Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ආනන්දයත් ප‍්‍රඥාවත් සමග නිදන මිනිසුන් අවදි කරන ඔබටයි මේ ආචාරය!
රූ ඉරපානට පෙම් බැදි
උදය අමරවීර
 
Date of Posting: 24 December 2015
Posted By: උදය අමරවීර
බන්දුල මහතානෙනි

හරිම අපුරු සිදුවීමක් නෙ උනේ. අද උදේ පාන්දර අපේ තරංග උඩගෙදර සහෝදරයගේ බිරිදට පුතෙක් ලැබුණ. රෑ ඉරපාන අහන්න්න ගත්තම මට ඇහෙන්නේ, නන්දා මාලනියගේ "රුවන්වලා දුහුල්කඩින් පෙරී සඳේ රිදී කැලුම්, තුෂාර හාර හා එතී ගලා හැලෙනවා ...පුතුගේ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා.. " කියල. හරිම අපූරු අවස්ථා සමබන්දයක් දැනුනෙ. මට මෙහෙම නම් තරංගට කොහොම දැනේවිද .

ඔබට සදා ජය
සංජය
 
Date of Posting: 21 December 2015
Posted By: සංජය
Hi mr. Bandula,

I'm Mewan an accountant living in Australia. This morning I'm traveling to city in a 3 hr journey in a train. I was listening to your mal pepai song of amba yahaluwo Tele drama . this took me back to my age of 10 where the only entertainment mode was 11" balck n white tv which our parents had to struggle to get even that. Actually my father lost when I was at the age of 10.

a heartfelt thank for you and teledrama team for making this type of wonderful teledramas.also for national tv for broad casting . if not for these our child hood would have been a disaster.

In a you tube comment you have said there's a story behind this song and if you dont mind please let know.

Kind regards
mewan
 
Date of Posting: 08 December 2015
Posted By: mewan
Thanks so much duwa. Jeewithaya Pudumai. Pl visit
www.rairapaana.com
For all Progs
 
Date of Posting: 04 December 2015
Posted By: Bandula Nanayakkarawasam
ra ira pana was a syndrome.so thanks for the come back.it was impossible to forget you and we missed you a lot my dear uncle..It's really hard to find something like ra ira pana in our unfortunate generation.so keep up the good work.we really really love you a lot..... ( anthonian girl _kandy. Who sent you a get well soon card with a plaster
 
Date of Posting: 04 December 2015
Posted By: Thakshila Wijesundara
Thuthi Bo wewa. OBA jeewithaya thawa duratath aruth ganvuva. Digatama liyanna ; asanna. Comment karanna Neth we tha. Eyath diriyak ...!
 
Date of Posting: 04 December 2015
Posted By: Bandula Nanayakkarawasam
Athatama me kathawa kohen patan gannada therenna,2013 auruddedi oba ra ira pana wadasatahana awasan kalata passe,aurudu dekakata aasanna kalekata passe,adai mama,ra ira pana wada satahane aluth arabume wadasatahanak ha ha pura kiyala ahuwe,adyapana katayuthu nisa,mama tika kalayak email,bawithayen aathwelai hitiye,ae nisa oba g+ walata ekkara thibu post 1th dakke bohoma kal giyata passei,ieeta pasu thorathuru soyagena yaamedi,me nawa aarambaya neth fm haraha wikashaya wana bawa danagathe,kohomahari ada mama wadasatahana ahuwa,wadasatahane thema wadhanaya aheddi,hariyata parana yaluwek munagahuna wagei danune,danatamath me email 1ka gadak dhigai kiyala hithenawa,ae gana samawenna,pramada welahari,me nawa arabumata subapathanna mata awasaradenna,mokada mama hithanawa me thama arabuma pamanai kiya,manda thawa boho durak ra ira pane rashmi kadhambaya wihidiya youthu nisa,oba eya kala youthui saha obata eya kala haki,oba adha wadasatahanedi Sir Arthur Conan Doyle gana kiwwane,athatama mata eka paratama ohuta sidhu uoo deyai,obata sidhu uoo deyai athare samana kamak penuna,ae ai kiyanna mata hariyatama therenna,eth awasana washayen mata Sri Chandrarathna Manawasinghege kawiyak mathak wenawa,me nawa aarambayata me kawiya godak sameepai kiyala hithenawa,
>
> watena malpethi paunawe
> sulan rali ohe yana athe
> yalith gahakola paaluna mae
> rikili ganwa liyalawe
>
> Obathumanta behewinma sthuthi!
 
Date of Posting: 04 December 2015
Posted By: Sachinthi Yapa
ayye,
මීට වසරකට ඉස්සර සිංගප්පූරුවට ගොඩ බැහැපු මාත් කලේ ඔය දේමයි.කෝච්චියට ගොඩ වෙද්දි ඔබට වගේම මටත් හිතුනා ටිකට් එක පන්ච් නොකර නගින්න.ඒත් ඒක අතුලෙ අසංවේදී මිනිස්සු ලග හිත විස්සෝප කර ගත්ත මාත්.ඒත් නිදහසේ ඔවුන්ගේ ලෝකවල තනිවුන,හවස වැඩ ඇරිල යන පෙම්වත්තු ආදරෙන් තුරුල් වෙල යන හැටි දැක්කම නම් මට දැනුනෙ ඉරිසියාවක්.

කැම්පස් එකෙන් එලියට බැස්ස ගමන්ම යන්න වුන ජර්මන් ගමන්ත් ඔබ මට මතක් කලා.පට්ට සීතලේ මූණත් ඉරාගෙනයි ආයෙත් කොලඹට ගොඩ බැස්සෙ.
ඒත් වැඩසටහන තරමකට too technical වුනාද කියලත් මට හිතුන.ඒත් ඒක මට දැනුන හැටි විතර්ක් වෙන්නත් බැරි නෑ.

මොකද මම ඉරපාන අහන්නෙ හිත බර කර ගෙන.මම ආසයි ඒ හිතේ බර ගතියට. මට මෙහෙම දෙයක් ඔබට කියන්න දෙනවද?

මම මහා නොස්ටැල්ජියා තත්වයකයි ඉන්නෙ.අදටත් අහන්නෙ ඔබගේ පැරණි වැඩසටහන්මයි.ඒවයෙ හිටපු පුශ්කින්ව,ලර්මන්ටෝව එතකොට ජයසේකර සර්ව දැන් ඔබට අමතක වෙලාද?එමින්ගෙ කවි මතකද ගැලපුවා සපූගෙ ගීත එක්ක.අපි ආයෙත් එතෙන්ට යමුද? අපි කවි එක්ක ගීත ගලපමුද? ඒ ව ආයෙම ඔබගේ අත්දැකීම් එක්ක.
ඔබ ලියූ කවි ගීත ,ඒවායෙ හැන්ගිලා ඉන්න චරිත අපි ලගට ගේන්න.සිනා තොටක් ලග ඉහිරුන බෝසත් ආදරය ඔබ ගලපනවද දීපිකාගෙ ඈතින් ඇසෙන ගීතයත් එක්ක.එතකොට එහි හිටපු බලපිටියෙ ජීවිතය,ඇය එම වේදනාව උපේක්ශාවෙන් දරාගත් විදිය.අපිට කියල දෙනවද?
ප්‍රේමයේ උයන් දොර සමීපේ ඔබ ඉන්න හිමි නැතත් මට පෙනෙන මානයේ කියල ඔබට ලිය වුනේ ඇයි කියල අපිට කියල දෙනවද?එක් පෙති මලක් දිහා උපේක්ශාවෙන් බලන්න පුරුදු කරනවද අපිටත්?
එය මහා පින් කමක්ම වෙයි,ඉරපානෙ හිත් හදාගන්න දාහක් මිනිස්සුන්ට.
 
Date of Posting: 09 November 2015
Posted By: Suranga Lekamwasam
මම රෑ ඉරපානට අපමන ඇලුම් කරන්නෙක්මි.ඒ වෙන අයකු කී නිසාවත්,කාටවත් පෙන්වීමටවත් ,අන්ධ භක්තියක් නිසාවත් නොවේ.සැබැවින්ම එය නැවතනැවතත් අසා රස විඳිය හැකි අපූර්වත්වයක් මුහුකල පෙලහරක් නිසාය. එම අපූර්වත්වය නම්
1) සුපසන් ස්වභාවය,සරල නොමුහුං අගනා බස
2)වයස,සමාජ තත්වය කුමක් වුවද ඒ ඒ සෑම අසන්නෙකු තුලම තමන්ට ආවේනික චිත්තරෑප මවාගැනීමට හැකි ලෙස ඔබගේ මතකයන් අපේ අතීතය බවට පත්කිරීම.
3)නියමිත කාලය තුල විවිධ මානයන් ස්පර්ශ කිරීම හෙවත් විවිධත්වය.
4)නවමු වස්තූන් විෂය කරගැනීම.
5)ජීවිතය යහමගට ගැනීමට දෙන අනුබලය
මීට අමතරව හදුනා ගැනීමට අපහසු ගුනයක් තදින්ම මුහුව ඇත. ඒ තුල කලගුණ සැලකීම විශේෂයි.පසුගිය කදමිභ කීපයක් ඔබ කලගුණ සැලකීම සදහා කැප කලේය. එච්.එම් ,සංගා,සුනිල් ආර්, උදාහරනවේ.මේවා කලයුතුමය.නමුත් ඔවුන් සදහා වෙන් කරන කාලය ඒ ඒ චරිතවල වටිනාකමට අනුලෝමව සමානුපාතික යැයි සිතනවානම් මුලාවකි.(රිය අනරතුකින් මියගිය සෙබළාටත් ,හසලක ගාමිණී විරුවාටත් ගුණ සැමරුම විනාඩි දෙකකි.)
පසුගිය කදම්බවල චරිත වෙනුවෙන් වෙන්කලකාලය තර මක් වැඩිවුනා යැයි මට සිතේ.සංගා අපේද විරුවෙකි.නමුත් තොරතුරු නොදන්නෝ නැතිතරම්ය.අනිත් දෙකද ඒකාකාරීය.
වැඩසටහනේ විධත්වය රකිමින් කාලය කලමනාකරනය කරගත්තා නම් තවත් අගනේය.මේ මටදැනුනු හැටිය. මෙය දොසක් නොව අදහසකි.එච් එම්.මහතා වෙනුවෙන් මම නුදුරේ ඔබ අමතමි.

සොයුරු ජනක.
 
Date of Posting: 03 November 2015
Posted By: ජනක
බන්දුල මහතාණෙනි,

ඔබතුමන් ඉතාම සංවේදී මිනිසෙක් බව නැවතත් මට පසක් කලා . ඒ සංවේදී බව නිසාමය් රෑ ඉර පාන ඖෂධ මංජුසාවක් උනේ. සිත් අනුනාද කල හැකි ඔබේ හඬ අපිව හෙමින් සීරුවේ හිතටත් හොරෙන් පාකර හරින්නෙ. ඔබතුමාගේ පලතුරු කතාව මම මොහොතකට මෙගේ දෙවෙනි අම්ම හිටපු, අවුරුදු 12ක් තිස්සේ ජීවත් වෙච්ච මාතර වේරදුවට හීල නැති හිතත් එක්ක දුවලගියා. ඒ යන මග දෙපස සිත මට මොහොතකට මවල දුන්න. ජීවිතයේ නොවැදගත් යය් අපි හිතන දේවල් ජීවිතයේ ඉතා වැදගත් සංසිද්දි බව දැනෙනේනෙත් මොහොතකට හිතට තට්ටු කරලා බැලුවම කියලත් හිතනව. හැබය් පුදුමේ තමය් එතකොට අපේ දෑස් අද්දරට කදුලක් නැගෙන්න තරම් එව ඉතා ප්‍රබලය්. ඊටත් වඩා පුදුමෙ , අපි ඉතා වැදගත් යය් හිතන දේවල් එතරම් දේවල් නොවෙය්.

ඔබතුමා වර්ණනා කරනවට ඔබතුමාගේ එතරම් කැමතතක් නැතිවුනත්, මම මේ ටික කියනව. ඔබතුමා හරිම තාත්විකය්, සාමාන්‍යය පිලිසදරක් අසන්නා සමග කරනව වගේ හැගීමක් දැනෙන විදියට ඉතා සරලව ඔබේ අව්‍යාජ ගැමි බස හැසිරවීම රෑ ඉරපානේ සාර්ථකත්වය කියල මම කියනව. කදම්බ 149 ක් කරලා 150 වෙනි කදම්බයත් ඔබතුමා නිහතමානීව කරගෙන යාවි.

149 වෙනි කදම්බය අහගෙන ඉන්නකොට මට හිතුන පොතක් ලියන්නට තරම් නිමිති ගොඩක් ඔබතුමා මතුකරා කියලා. බණ්ඩාර ගුරුතුමාගේ යටගියාවේ යටගියතැන් පොත මට කියවන්න තවම ලැබිල නෑ. එත් මම ඒක කියවන්න හරි කමතිය්. නැවත ලංකාවට ආවම මට එතුමන් හමුවෙන්න වාසනාව ලැබේවි කියල මම හිතනව. මමත් අකමැත්තෙන් උනත් නැතුවම බැරි අකුරු තුනක් ගන්න විදේශ ගතවීමට පෙර අපේ යටගියාවේ යටගිය තැන් ගැන පර්යේෂණ නිබන්දනයක් කරන්න තරම් වාසනාවන්ත උන නිසා. මම හිතනව 149 වෙනි රෑ ඉර පාන අහගෙන හිටියනම් බණ්ඩාර ගුරුතුමා තවත් පොතක් ලියාවි. ඒ පොතට "පුරන් කෙටුම" කියල නම දාවි. මම එතුමන්ට කාරුණික ආයාචනය්කුත් ඒ සඳහා කරනවා.

ඔබතුමන්ට දිගාසිරි
සංජය
 
Date of Posting: 20 October 2015
Posted By: සංජය


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*