Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

මමත් ඔය ගැන වතාවක් පෝස්ට් එකක් ලිව්වා. පුදුමාකාර කටහඩක්. ඇත්තමයී කිසිම වැඩසටහනකට ඒ වැඩසටහනේ අහලකටවත් එන්න බෑ.
 
Date of Posting: 06 January 2015
Posted By: බට්ටි
මේ ගැන මමත් වැඩසටහන පටන් ගත්තුම කාලේ පෝස්ට් එකක් දැම්ම දුකා අයියා... දෙරන සයිට් එකෙන් බාගන්න එම් පී 3 එක මගේ එම් පී 3 වාදකයට දාගෙන වැඩට යන්නකම් එනකම් අහනවා... කාලෙකින් ඇසූ හොඳම සංගීත වැඩසටහන් කිව්වොත් වැරද්දක් නෑ..
 
Date of Posting: 06 January 2015
Posted By: පිස්සා පලාමල්ල
මම උ‍ඹේ කලින් පෝස්ටුවෙ දැම්ම බන්දුල නානායක්කාරවසම්ගෙ "බිහිදොර" කියන වැඩසටහන ගැන. මේකත් ඒවගේ එකක් වෙන්න ඇති(මගේ ජාලෙ හයිස්පීඩ් නිසා වීඩියෝව බලන්න බෑ). රේඩියෝවෙන් අහන්නම්. ඊට පස්සෙ විස්තර කියන්නම්.
 
Date of Posting: 06 January 2015
Posted By: රාජ්
හිතවත් බන්දුල,

මුලින්ම කියන්න ඕනෙ, ඔබේ ප්‍රතිචාරයෙන් මා උඩඟු වූවා නොව, අර "පීචං වූ ප්‍රබුද්ධ වචනය" අතැර, ඔබට ඇති ගෞරවය පමණක් තබා ආමන්ත්‍රණය කල බව.

ඔබතුමන්ගෙ ඒ ප්‍රතිචාරයට ඉතාම වටින බව සහ ඒ ප්‍රතිචාරයටත් ප්‍රතිචාර මේ වෙනකොටත් ( මා එය දකින්නටත් පෙර ) "සින්දු ඇනෝ" නම් රසවතෙකුගෙන් ලැබීමම, රෑ ඉරපාණ දෙස දෑස් දල්වා සිටින්නගේ තරම ගැන යම් අදහසක් බට ගෙනෙන් බව විස්වාසයි.

එමෙන්ම, ඔබ නොදන්නවා ඇති සමහරවිට, ඒ හෙන්‍රි සහ මමත්, සමන් ජයනාතුත් එකම අරාබි කොදෙව්වක පදිංචි බව. ලංකාවෙ මාධ්‍ය කිරීමට වඩා අරාබීන්ට යකඩ වැඩ කිරීම අඩුම තරමින් මූල්‍ය්ම තෘප්තියක්වත් ගෙනෙන නිසා, අමාරුවෙන් උනත් ඔහුත් මේ පුන්චි රටේ ඉවසගෙන ඉන්නව.

නමුත් පෙරේද රාත්‍රියෙ හෙන්‍රි නිවාඩුවකට ලංකාවට ගිය නිසා ඔබේ සටහන දකින එකක් නෑ අද හෙටක. ඒ නිසා මම ඒ පණිවුඩය ඔහුට ඊමේල් කරා.

ඔබ නිතර හොඳ රසිකත්වය ගැන කියනව. ඒ නිසා ඊයෙ මට සිද්ධ වෙච්චි දෙයක් කිව යුතුමයි.

ඊයෙ දවල් මම මගේ අවුරුදු 7 පුංචි පුතා ඉස්කෝලෙන් අරගෙන ගෙදර එන්න පිටවෙනකොට වාහනේ ප්ලේ උනේ ඔබ 2013 ජනවාරි මාසෙ කරපු ඉර පාන වැඩසටහනක්.

එහි දීර්ඝව ඔබ කියන සේකරගෙ විස්තරේ අවසානෙ පුතා මගෙන් අහනව,

"කවුද තාත්තෙ සේකර කියන්නෙ"

මගේ උත්තරේ උනේ, ඔයාට මතකද අර "ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල" කියන සිදුව.

එයාට ඒක මතක බව මම දන්නව, මොකද මේ කියන මගෙ ලොකු පුතයි, අවුරුදු තුනේ පොඩි පුතයි දෙන්නම ඔය සින්දු කොටස ඉඳ හිට කිය කිය දුවනව ගෙදර.

පුතාගෙ උත්තරේ උනේ, "මේ එයාගෙ සින්දුවක්ද?"

ඔව්, මේක ලියල තියෙන්නෙ එයා තමයි. He is a famous poet and author කියල මම සේකර ගැන කෙටි හැඳිවීමක් පුතාට ඉංග්‍රීසියෙන් කරා. හේතුව, එයා හොඳින් සිංහල කතා කරත්, "කවියෙකු", "චිත්‍රපටි අධ්‍යක්ෂකවරකු" වගේ වචන සිංහලට වඩා පහසුවෙන් ඉංගීසියෙන් කියූ විට පුතුට තේරෙන නිසා.

මගේ පැහැදිලි කිරීම අතරෙ ඔබ වාදනය කල සින්දුවත් ඉවර වෙලා, අපි ගෙදරට ආව. මම වාහනේ නවත්වනකොට ඔබ ආයි සේකර ගැන කියන්න පටන් අරන්. ඒ ඔබයි නිහාලුයි කල "සති අග සාදය". මම බහින්න දොර අරිනකොට සීඩී ප්ලේයර් එක නැවතුනා.

මම බැහැල, වටෙන් ඇවිත් පිටිපස්සෙ දොර ඇරිය පුතාට බහින්න.

ඒත් එයා, ඉස්සර සීට් දෙක අතරින් එබිල, ඩෑෂ්බෝඩ් එකට අතක් තියාගෙන, අනෙක් අතින් "එජෙක්ට්" බට්න් එක ඔබල, අර සීඩී එක ගන්නව මම එතකොටයි දැක්කෙ.

ඒකත් අරන් පොඩි අනුකම්පාව ඉල්ලන හුරතල් හිනාවක් දාගෙන පුතා මට කියනව

"තාත්තෙ මේක මට අහන්න ඕන ඉතුරු ටික, ඔයා කාල යන්න කලින් මට දාල දීල යන්න".

සේකරම කියපු විදියට, බඳුනේ ලූ මිදි බඳුනේ හැඩය ගනියි කිව්ව වගේ, මගේ දරුව හරි රස අඳුනගත්ත එකට, ඒ වෙලාවෙ ඇස් තෙත් වුනා විතරක් නෙමෙයි මේ අකුරු කොටන මොහොතෙත් ඒ හැඟීම මාව සංවේදී කරල.

ඔබ අත්විඳින අප්‍රමාණ රසික ප්‍රතිචාර අතරෙ මේ වගේ දේ කොතෙකුත් අහන්න ඇති. ඒත් මේ කතාවෙ විශේෂය, මගේ පුංචි පුතා ඉපදුන දා ඉඳල ඉන්නෙ මේ රටේ වීම, පෙර පාසැලේ ඉඳල අද වෙනකල් ඉගෙන ගන්නෙ "විවිධ ජාතින්වල දරුවො එක්ක" ඉංග්‍රී මාධ්‍යෙන් වීම සහ එයාට ඉන්නෙ "ප්ලේස්ටෙෂන් වලින් මිනී මරාගන්න, උදේ හවහ කාර්ටූන් බලන" මිත්‍රයො පිරිසක් වීම.

පුතාට හරි රස අඳුනගන්න උදව්වක්, පිටිවහලක් වෙච්චි මූලිකම හේතුවක් තමයි යන එනකොට වාහනේ ඇහෙන රෑ ඉරපාන. ඒකට පින් ඔබටයි!!

ඒ එක්කම, ඔබට තවත් වටින මැදපෙරදිග "ඔයිල් රිග් එකක" හිරවෙලා ඉන්න අපූරු රසවතෙක් අඳුන්වල දෙන්න හිතුව. සමහරවිට ඔහුව ඔබ දන්නව වෙන්නත් පුලුවන්.
මේ බ්ලොග් අඩවියට ගිහින් බලන්න. ඒත් තවත් කලාකාමී ඉංජිනේරුවෙක්

ඔබට ජය!
 
Date of Posting: 13 October 2014
Posted By: Indika Kodithuwakku
Dear Bandula,
Hope this email will reach you.
One of my friends Dr Rodrigo, a consultant in Kandy hospital gave me some downloaded Raa Ira paana programs. After that I downloaded some more programs.
I have listened to some of those programs. I simply can not express I how enjoyed those programs. Every program you have tried to give us a message. It's really sad that this program has been stopped by fm derana.
Are you doing similar programs now ?
Please let me know.
I am from kekirawa and studied in kekirawa central college. Now I am living in Kandy as I have joined Peradeniya university.

Best wishes and regards!
Dr Jayalath

Dr. Thilak Jayalath
MBBS MD MRCP
FRCP FRCPE FACP
FCCP ISN Fellow
Senior Lecturer in Medicine
Head
Department of Medicine
Faculty of Medicine
Peradeniya
Sri Lanka
 
Date of Posting: 10 October 2014
Posted By: Dr Jayalath
thanks a lot for good comments, please see our web www.rairapaana.com
you can listen to all 115 prog s and updates
i will start raa ira paana with an another channel
you can read details from the section 'feed back' of the mentioned web site
thanks again
will write to you leisurely
just came home from rikillagaskadawala via kandy after attending a funeral

warm regards
bandula
 
Date of Posting: 10 October 2014
Posted By: Bandula Nanayakkarawasam
can't rate as good........ far below than Re ira Paana.... Wasana would have not been there...... yet to improve a lot ..... or better restart re ira paana.....
 
Date of Posting: 06 October 2014
Posted By: Dinethmi
හිතවත් බන්දුල මහතානනි,

ඔබ බොහෝ කාර්‍යබහුලයැයි සිතමි. එනිසා ඕබේ පූර්ව අනුමැතිය නොලබාම මා පහත සටහන පල කලේ, මේ ආරංචිය තව දුරටහ් සඟවා දරා සිටීමට මට දිරියක් නැති කම නිසාවෙනි. ඒ ගැන සමා වන්න. මෙහේ පලවන අදහස් ඔබට මෙහෙයක්, ගැම්මක් වනු ඇතැයි සිතමි!

ඉර පාන යළි පායනතුරු දෑස් දල්වා සිටිමි!

ස්තූතියි!
 
Date of Posting: 26 September 2014
Posted By: Indika Kodithuwakku
ඉන්දික

මෙය බ්ලොග් සටහන් කල විට MOST CHARACTORS කියා ගණනක් විත් COMMENT එක PUBLISH නොකරයි
කරුණා කර මෙය එහි දමන්න රෑ ඉරපානට ලැබෙන හැම ප්‍රතිචාරයක්ම එහි වර්ධනයටත් වඩා හොඳ ගී අගයන්න අද සමාජය පොළඹවන්න පිටුවහලක් වේවි

මේ ලිපිය මගේ වැඩසටහන ගැන ඇතිවුණු හැගීමෙන් ලියු බව පෙනෙනවා
ලිපියේ සදොස් තැන නිදොස් කරන්නට සිතා සිටියත් අධිකව මේ දිනවල රාජකාරියේ පැටලී සිටින නිසා මඟ හැරුනා

මෙන්න ඒ සමහර දෑ
-----------------------------

1. "රෑ ඉරපාන " අදාළ නාලිකාව විසින් කපා දැම්මේ නැත
සෙනසුරාදා ප්‍රති විකාශය 2014 ජනවාරියේ සිට නතර කරන්නට එහි කළමනාකාරීත්වය තීරණය කොට ඇතයිද , ඉරිදා මුල් වැඩසටහන පමණක්
එම ජනවාරියේ සිට ඉදිරිපත් කරන ලෙසත් දැන්විණි
දෙසැම්බර් මුල් සතියේ දැන්වීම අනුව තීරණය මගේ විය
මෙම වැඩසටහන සඳහා අදාළ අනුග්‍රාහකත්වය එම ආයතනය ලබා දුන්නේ මුළුමනින්ම මා හා ඔවුන් අතර වූ දැඩි සම්බන්දය මතයි
ශ්‍රව්‍ය නාලිකාවක් ලෙස ඔවුන් නොදැන සිටි නිසා වඩා ආකර්ෂණයක් හා පැකේජයක් දීම තුලින් නාලිකාවට මෙම අනභිබවනීය
අනුග්‍රාහකත්වය ලබා ගැනීමට එවක නාලිකා ප්‍රධානි මා මිත්‍ර නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් මෙම සෙනසුරාදා ප්‍රති විකාශය ලබා දීමේ ප්‍රතිඥාව
අදාළ ආයතනයට දී සැනින් රෑ ඉරපාන සැබෑවක් කළේය

2. තවත් මෙහි රසවත් කතාවක් වෙයි


මුලින්ම මෙය ඉරපාන විය
ලබා දුන් කාල සීමාව ඉතා ආකර්ශනීය දැඩි ඉල්ලුමක් සහිත සෙනසුරාදා උදේ 8 - 10 විය
හරියටම නිහාල් වික්‍රම මිතුරාගේ 'සති අග සාදය ' විකාශය වුයේ ඒ කාලයේදීය
මම මාධ්‍ය රැකියාවෙහි නියුතු වුවෙකු නොවන නිසාත් , මිත්‍රත්වය හා නිහාල්ගේ වැඩසටහනට නිබඳ සම්පත් දායකයෙකු ලෙස සම්බන්ධ වූ
නිසා එම වටිනා කාල අන්තරයට අකමැති වීමි ; ඒ අන්‍ය නාලිකාවක් වුවත් සදාචාරය වෙනුවෙනි ; නිහාල් එය දනී
නිලේන්ද්‍ර කීවේ "එහෙනම් තියෙන්නේ ඉරිදා රෑ 7 - 9 පමණයි " කියාය ; එය කව්රුවත් අහන්නේ නෑ කියාය
මම අභියෝගය බාර ගතිමි

'ඉරපාන " "රෑ ඉරපාන " ලෙස නම් කලෙමි
අනුග්‍රාහක ආයතනයට යන අතර තුර නිහාල්ට මා කල සත් ක්‍රියාව ගැන කීවෙමි
" අය්යෝ බන්ධු තේරුමක් නෑනේ , මම හැමදාම ඒක කරන්නෙත් නෑ
අනික උඹයි මමයි එකම වෙලාවේ ගුවන් විදුලියෙන් කතා කරන එක කොය් තරම් හොඳද ?"

නිහාල් එසේ කීවත් මම වෙනස් නොවුනෙමි

එම දෙබස ඇසූ කෙනෙකු ලෙස නිලේ පෙරකී යෝජනාව අනුග්‍රාහකයනට කළේය
ඔවුහු එදාම එමොහොතෙදීම කැමැත්ත දුන්නේ අපගේ ප්‍රථම වැඩසටහන අසා හැගීම්බරවය
එවන් දුකසේ ලබා ගත් වටිනා අනුග්රාහකත්වයකට පයින් ගැසීමයි මට ඇතිවූ මුල්ම කම්පනය
අද කාලේ දරුවන් මරුවන් කරන බිහිසුණු දෙයට මුදල් යොදවන අය අනන්තය , නමුත් මෙවැන්නකට හංසයෙකු දියට බසින්නා සේ උදව් කරන ආයතන නැත

දෙසැම්බර් 22 දාට පෙර තීරණය දෙන ලෙස මම ඔවුනට කීවෙමි
එනම් ඉරිදා ට වඩා ප්‍රති විකාශයට සෙනසුරාදා මහා ශ්‍රාවක පිරිසක් ඇති නිසා එය නොකපන ලෙසය
නමුත් දෙසැම්බර් 20 වන විට මට දැනුම් දුන්නේ ඉරිදා රෑ ඉරපාන අවශ්‍ය බවත් ප්‍රති විකාශය නතර කරන බවත්ය
මම ඉඳුරා එරෙහි වීමි
එක සෙනසුරාදාවක් හෝ නොකැපෙන සේ 29 වැනිදාට ප්‍රතිවිකාශයෙන්ම අවසාන වනසේ සමු ගතිමි
හරි නම් මා දෙසැම්බර් 30 වැඩ සටහන කල හැකිව තිබුණි
නමුත් එහි ප්‍රති විකාශය නියමිත ජනවාරි 5 වැනිදාය
ජනවාරි 1 වෙනිදා සිට ප්‍රති විකාශය නතර කරනවායි කියූ නිසා එක වැඩසටහනක් හෝ කප්පවා ගැනීමට අකමැති වුනෙමි
රේටිං ගැන කීවේ ඇත්ත ක්‍රමය සොයා බැලූ විට ඇතිවූ අප්පිරියාව නිසාය ; මේ රේටිං බොරුව ලොවට කිව යුතු නිසාය
කපා දැමීමක් හෝ 'පල්ලම් බැසීමක් ' තිබුනෙම නැත
අනික 'එය ශ්‍රාවකයන් අසන්නන් පිලි ගන්නේ නැත්නම් ' කියන වැකිය නොගැලපේ

දවසින් දවස නොව නතර කර මාස 9 ක් ගිය තැන අදද ලැබෙන ප්‍රතිචාර පුදුමය
E MAIL ලිපින පමණක් 10,000 අභිබවා ඇත

ඉන්දික මේ සියල්ල කලේ හදවතින්මය
ඔහු මගේ නිවැරදි කිරීම් බලා පොරොත්තු විය
මගේ වරදින් ඒවා නොකිරීම නිසා ඔහු එලෙසම එය පල කළේය
දැන් නිදි මරාගෙන උත්තර දිය යුත්තේ නිවැරදි කරන්නටය
එයද ලෙහෙසි නැත
ලියු ටිකෙන් යමක් ප්‍රකාශ වන්නට ඇත

රෑ ඉරපාන 2013 හොඳම සංගීත වැඩසටහනට හිමි රාජ්‍ය ස්වර්ණ සම්මානය හිමි විය
වදනින් විස්තර කල නොහෙන , ඉතා දීර්ඝව වෙලාව යන සිදුවීම් අනන්ත ඇත

ඒවා කුමකටද ඔබට කියන්නේ ?

ඔබ බලාපොරොත්තු දල්වා ඉන්න

මම ඔබ හඳුනමි
මම ඔබ සුරකිමි
මම ඔබ සනසමි බිලිඳු වයසේ සිටින දරුවන්ගේ සිට පරිනතයා දක්වා මට නන් දෙසින් ලැබෙන ප්‍රතිචාරය විස්තර කල නොහේ
එබැවින් ඔවුන් වෙනුවෙන් මම නොකඩවා ගුවනින් කතා කරමි
කියන්න බැරිවුණු ගී හා ජීවිතය පිලිබඳ සම්න්ධය නැවත පහදා දෙමි
හොඳ දෙයට ඇති ඉල්ලුම පැහැදිලිය
මා සමග ලගින් ඉන්න
එවිට කවුරු තනි කලත් ඔබ ඇති සිතේ

බන්ධුල
 
Date of Posting: 26 September 2014
Posted By: Bandula Nanayakkarawasam
බන්දුල මහතානනි,

ඔබ වෙහෙස වීමට සිදුවීම ගැන කණගාටුයි. නමුත් ඔබේ අදහස මා ඉතා සතුටු කල බව නැවත නොකිවමනාය. එය එලෙසින්ම මුල් ලිපියෙහි පසු සටහනක් ලෙස ඒක්තු කලෙමි. මෙහි පහත ඇති ප්‍රථිචාරය බලන්න. මේ එකක් පමනි. මෙවන් දහස් ගණනක් අප අතර ඔබ වෙනුවෙන් නිහඬව ඉන්නා බව පමනක් දනිමි.

ජය!

//මචං ඉන්දික මම් ගහලා ඉන්නේ.. මම හිතන්නේ ගහන වෙලාවේ කිය සීන් තමයි නිවැරදිම.. මාතලන් කියන්නේ චාටර් පොරක්.. ඒත් ඒ චාටර් පොර රෑ ඉර පානට මාර විදියට ලව් කරා.. ඒක හැම තැනම කියන්න ඕනත් නෑ. බන්දුල නානාට මම බොක්කෙන්ම ලව්.. බන්දුල අපිව මිනිස්සු ටච් නොකරපු තැනකට ගෙනිච්චා.. මම සන්නාටත් මාඅ ආදරෙයි.. ඒත් සන්නට බන්දුල එක්ක හැරෙන්නත් බෑ.. ඒ ගැන ඕන තැනක විවාදෙකට මාතලන් රෙඩි.. බන්දුල උඹ ආයෙ වරෙන්.. අපි නිගඬයි.. ඒත් අපි උඹට ආදරෙයි.. උඹ අපිට ගොඩක් දේ කියලා දුන්නා.. උඹ අපිව ඇන්දුවා.. ඔව් උඹ අපිව සින්දු කියන්න මොනවද කියලා, කියලා දුන්නා.. උඹ ඔච්චර කතා කරන්න ඕන නෑ.. මම උඹට ඇත්තම කියන්නම්.. මම ඔක්කෝම ඇහුවා.... ඒත් මගේ බොක්කටම වැදුන තැනකින් මම නවතින්නම්.. මගේ විශ්ලේෂනය ඒ තරම් සහාසිකද මන්දා.. කාට හරි මතක නම් කියපන්.. එච්චරයි.. එපමණයි..//
 
Date of Posting: 26 September 2014
Posted By: Indika Kodithuwakku

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 13 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*