Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඉන්දික

මම ඔබගේ බ්ලොග් සටහන් දිගේ ඇවිදගෙන ගියා
හරිම අමුතු , අපූර්ව අත්දැකීමක්
මගේ පුංචි කලේ සිදුවීමක් මතක් උනා
තාත්තා කැමති උනේ නෑ ගමේ හැම කෙනෙකුගේම ආශ්‍රයට මං වැටෙනවට
එකෙන් අදහස් කලේ තාත්තා ආඩම්බර කාරයෙක් කියන එක නෙමෙයි
මගේ සීමාන්තික ගති පුංචි සන්දියෙදීම තේරුම් ගත් තාත්තා හිතුවේ මම රැලට වැටී විනාස වේවි කියා
එත් මම ගමේ හැම සමාගයමයක්ම ප්‍රිය කළා , උන් සමග හැසිරුනා
අරක්කු ගුදම් ගණන් බොන තැන වල නොබොමින් ජීවිතේ හැටි හැබෑවට දැක්කා
මාතලන්ගේ හර්දයාංගම අදහස් මට ඔහුටත් වඩා වැටහෙනවා
අපි ඉන්නේ 'නොතේරෙන ' ලෝකෙක
සිහියෙන් ඉන්නවායයි කියන ලොවට වඩා අනික් ලෝකේ උන් සිහියෙන් ඉන්නවා
ඒ නිසා 'ගහලා ඉන්නේ ' සහ 'ගහලා කියන දේ ' මට වටිනවා
අනික ඔබේ පුංචි සටහනෙන් මොන තරම් එලි වීමක්ද මේ වෙන්නේ
ඔබ හට තුති

මා දැන් ඉන්නේ විශාඛා ශාලාවේ
'මියැසි විශාඛා' rehearsal
මම ශාලාවෙන් පිටතට ආවාම කාන්තාවක් කියනවා
'මම ඔබේ රෑ ඉරපාන අහනවා ' කියලා
වර්තමාන කාලයෙන් කීවම මම පුදුම වී ඇහුවා ' ඒක නතර කළා ජනවාරියේ පටන් ගන්නේ '

"ඇත්තද ... මම තාම ඉන්නේ 88 වෙනි program එකේ
මම පෙන් එකකට දාලා අහන්නේ
නතර කල බව දන්නේ නෑ
සමහර වෙලාවට විනාඩි 5 යි, ඇයි කව්රුහරි ආවොත් ස්ටොප් කරනවා
පෙළක් වෙලාවට වැඩසටහන් 2 ක් දිගට විතර එක දිගට අහලා සිහි නැතිව මහත්තයාගෙන් බැනුම් අහගන්නවා "

ඔන්න ඔහොමයි ඉන්දික තත්වය
ඔබේ සියලු රසවතුන් පල කල හැම ප්‍රතිචාරයක්ම මට ප්ලැටිනම් වටිනව
ජනවාරියේ ඔබ වෙතට නව හැඟුමින් එන්නට පෙරුම් පුරනවා
සුවාසුදහසක් ප්‍රතිචාර , ආදරය මැද මා අන්ද මන්දයි
 
Date of Posting: 26 September 2014
Posted By: Bandula Nanayakkarawasam
බන්දුල මහතානනි,

මගේ දුප්පත් බ්ලොගේ තියෙන කමෙන්ට් කිහිපය ඔබට ඉරපාන ගැන ශ්‍රාවකයන් සහ පොදුවේ සිංහල බ්ලොග් කියවන යම් පිරිසකගෙ අදහස් හරහා, යම් කියැවීමක් ලබන්නට ඇතැයි සිතනව. මම හිතුවාට වඩා පිරිසක් ඉරපාන ගැන නොදැන ඉඳීම මාවත් පුදුමයට පත් කලා. ඒ වගේම ඒ සියල්ලන්ම හොඳ රස වින්දනයක් ඇති අය බව ඔවුන් ලියන දේ කියවන මා හොඳින් දන්නව. මට හිතෙන්නෙ ගැටළුව, ලංකාවෙ ගුවන්විදුලිය ගැන තියෙන සෘනාකල්පය සහ මෙම වැඩසටහනේ මුද්‍රිත අනුග්‍රය "ලංකාදීප" නම් හොඳ කියවන්නන්ගෙන් ඇත්වෙමින් යන පුවත් පතට හිමිවීම විය හැකියි.

ඔබට විශාකාවේදී විඳිනු ලැබූ අත්දැකීම මා පුදුම කලේ නෑ. හේතුව ඇය මෙන්ම මමද එලෙස අන්තර්ජාලයෙන් මෙය බාගෙන ඇසූ නිසා, සහ දිනක් අහම්බෙන් මෙන් එම වෙබ් පිටුව යාවත්කාලීන නොවීමට හේතුව හේවීම නිසා ඉර පාන නිවා දැමූ බව දැන ගත්තෙක් වීම.

මම හිතනව ඉරපාන අවසන් නැතැයි සිතන තව බොහෝ අය ලොව පුරා ඇතෙයි කියල.

ඒ සියල්ලන් වෙනුවෙන් මෙවර අපි ඉරපාන ආරම්භයට පෙර සිටම එයට උපරිම ප්‍රචාරය, සහ අවධානය ඇතිකරගත යුතුමයි. මගේ පුංචි වපසරිය තුල ඒ වෙනුවෙන් හැකි සියල්ලම කරන්නම්.

නාලිකාව සහ අනෙකුත් විස්තර ග්න ඔබ අළි දක්වන තෙක් නොඉවසිල්ලෙන්.

//සුවාසුදහසක් ප්‍රතිචාර , ආදරය මැද මා අන්ද මන්දයි // දහක් හමාරක් බලන, සීයක් විතර අය කමෙන්ට් කරන බ්ලොගක් ඇති මා වැනි දුනෙකුත් පාඨක ප්‍රතිචාර මගින් ලබන සතුට දන්නා නිසා, එයින් දහස් ගුණයක් ලබන ඔබ පත්ව සිටින තත්වය සිතාගත හැකියි. එය ඔබ නිරෝගී කරවාවි, දීඝායු දේවි.

ඔබට ජය..!
 
Date of Posting: 26 September 2014
Posted By: Indika Kodithuwakku
දයාබර ශ්‍රීපාල්

හරිම හැඟුම්බරයි ඔබේ වදන්
මා ගැන ආඩම්බරයකට වඩා , මෙලෙස දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් , ඒ ජීවිතයෙන් අංශුවක යමක් කරන්න ලැබීමත්, ඒ කළ ඇබිත්තෙන් ඔබ වන් නිකැළැල් අව්‍යාජ සහුර්දයන් ලද අතිශය නිරාමිස සතුටත් දුටු විට ලොව ධනවත්ම මිනිසාටත් වඩා ටිකක් ධනවතා මා යයි සිතමි .මන්ද මගේ ධනය එබඳුයි .... එක් දෙයක් පැහැදිලිය ; ඔබ www.rairapaana.com නම් අප වෙබ් පියසට යාවත් කාලීනව නැති හැඩයි .

ලබන ජනවාරියේ සිට මා හරිහැටි හඳුනාගත් ශ්‍රව්‍ය මංතීරුවක් සමඟ රෑ ඉරපාන රැගෙන එන ආරංචිය ඔබ දැක නැති හැඩයි

සුහදය

එළඹෙන්න වෙබ් පියසට
දකින්න ඒ සොඳුරු ආරංචිය
පතන්න පැතුම් යලිත් මට එය අරුචි වන අදමිටු දේ සිදු නොවේවා කියා
මට වැටහෙන පමණින් යමක් එවන්නම් වෙබ් පියසෙන් සූරාගෙන නැවතත්
 
Date of Posting: 12 September 2014
Posted By: Bandula Nanayakkarawasam
Suhada,

Obata men Sinhala akuru aminiya nohaka mata. Manda maa liyanne anunge Ingirisiyen nowa. Ee ape rassawe hati nowa.

Atta. Raa ira paane siyalla uputagath pasu nawatha maa eyata giye naha.

Obath samaga Handuu ee kandulu walata awadi wenna dan ayeth pathumak labila. Kandulaka arutha mamadan dannawa. Ee obath samaga handala.

Mage ekama pathuma, Obe sonduru, nikalal wadan Oba ape paramparawata melesa sapayanu seema ape duu daru parapuratath rasa windiimata labeewa!!! manda rating wala kiranin anduru nowuu, sabaa rasaya handunana duu puthun parapurak idiriyatath oba wannawun soyawi.

Mama oben eka panayak ahannada? Mama suraa looliyak nowemi. Eheth ewannawun dahas gananin asuru kara attemi. Owun baala, mahalu, tharuna yana koi kawuru wunath, bamana mathin ada kaale tiyena eka hampada sinduwak kiyanawa oba ahala tiyenawada?

Ee Sabaa sangiitha rasaya ee mohothe elesin ho wiwurtha wana owunge hadawatha danna niyaweni.

Esenam, nawatha upadina ee hiru kirana andure rasaya soyanaa ananayinta alokayak weewi.

Oba dannawaada, Kalekini budhu kenekun upadinne, dukakini minisath bawa labaganne kiyanna seema, Kalekin upadina oba wannawunge sonduru wadan asiimata, sangiithaye sabaa suwaya windiimata pin kala manaa bawa?

Sripal. D.D.N.
 
Date of Posting: 12 September 2014
Posted By: Sripal. D.D.N
Please I'm sorry to write this in sinhala as I don't have other language to express every bit of feeling in our heart.

Sahurdayaneni,

Mama ahase tharu kata siyalla ekata gene, ana murichchi gasa ekathu kara gatta. Eth naha nowa eliyak. Tawath tharuka nowana siyalla ekathu kara baluwa. Koo ee eliya. Barima thana lagama inna sandath allagatta. Ane nahane.

Dina 114k purawata maa rathriye athwidi ee eliya. 2013.12.22 sita ada wenakal mona tharam nam kaalayakda. ada ewi, heta ewi kiyamin methuwak bala sitiya. Mage sithiwili agili thudu walatama gala awith mehema yathuru obala obata ewanne barima thanai.

Obema ruhune, sarasawi piyase, vidya piitaye, dewarak durakathanayen oba amathuu, Sripal nam adhunika kathikacharya waraya mama wemi.

Bacteria, DNA, vidyathmaka nam gonne sarisarana mata kawi basa nam ethatan huru natha. Eth mage sithe athi de kiimata obata me widihe paniwida dahasak ewuwath bari wei. Eka nisa mama nawathinnam. Nathinam kandhulu kata watila yathuru puwaruwa luhuwath wewi.

Anika mama koi tharam susum laawath, siyalu de anithya me lookaye, Oba kiyana seema rating ruchikathwayak tiyena kasi kabal channel tiyena me Lankawe obe handa nawatha asannata bari bawa nam mama danimi.

Oba dunnu, maa baagatha kala, ee handa pata 114 mata athi.

SRIPAL. D.D.N.
Probationary lecturer
Department of Botany,
University of Ruhuna.
 
Date of Posting: 12 September 2014
Posted By: SRIPAL. D.D.N
Dear Bandu!

We are all are so much happy to to hear the news that Re Ira paana is in air from next year!!!!!!!!
this is our warm congraldulation

H.G.Jayatissa and all other sri lankan teachers in Seychelles
 
Date of Posting: 09 September 2014
Posted By: John Kenneth
thanks john
i will definitely do a better piece in 2015
appreciate the courage and value you have given
bn
 
Date of Posting: 09 September 2014
Posted By: Bandula Nanayakkarawasam
thank you
thank you

accept all your views and ideas to improve this

ලබන ජනවාරියේ රෑ ඉරපාන ගුවන් විදුලි වැඩසටහනට අමතරව මාසිකව ලංකාව වටා රැව්දෙන , දිස්වෙන ,රසිකයන් සියැසින් හමුවන පැය දෙකහමාරක සජීවී ප්‍රසංගයක් ද සමගින් දියත් කරන්නයි අදහස ....

මෙවන් ප්‍රසංගයනට ඇති ඉල්ලුමට හා පිපාසයට අනුව රේඩියෝ වැඩසටහන මගින් හා මුද්‍රිත මාධ්‍යයෙන් විපුල පල නෙලා ගත හැකියි ප්‍රචාරයෙදී
අනෙක ඕනෑම පලාතක සිටින රසික ,ශ්‍රාවක පිරිස දෙස බැලුවම ....t shirt හා letter head උණක් මගේ graphic හිතවතාට සංඛට ආවේ එනිසයි ;
මා උපදෙස් දී නොවෙයි ...ඉතින් ඔබේ සුපුරුදු ආදරය ,ඇල්ම බැල්ම හා අනුග්‍රාහකත්වය (sponsorship නොවේ ) උණුසුම්ව බලාපොරොත්තු වෙනවා

බන්ධුල
 
Date of Posting: 09 September 2014
Posted By: බන්ධුල
Dear Bandula Aiyya,.
Its really nice, pls see an option with a different font for the word “ team “ as what we use is bit common.
All the best for the next move and appreciate your kindness to get our opinion on the t shirt and the letter head.
Thanks and regards .
 
Date of Posting: 09 September 2014
Posted By: Shammi Jayathilake
ළබැඳි සොයුරිය
එය ඇත්තකි ;මගේ අලස කම හේතුව විය
මා නතර කලේ ඇයිදැයි කියා වෙබ් පියසේ ඇත ,නාලිකාව දැනට කිවයුතු නොවේ
ඔවුන් කීවේ ඉක්මනින් පටන් ගන්න කියාය
පසුගිය මාස 8 ක කාලය පුදුමාකාර විවේකයෙන් ගෙවුණි
අනන්ත වැඩ තිබුනද රෑ ඉරපාන යනු වෙනම කතාවකි ,කලාවකි ,කැපවීමකි
එය ඇරඹු විට මට ලෝකයම ගීතයන්ය
වෙන කිසිවක් නැත
සහසක් ඔබ වෙනුවෙන් ඒ කැපවීම යලි පටන් ගත යුතුය
ඔබේ ආදරණීය අදහස් හා රෑ ඉරපානට ඇති අසීමිත බැඳීම අගයමි
නව වසරේ
නව අරුණේ
නව හැඟුමේ
අරඹමු
මම
බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 03 September 2014
Posted By: Bandula Nanayakkarawasam

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 14 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*