙයි.
වැස්සට තෙමුන ඈ දුවවිත් වැලද ගන්න ඔහුට සිතෙන දේ ,කෙතරම් සන්යමයකින් ඔහු කියනවද?
තව එකම එක දෙයක් කියන්න අවසරද?
මේ බිග් මැච් කාලෙ පාරවල් හිර කරන් බීල නටන පිස්සො නිසා පැය ගනන් පාරෙ රස්තියාදු වෙද්දි මගේ ආවේගය මුදා හරින මේ ගීතය ..
" කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්."
ක්‍රිකට් වලට කොයිතරම් පෙම් කලත් ඒ උප සන්ස්කෘතියටනම් මම සාප කරනව.

Thanks
Suranga
 
Date of Posting: 23 March 2015
Posted By: Suranga
ayye
RIP ayeth ahaddi hithune;
පොප්ලර් ගස් දෙක දුයිෂෙන් ගැන අල්තිනායිට කියූ කතාව,මුරුංගා පැල දෙක ජයසේකර සර් ගැන ඔබට කියන කතාව....
මේවා මහා පුදුම ගැලපීම් නේද?
 
Date of Posting: 20 March 2015
Posted By: suranga lekamwasam
මා ප්‍රිය බන්දුල මහතාණෙනි

නාලිකාව හඳුනා නොගත්තාට සමාව අයදිමි.
මගේ හසුනට ඔබ ලබාදුන් පිළිතුරට අපමණ ලෙස කෘතඥ වෙමි. එසේම යලිත් රෑ ඉර පාන ලබාදෙන්නට සිත්ගත් අහස වීමට නෙත් FM නාලිකාව ඉඩ සැලසු බව දැනගැනීම ඉමහත් සතුටට කාරණයක්. අහසින් නික්මුණු හිරු යලිත් අපේ ලොවට ගෙන ඒමට කටයුතු සැලසීම ගැන මම නෙත් FM නාලිකාවටද මහත් සේ ස්තුතිය පල කරමි. මගේ මිතුරන් බොහොමයකට භාගත කල වැඩ සටහන් මන් දුන්නා. වැඩ සටහන ඇසු සියලු දෙනා දැක්වූ ප්‍රතිචාරය විශිෂ්ටයි. එදිනෙදා වැඩකටයුතු සමග කාර්ය බහුල වූ මගේ මිතුරන් රෑ ඉරපනෙන් ලබන සතුට දකින විට මා සිතින් ඔබට පින් දෙනවා.
වඩාත් අරුත් බර, වැඩසටහන් සමගින් අපව ආමන්ත්‍රණය කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා.
රුවන්
 
Date of Posting: 13 March 2015
Posted By: රුවන්
dayabara ruwan

lipiyata thuthi
derana nowei neth
eya wenas kota yali prayojanaya kiya eviya haki nam prathichara walata yoda gatha haki
karadara nam kamak naa
awashya une derana nowa dan yanne neth fm hi bawa kiyannatai

thuthi
bn
 
Date of Posting: 13 March 2015
Posted By: Bandula Nanayakkarawasam
බන්දුල නානායක්කාර සහෘදයාණෙනි,
මගේ හසුනට ඔබ ලබාදුන් පිළිතුරට අපමණ ලෙස කෘතඥ වෙමි. එසේම යලිත් රෑ ඉර පාන ලබාදෙන්නට දෙරණ නාලිකාව ඉඩ සැලසු බව දැනගැනීම ඉමහත් සතුටට කාරණයක්. මගේ මිතුරන් බොහොමයකට භාගත කල වැඩ සටහන් මන් දුන්නා. වැඩ සටහන ඇසු සියලු දෙනා දැක්වූ ප්‍රතිචාරය විශිෂ්ටයි. එදිනෙදා වැඩකටයුතු සමග කාර්ය බහුල වූ මගේ මිතුරන් රෑ ඉරපනෙන් ලබන සතුට දකින විට මා සිතින් ඔබට පින් දෙනවා.
වඩාත් අරුත් බර, වැඩසටහන් සමගින් අපව ආමන්ත්‍රණය කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා.
රුවන්
 
Date of Posting: 13 March 2015
Posted By: රුවන්
වෙදැදුරු රුවන් සහෘදයාණෙනි

ඔබ මෙන්ම අනන්ත වූ අරුම , සොඳුරු රසික පිරිවරක් ලැබීමේ මහා පින 'රෑ ඉරපාන ' සතුයි
දිනෙන් දින ඉපැරණි වැඩසටහන් අසා 'අලුත් වන ' සහෘදයන් තමා ඉන්නේ
බොහෝ අය කෙතරම් රේඩියෝවෙන් දුරුව වෙසෙන්නේද යන්නත් පසක් උනා
ඒ ගමන්ම ඔබ වන් නොහිම් ප්‍රේමනීය රසිකයන් මොන තරමක් යලි රේඩියෝව ලඟට ආවද කියලත් වැටහුණා

නෙත් fm වෙතින් ඒ නතර කළ තැන සිට යලි ඇරඹු බව ඔබ දන්නේ නැති හැඩයි
දැන් හැම බ්‍රහස්පතින්දාවකම රෑ 7.30 සිට 9.00 දක්වා fm 94.8 සහ 95 සංඛ්‍යාත ඔස්සේ නෙත් වෙතින් නව වැඩසටහන් ප්‍රචාරය වෙනවා
ඒවා නෙත් වෙබ් හි මෙන්ම www.rairapaana.com පියසේද බා ගත කරගත හැකියි
මා විවිධ චරිත , සිදුවීම් අලලා ගී සම්බන්ධ කර ගැනීම ඔබේ උදාහරණ තුලින් අපුරුවට ඔප්පු කර තිබුනාමයි එහි සැබෑ වටිනාකම ඒත්තු ගියේ

නැවතත් ඔබේ 'තුති පිදුමට ' මගේ 'හද බැතිය'

බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 04 March 2015
Posted By: Bandula Nanayakkarawasam
රෑ ඉර පාන ගැන සුභාරංචිය මට කිව්වේ මගේ හිතාදර මිතුරෙක් මීට වසර 3 ට පමණ පෙර හන්තාන ඉසව්වේදී . ඊට නොබෝ දිනකින් රෑ ඉර පානට මම ගොඩ වැදුනා. අසිරිමත් අත්දැකීමක් උනා මට ඒක. නමුත් වෘතීය කටයුතු නිසා එක තැනක රැදෙන්නට නොහැකි වූ නිසාත්, ගුවන් විදුලියට සවන්දීම නොකෙරෙන අයුරින් ජීවිතය සකස්වීම නිසාත් රෑ ඉර පාන බොහෝ දුර උනා මට මෑතක් වනතුරුම. මොන තරම් අපි ආසා කරන දෙයක් උනත් එම දේ කොපමණ අප ලඟින් තිබුනා උනත්, එම රසය, සතුට ලබන්න අපිට උරුම කාලේ එනකම් අපිට එම සැපත ලැබෙන්නේ නැහැ. මෙතැනදී උනෙත් මේකමයි මම හිතන විදිහට...... මම වෘතියෙන් වෛද්‍ය වරයෙක්. දැනට සේවය කරන්නේ දෙහිඅත්තකණ්ඩිය කියන දුර බැහැර ගම්බද නගරයේ මුලික රෝහලේ.
මන් ගැන හැදින්වීම ඇති.....
මෙම වෙබ් අඩවියේ දාල තියන සියලුම රෑ ඉර පාන වැඩ සටහන් මම භාගත කරගත්තා..... දැන් මන් කරන්නේ විවේකයක් තියන වෙලාවක, බස් රථයකින් ගමනක් යන වෙලාවට මගේ දුරකතනයේ මතක චිපයේ ගබඩා කරගෙන තියන රෑ ඉර පාන වැඩසටහන් අහන එක.
කියාගන්න වචන නැති අමුතුම නිරාමිස සැපයක් මන් එයින් ලබන්නේ. මහපොළවේ පය ගහගෙන ජීවත් වූ අපේ අතීතයේ පැවති සුන්දර නිර්මල සරල බව, සාහිත්‍යයෙන් කලාවෙන් පෝෂණය වූ 70 දශකයේ තිබුණු ප්‍රබුද්ධ කලා නිමනවල රසය, සිනමාවේ රසමුසු සාහිත්‍යමය අවස්ථා, දේශපාලන ලෝකයේ සොඳුරු මිනිසුන්ගේ චරිත සොබා, ක්‍රීඩා ලෝකයේ විශිෂ්ටයන්ගේ විත්ති මේ සියල්ල ගීතය සමග ගලපලා අපේ දෙසවනට ඔබ ගෙනන මිහිර අපමණයි බන්දුල සහෘදයාණෙනි.
විටෙක මහගමසේකරයන්ගේ කවියක අරුත් සමග මුසුවී, විටෙක නෙල්සන් මැන්ඩෙලා ගේ හඬ පටයකින් අහුලාගෙන , සංගක්කාරගේ දේශනයකින් මතු කරගෙන, ලතා මංගේෂ්කාර්, මන්නඩේ, මදන් මෝහන්, තවත් විටෙක තෙන්ඩුල්කාර් එකට මුසුකොට ඔබ ගොඩනගන්නේ අපුරුම කතිකාවතක්. හින්දි ගීත රසිකයෙක් වශයෙන්, ඔබ හින්දි ගීත හා හින්දි ගී තරු ඇසුරින් කරන ලද වැඩ සටහන් ගෙන ආ රසය අපමණ වූ බව ලියා තබන්නම්.
රෑ ඉර පානෙන් ඔබ ගෙන එන්නේ හුදු කළා සෞන්දර්ය මිහිර මතු නොව , එය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ සංවාදයකි.
රෑ ඉර පාන අහසින් නික්මී වසරකට වඩා කාලයක් ගිය පසු ම මේ ලියන සටහන ඔබ නොදකිනු ඇත.
මගේ ලොවට රෑ ඉරපාන ලැබෙන්නේ දැන් බැවින් මෙසේ ලියලුයෙමි.
ඔබට සද ජය.
මම
නමින් රුවන් ජයසුරිය ලෙස දන්වමි
ස්තුතියි
 
Date of Posting: 04 March 2015
Posted By: රුවන් ජයසුරිය
දයාබර බන්දුල අය්යේ,
අපේ මුලු පවුලම රෑ ඉරපාන අහනවා. අපේ පුතාලා තුන් දෙනාම හරිම උනන්දුයි. 7.30 ට වාඩිවෙලා ඉවර වෙනකන් අපී ගෙදර කතා කරන්නෙ බන්දුල අය්ය විතරයි.
ඔබට සදා ජය!
 
Date of Posting: 23 February 2015
Posted By: සුසන්ත....
ayyo dekama mama dannawa
awasthawa aa vita gammu
ada amuthu thereemak
specially cut 4
ahanna
bn
 
Date of Posting: 23 February 2015
Posted By: Bandula Nanayakkarawasam
ayye
man ara sindu dekak gana ahala euva mathakada.ewa ayya ahala athi.mama kokatath attach kalla ewannam.harima wenas e sindu dekama ekai man ayemath vada denne e gena ahala.idak lebunama ahanna.this is not in youtube.so il attach.
 
Date of Posting: 23 February 2015
Posted By: Suranga

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 10 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*