Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

bandula mame ikmanata saneepa wenna . budu saranai
 
Date of Posting: 03 May 2014
Posted By: Oshadi Wattuhewa
belen suwahas rasika pethumen obata ikman suwa genewa......
 
Date of Posting: 03 May 2014
Posted By: Buddhika Sandaruwan
ape gedara hemogema kemathima programme eka thamay re ira paana..... I like it very much....
 
Date of Posting: 03 May 2014
Posted By: Janani Mudage
නා නා දෙය කරන
ජන මන සැනසුමට වෙසරද වූ
බන්දුල නානායක්කාරවසම් සහෘදයාණෙනි,

තවත් මොහොතක් හෝ මෙම සටහන තබන්නට පමා කරතොත් එය බරපතල කුහකකමක් බව යටිහිත මුරගානවා. ඒ සමගම මෙය සටහන් තබන්නේ ඔබ වැඩසටහන සමඟ අප අත්වැල් බැඳගෙන සිටින බව සිහිපත් කිරීම සඳහාම පමණක් බවත් මුළින් ම කිව යුතුයි.

රෑ ඉරපාන 32 වන කබම්භය ශ්‍රවණය කරමින් ම මෙම සටහන මෙසේ අකුරු කරන්නම්.
දෛවය, ඉරණම ගැන ඔබ කොතරම් නම් ඉරපාන තුළින් තතා කර තිබෙනවාද? විටෙක අභ්‍යව්‍ය ලෙසද යටිහිත කොඳුරන එවන් අවස්ථා නොතිබුණාම නොවේ. වැඩසටහන් 30 ක් නොකඩවා ශ්‍රවණය කළ රෑ ඉර පාන 31 වන කදම්භය මඟ හැරෙව්වෙ බක්මහ අකුණූ සරයකින්. විදුලි සම්බන්දතාවය බිඳ වැටී සියල්ල කණපිට හැරවූවා. 31 වන කදම්භය මඟ හැරුණා. අගහරුවාදා උදේ http://www.fmderana.lk/ වෙත යන්නෙ මඟ හැරුණු 31 වන කදම්භය විඳගන්න. ඒත් තවම උඩුගත වෙලා නැහැ.

මුහුණූ පොතට ගියේ www.facebook.com/rairapaana එතනින්වත් තොරතුරක් ගන්න බලාගෙන. ක්ෂණිකව ඇස ගැසුනේ ඉන්ද්‍රනාථ තේනුවරයන් විසින් තබා ඇති ඔබගේ හදිසි අනතුර ගැන සටහන. දහසක් ප්‍රශ්න මොකද වුණේ? කොහොමද වුණේ? යටිහිත ආ‍යෙත් කොදුරනවා ඔබේ කාර්ය බහුලත්වය, අවුරුදු සමය, යුතුකම්, වගකීම්, හෘදයාංගම සම්බන්ධතා මේ සියල්ල අතර ඔබ අතරමං වුණාවත්ද?

හරියටම අප්‍රේල් 13 වෙනිදා උදේ සියල්ලටම පිළිතුරු ලැබෙනවා රෝහල් ඇදේ සිටම ඔබ සදාදරණීය මිතුරන් සමඟ රෑ ඉර පාන 31 වන වැඩසටහන හිඩැසක් ඉතිරිවෙන්න නොදී සම්පූර්ණ කරල. කෙතරම් පරිත්‍යාගයක්ද? කුමන පාරමිතාවක් ද මේ?. දෙහිවල දනිරු පුතේ ඔබට ගොඩක් පින් බන්දුල මාමගෙ ආත්ම ශක්තිය වැඩි කරන්නට උදවු වුණාට. නැතිනම් අපිට දැනුණ 30 වන වැඩසටහන වෙනකොට මාමාට වෙහෙස දැනිල, මහන්සිය දැනිල විවේකයක් හොයන බව. ඇත්තටම මෙම අනතුරත් එම වෙහෙසකර බවේම ප්‍රතිඵලයක් වෙන්නට පුළුවන්. අපිට බල කරන්නට බැහැ ඔබට තවත් හැබැයි ඔබට දනිරු පුතා වැනි දරුවන්වත් අමතක කරන්න බැහැ කියල අපි දන්නව.

මින් පසු සටහන් වන්නේ මාස ගණනාවක් හිතේ තෙරපගෙන හිටපු සිතිවිලි ගොන්නෙන් බිඳක්,
රෑ ඉර පාන හරියට ටෙට්සුකෝ කුරොයානගී ගෙ හරි පුදුම ඉස්කෝලෙ වගේ කියල වෙලාවකට හිතෙනව. පුදුම දේවල්නෙ මේකෙ කතා කරන්නෙ. පාසල් දරුවන් ගෙ පැත්තෙන් හිතුවොත් පාඩම් ගණනාවක්. සිංහල සාහිත්‍ය, ලේඛකයින්ගෙ තොරතුරු, විදෙස් සාහිත නිර්මාණ, ලංකා ඉතිහාසය, සිනමාව කවිය, මොන විෂය පථයක් ද? මෙහෙම දැනුමක් ලබා ගන්න තවත් තැනක් වෙන කොහෙන් ද හොයා ගන්නෙ?

සැඟවී ගිය, නිසි කළ ඇගයුමට ලක් නොවූ නිර්මාණකරුවන් කී දෙනෙකු නම් ඔබ අපට හදන්වා දී තිබේද? අපේ කලාවියේ පොඩිරත්න අඟමලේ ගැන ඔබ තැබූ සටහන සැබවින්ම නෙතට කඳුළක් එක්කළා. වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර අප තඹුත්තේගම මූලික රෝහලේ ස්ථාන භාර ‍වෛද්‍ය නිලධාරී ලෙස තවමත් කටයුතු කරනවා. “වළාකුළු පෙළින් බහින්න-ඇවිත් මල් ගැබේ නිදන්න “ කිසිදා අප හිත් හැර නොයන ඔහු පබැඳූ ගීතයක්.

ඔබේ ඉදිරිපත් කිරීම තුළ නිතැතින් සිහිපත් වන්නේ ධර්මසේන හාමුදුරුවන්ගෙ සද්දර්ම රත්නාවලියයි. ඔබ ගීයකට සපයන පෙරවදන අවසන විරාමය තබන්නේ සිතා ගන්නටත් නොහැකි ඉසව්වකින්. දැන් නම් අපටත් ඒ ගැන තරමක ඉවත් දැනෙන්න පටන් අරන්. අපිත් දැන් මාස අටකට ආසන්න කාලයක් ඉරපානත් එක්ක ජීවත් වෙන නිසාවෙන්.

ඔබ පසුපස සිටින දැවැන්ත සෙවනැල්ල බණ්ඩාර ගුරුතුමා ගැන අපට දැනෙන්නෙත් ලොකු ගෞරවයක්. ඔහුගෙන් ඔබේ ජීවිතයට ලැබුණූ පිටුබලය කොතෙක්ද යන්න ඔබ අපට පසක් කර හමාරයි. එතුමන්ගේ කෘතීන් අපත් පරීශීලනය කරන්නට කැමැත්තෙන් ඉන්නවා. ලබා ගන්නට හැකි මඟක් කියන්නට පුළුවන් නම් බොහොම පින්.

“ගීත කියන්නෙ මහ පුදුම ජාතියක්“ ඔබ හැම වෙලේම කියනව. ඒක කෙතරම් ඇත්තද කියල යළි යළීත් තහවුරු වන්නෙ ඉරපාන නැවත නැවත ශ්‍රවණය කරන විටයි. ගීතයක් පිටුපස සැඟවී තිබෙන කිසිදා හෙළි නොවන්නට ඉඩ කඩ තිබූ අපූරු අත්දැකීම් ශ්‍රාවකයාට දැනෙන්නට සැළැස්වීම, ගීතය නම් කලාංගය ජීවිතයට ගලප ගන්න ඔබ තනන අත්වැල අගයන්නට වචන සෙවීම හරිම දුෂ්කරයි.

හැබැයි මෙහෙම දෙයක් මට කියන්නට පුළුවන්. බණවර සියයකින් කරන්නට අමාරු දේ ඔබ රෑ ඉර පානකින් කරනව. එහි පුණ්‍ය මහිමය වචන වළින් විස්තර කරන්න වෙර දැරීමත් සිහිනයක්. ඉතිං දහසකුත් එකක් වගකීම් මැද මේ පාරමිතාවට, ඔබ කරන කැපවීමට සැබවින් ම පින්! බෙහෙවින් ම ස්තුතියි!. ඒ විතරක් නොවෙයි මේ කටයුත්තට ඉඩ හසර ලබා දෙන ඔබ ප්‍රිය බිරිදටත්, දයාබර දියණියන් දෙදෙනාටත් ඒ පුණ්‍යානුමෝදනාව හිමි විය යුතුමයි.
 
Date of Posting: 03 May 2014
Posted By: Guest
බන්දුල නානායක්කාරවසම් සහෘදයාණෙනි,
ඉතා ම අපූර්ව හෝරා දෙකක්!(2012/06/24) කලකට පසු ඔබ ඉතාම නිදහසේ ගීත එකින් එක අමුණමින් වැඩසටහන ඉදිරිපත් කළ බව දැනුණා. හරිම මනරමි ගලා යාමක්. සමුගැනීමේ නිමේෂයේ හැඟුම්බරව ඔබ තැබූ “ තිත “ අපට පවසන්නේ ඉඟියක් ද?හැබැයි නැවුම් බලාපොරොත්තුවක් ද අමුණමින්. පවසන්නට ඇති දෑ පසුවට තබමි. ඔබ අපට ජීවත් වන්නට ඇරයුම් කරන බව පමණක් දැනට පවසමි.
 
Date of Posting: 03 May 2014
Posted By: Thusitha Kumara
RedWood Farms Appreciate convert your experience to touch general public's heart. whatever our backgrounds were we all had most similar experience that we could relate ours the way you presented the programme
 
Date of Posting: 03 May 2014
Posted By: RedWood Farms
සතියෙ මැද දවසක එන නිවාඩුවක් උනත් මට නිවාඩු තියෙන්නෙ ඉරිදා විතරක් නිසා..කවදා ලැබෙන නිවාඩුවක් උනත් මගේ හිත රැවටෙනවා අද ඉරිදාය කියල..අයියෝ ඊයෙ ඉරිදා නම්..මට ලොකු අමතක වීමක් උනා කියන පසුතැවීල්ලත් එක්කම..ආයිමත් මතක් උනා ආ...ඊයෙ බදාදානෙ කියලා..

ඔන්ලයින් චැට් එකකදි එක දවසක සිහින මල්ලි කීවා...මට මතක නෑ මොන පෝස්ට් එක ගැනද එයා කීවෙ කියලා..මගේ ඒ පෝස්ට් එක කියවද්දි මල්ලිට මතක් උනේ රෑ ඉරපාන කියලා..මන් ලියන රටාව ඒක කරන බන්දුල අයියගේ වගෙයි කියලයි කීවෙ..මන් කීවා පිස්සු කියවන්න එපා මල්ලි..මන් කොහෙද එච්චර ශ්‍රේෂ්ඨ..ඉස්තරම් විදියට ලියන්නෙ කියලා..ඒ තරම් ගේය පදවැල් රචකයකුගේ පා දූවිල්ලක් තරමෙවත් ලිවීමෙ හැකියාවක් මට තියෙනවා කියලා මන් හිතන්නෙ නම් නෑ.. ඒත් ඒ තරමට ලියන්න පුළුවන් නම්...කොයිතරම් හොඳද කියලා නම් හිතුව වාර ගාන අනන්තයි. හැමදාම රෑ ඉරපාන අහන මන් සමහර විට ඒක කොපි කරනවා වෙන්න පුළුවන්. කමක් නෑ..බැරි කමට හොඳ දෙයක්නෙ කොපි කරන්නෙ..ඒකට කවුරුවත් අමනාප වෙන එකක් නෑ..ඉතින් ඉරිදාකට මට අමතක වෙන්න පුළුවන් නරකම දේ තමයි හවස හතේ ඉඳන් ගෙදර ඉන්න බැරි වීම තමයි..ඩීවීසී, අන්තර්ජාලය , රූපවාහිනිය අතරෙ අතරමං වෙලා හිටි මාව ආයිමත් රේඩියෝ වැඩසටහන් වලට ආශක්ත කලේ රෑ ඉරපාන කීවොත් බොරුවක් නම් නෙවෙයි..වෙළඳ පරමා ථ තියෙන මාධ්‍ය ආයතන වල අනික් වැඩසටහන් ගැන කොයිතරම් විවේචන තිබ්බත් ..හොඳ දේ අනිවා හොඳයි..
වෙනී — at Colombo 07.
 
Date of Posting: 03 May 2014
Posted By: Weniwel Priyantha posted to‎ රෑ ඉර පාන
දෙවන හෝරාවේ මුල් අඩ 70, 80, දශකවල ආකර්ෂණීය හින්දි සිනමාව, අවසානය ලංකාවෙ විරාගය, තිස්සගේ මහා පෞරුෂයේ විරාගයේ තිර රචනයෙන් පිටුවක්... මේ තමයි නියම සෞන්දර්යවාදියෙකුගේ ගමන
 
Date of Posting: 03 May 2014
Posted By: Dayananda Rathnayake
රංග මනුප‍්‍රිය,
69/2, උඩුමුල්ල,
මුල්ලේරියාව,
නවනගරය.
0719142855
2012.12.05
ආදරණීය මිතුර,

? ඉර පාන දැන් අපේ ජීවිත වල වගේම දැන උගත් සියල්ලන්ගෙම වගේ ජීවිත වල ජීවත් වෙනවා. මුළු ජීවිත කාලයේම ඒ මතකයන් තියෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් තරමට හිත පතුලටම කා වැදිලා. කොටින්ම කිව්වොත් අපි ? ඉර පාන කසාඳ බැඳගෙන වගෙයි. හදිස්සියේ නඩු කියලවත් දික්කසාද වෙන්න බැරි විදියට.
මේක අත් අකුරින් නොලියා මේ විදියට එවන්න හිතුවෙ අත් අකුරින් ලියපු එක මතක් වෙන මතක් වෙන ගානට ගොඩක් දේවල් ලියලා අපිළිවෙලයි. අනික මට ලියනවට වඩා ඉක්මනට දැන් ටයිප් කරන්න පුළුවන්. මොකද මම අවුරුදු 3ක් විතර ා්ඒ ැබඑරහ කළානෙ.

? ඉර පාන අපේ හිත් ඇතුලෙ උදේ ? වෙනසක් නැතුව හොල්මන් කරනවා. ඒ හොල්මන හරිම චමත්කාරජනකයි. පුදුම සිසිලසක් හිතට දෙන්නෙ කතන්දර ගොඩක්, අවවාද, ආදර්ශ, උපමා, මෙකී නොකී රසැති සියළුම දේවල්. ජීවිතය තියෙන්නෙ මෙතන කියලා මට හිතෙන ගානට ? ඉර පාන හරිම තියුණුයි. මට
කිව්වට මටම නෙමෙයි ? ඉර පාන අහන මගේ බොහෝ මිතුරන්ටත්. වෙන වැඩසටහනකට ලිව්ව නම් මේක ටිකක් රාජකාරි හා අනවශ්‍ය මහප‍්‍රාණ සහිත ලියුමක් වගෙයි ලියන්නෙ. එත් මට ? ඉර පානට එහෙම ලියන්න හිතෙන්නෙ නෑ. මිතුරු සිතින් ලියනවිට එහෙම තමයි.

දහසකුත් එකක් වැඩ රාජකාරි තිබුනත් ? ඉර පානට ලිපියක් නොලියා සටීම යුතුකම් පැහැර හැරීමක් හෝ අකෘතඥවීමක් කියලා මට නිතර හිතෙනවා. ඔබ මේ ලිපිය කියෙව්වත් නැතත්, අපේ පන්සලේ හාමුදුරුවො කියන්න වගේ ර්‍ණපැවිද්දො මොන මගුල් නැටුවත් උපාසක මහත්වරු යුතුකම් ඉෂ්ඨ කලහම ඉවරනෙ” යුතුකම් ඉටු
කිරීම කොහොමත් චිත්තප‍්‍රීතියට හේතු වෙනවනෙ. ප‍්‍රබුද්ධගෙ සිගරැුට් කතාවත් මතක් වුණා ඒකත් එක්කම හිටි ගමන්.

? ඉර පාන පළමු වැඩසටහන ගැන ආරංචි ලැබුනත් අප එතරම් එය ගණන් ගත්තෙ නැහැ. මන්ද මීට පෙර සිරස ආයතනයෙන් සන්නස්ගලයන් ලවා කල ගීත සාකච්ඡුා කිරීමේ වැඩසටහන එතරම් අප සිත් ගත් නැති නිසා. ඔබ ගැන හරිහැටි නොදැන අවතක්සේරුවෙන් සිතුවාට සමාවන්න. වැඩසටහන් දෙකෙහි අහස පොළව
තරම් වූ පරතරය වැඩසටහන් දෙක තුනක් ශ‍්‍රවරණය කරද්දි ඒත්තු ගියේ ඔබගේ වදන් වලින් ගැලූ අමා රසය නිසාමයි.

? ඉර පානෙහි රැුදි ඒ අමා රසය කුමක්ද ? මං ටිකක් ඒ ගැන හිතුවා මගේ දැනුමේ හැටියට. සුගපාල ද සිල්වා ශූරීන්ගේ සොඳුරු අඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක කියන පොත, ඒක නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට මා හැගි මාර්ගෝපදේශක පොතක්. එහි එක් තැනක සටහන් වෙනවා නාට්‍යයේ රස තීව‍්‍ර කරන අංගයක් වන
විඝටනය පිළිබඳව. එම පුස්තකයට අනුව විඝටනය යනු බැලූ බැල්මට නොපෙනෙන, නොගැලපෙන අවස්ථා දෙකක් රස නිෂ්පත්තිය පිණිස ගළපා ගැනීම විඝටනයයි. ඉතිං ඒක නේද බහුලව අපට නොදැනෙන්නට ? ඉර පානෙන් කරන්නෙ. මේ මට වැටහෙන අන්දම. මේ නාට්‍ය මූල ධර්මය ඒ අයුරින්ම මෙයට සීල් කළ නොහැකි
වන්නට පුළුවන්. තවත් දුරට හිතනකොට මතක් වෙන්නෙ කේමදාස ශූරීන්ගේ සංගීතය. ගොළු හදවතේ චිත‍්‍රපටය පුරාවට තිබෙන්නේ ඒ චමත්කාරය නේද ? කේමදාස ශූරීන් වරක් තම සංගීතය පිළිබඳ රටකජු විකුණන කොලූවෙක් කියූ විචාරයක් බොහෝ රසකර අති ශ්‍රේෂ්ඨ විචාරයක් ලෙස හැදින්වුවා මතකද ? (පේන්නෙ එකක්
ගහන්නෙ තව එකක් දෙකම එකතු වුනහම මාරයි බං, ඤකේමදාස ශූරීන් ව පෙන්වා% මේ ඉන්නෙ එයා* එම විචාරයට අනුවද කුළු ගැන්වෙන්නේ ඉහත විඝටන තර්කයම නේද? අනිත් කාරණය අහල්ලාදය ඒ.එස්. බාලසූරිය කවියාගේ පිනිවරුසා කවි පොතෙහි කවියක තිබිය යුතු ගුණයක් ලෙස මෙම අහල්ලාදය හදුන්වනවා. එහෙම
බැලූවහම ? ඉර පානත් කවියක්, මා නම් ? ඉර පාන අසා බොහෝ විට අහල්ලාදයට පත් වෙනවා. ඉහත කරුණු සම්බන්ධව මා ඔබට අනුව නිවැරදි නොවෙන්නට පුළුවන්. මං වැරදි නම් සොරි හොදේ.....

වරක් ඔබ පැවසුවා රැුකියාවක් කළ දා සිට පළමු පඩියේ පටන් පොත් මිලදී ගන්නට අධිෂ්ඨාන කරගත් බව. මමත් එවැනිම අධිෂ්ඨානයක් පෙර දැරි කරගත් අයෙක් වූ නිසා ? ඉර පානෙන් දෑස තෙත් වූ එක් අවස්ථාවක් බවට එය පත් වුණා. නමුත් ඒ අධිෂ්ඨානය නිසි අයුරින් කරන්නට ඉටු කරන්න බැරි වුණා. මොකද මම දැන් රැුකියාවෙන් අයින් වෙලා ව්‍යාපාරයක් කරන නිසා. ඒත් පුළුවන් වෙලාවට ගිහින් පොදි බැඳගෙන එනවා. ඔබ එය කියන විට මගේ දෑස් කඳුලින් තෙත් වුණේ පොඩි ආඩම්බරේකුත් එක්ක. නමුත් මගේ තාත්තා උක්ත කාරණය ජය අරගත් අයෙක්. ඔහු කිසිදිනෙක අපට සෙල්ලම් බඩුවක් නම් ගෙනත් දීලා නැහැ. සිබිල් වෙත්තසිංහ නැන්දගෙ
ඉදං සුනෙත‍්‍රා රාජකරුණානායක වෙනකුනුත් මාක් ට්වන්ගෙ ඉදන් පවුලෝ කොයියෝ වෙනකන් පොත් කන්දක් නම් ගෙනත් දුන්නා. පඩි දවසට තාත්තට අම්මව අමතක වුනත් ගුණසේනවයි ගොඩගේවයි නම් අමතක වෙන්නෙම නැහැ.

එහෙම අධිෂ්ඨාන කරගෙන මං ගෙනාපු පොත් කිහිපයක් පරික්ෂා කළ තාත්තා ර්‍ණමොනාද බං මේ ගෙනත් තියෙන 3රා ක්ලාස් සින්දු පොත් අර මං වගේ 1
ිඑ ක්ලාස් පොත් ටිකක් ගෙනෙන්කො නැත්තන් මට දියං නිකං සල්ලි නාස්ති කරන්නෙ නැතුව මං ගේනන”. තාත්තා ඒ අපහාසෙ කළේ සුරම්‍යා මාපිටියගෙ පොතට. මට දුකත් හිතුණා. ඒත් ඇත්ත වෙන්න ඇතිත් කියලා හිතුණා. මං එවෙලෙම ගියා පොත් කබඞ් එකට කවුද මේ මෙයාගෙ 1 ිඑ ක්ලාස්
කවි සින්දු කාරයො ටික බලන්න. බර ලොට් ඉන්නවනෙ, සුනිල් ආරියරත්නයන්ගෙ හැම පොතක්ම, සේකරගෙ, ලූෂන් බුලත්සිංහලයන්ගෙ, සුනිල් සරත් පෙරේරා, රත්න ශ‍්‍රී විජේසිංහ, පේ‍්‍රමකීර්ති, ආරියවංශ රණවීරගේ නිධානයක් වගේ කවි පොත දෝතක් කවි එතනින් ගියාහම, මොනිකා රුවන්පතිරණ, යමුනා මාලනී, තාගෝර් කවි,
හයිකු, බණ්ඩාර ඇහැලියගොඩ, අජන්තා රණසිංහ, මහින්ද දිසානායක, ඩබ්.ඒ. අබේසිංහ ඔය විදියට තවත් නම් නොකී පොත් අතරේ අමුතු රූපයක් තියෙන ඔබේ පොතත් තිබුණා. ඒ කියන්නෙ අපේ තාත්තට අනුව එකල ඔබත් 1 ිඑ ක්ලාස් ගීත රචකයෙක්, අපේ තාත්තට අනුව විතරක් නෙමෙයිනෙ ඉතිං මුළු රටම පිළිගත් කරුණක්. නමුත්
තාමත් වගකීම් විරහිතව තමුන්ගෙ ගීත ඇතුළත් වැඩසටහනක් නොකර ඉන්න එක තමයි කේන්ති යන වැඬේ. ඔබ අපට පොරොන්දු වුණා එය කරනවා කියලා, ඒ වැඩසටහන අද හෙටම එයි කියලා අපි ඉන්නෙ නොයිවසිල්ලෙන් බවත් අමතක කරන්න එපා. මුලින්ම දැක්කෙ පොතේ අන්තිම පතාක යෝධයින්ගෙ පැසසුම්. තවත් මොනව කල්පනා කරන්නද ? කොනක ඉදං කියවනවා මිසක්. මං පොතක දැක්ක පිදුම කියන කොටසය නියම අර්ථය සපයපු පිදුමක් තමයි ඔබේ පොතේ තියෙන්නෙ. ඒක හරිම පිවිතුරු නැවත කිසිවක් බලාපොරොත්තු නොවන කුසලා සම්පන්න පිදුමක්. ඒ කුසල් බලයෙන් එවන් පොත් කන්දක් ලියන්නට ශක්තිය ඔබට හිමි වේවා යැයි
පතනවා.

? ඉර පාන තුළින් ඔබේ රෝගය අපිට දැන් බෝ කරලා ඉවරයි. අර අඬන ලෙඬේ. ? ඉර පාන අසා නොහැඩූ දවසක් නැති තරම්. මේ වෙලාවට තමයි බ්‍රෙෂ්ට් ගේ දුරස්ථීකරණ රීතිය ගන්න වෙන්නෙ. එහෙම නැත්තන් බුද්ධිය යට යනවා. බුද්ධිය යට ගියත් මොකද මිතුර රසවිදලා.

එලෙස මා දැඩි ලෙස ආතුර වූයේ පේ‍්‍රමකීර්ති නම් සොඳුරු මිනිසාගේ වැඩසටහනේදී. නිර්මලා ද අල්විස් ලියූ පේ‍්‍රමකීර්තිනි කියවාද හැඩුම් ආ මට ඊට නොදැවිනි අයුරින් එදින මා පුදුම කම්පනයකට පත්විය. පේ‍්‍රමකීර්ති ලියූ ගී නම් සිහින සතක් කෘතියෙහි සුනිල් ආරියරත්නයන්ගේ පේ‍්‍රමකිරීති නම් ජනකවියා යන මැයෙන් ලියා තිබූ
හැදින්වීමත් මාගේ සිහියට නැගුණේ මේ තුන් අවස්ථාවෙන්ම මා වඩාත් කම්පනයට පත් කළේ ? ඉර පානෙන් වීමයි. පේ‍්‍රමකීර්තීන්ගෙ දේහය යන අවස්ථාවේ නන්දා මාලනියන්ට වූ දෙය තව තවත් කම්පනයට පත් කිරීමට හේතු වුණා. මෙය ලියන විටද හදවත වේගයෙන් ගැහෙනවා. දෑස් තෙත් වෙනවා.

බොහෝ චරිතාපදාන කියවද්දි හිතට එන්නෙ දැඩි ඊර්ෂ්‍යාවක්. අපි අපේම විරුවන්ට ඊර්ෂ්‍යා කරන අවස්ථාවක්. ර්‍ණඇයි අපට මේ අත් දකින්නට නොලැබුණේ. මෙයා නම් ඒවා හොදට රස විදලා. ඔය විදියට ඔවුන් ජීවත් වූ ආකාරයන් ගැන සිහින මවමින් ඊර්්‍යෂා කරනවා. එවැනි චරිතාපදානයක් කියෙව්වා සේම දැඩි ඊර්ෂ්‍යාවක්
ඔබ කෙරෙහි මා තුළ වැඩිලා. ඔබගේ කුඩා කළ කතා ප‍්‍රවෘත්ති තමයි එයට බෙහෝ සෙයින් හේතු වුණේ. (චිත‍්‍රපටි නරඹීමට යෑම, පාසැල් සමිති රැුස්වීම්, විජබා කොල්ලය කියවූ සැටි, පේ‍්‍රමකීර්ති මුණ ගැසුණු හැටි, පාසලේ පැවැත්වූ ස ප‍්‍රසංගය, රිලේ දුවපු ඒවා, මර්වින් පෙරේරාවන් සමග, අමරදේවයක් සමග කතා බස් එවැනි බොහෝ
දේවල්* අනේ එවන් වාසනාවන් ඔබට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා. මා තුළ තිබෙන්නේ සොඳුරු ඊර්ෂ්‍යාවක් පමණයි.

එඞ්වඞ්ගෙ කැසට් එක නම දාපු හැටි හරිම රසවත්. ඩබ්.ඒ සිල්වාගේ කතාව, අර අවමගුල් පෙරෙහැර බල්ලා ඉන්න, ඩලස් අලහප්පෙරුම හිටපු ක‍්‍රිකට් කතාව සහ අනෙක් ක‍්‍රිකට් කතා, තල මලේ කවිය හරිම රසවත්. චීන ගීතය, නැවතත් ඇයගේ එවැනි ගීතයක් අහන්න තියනවනම්, අනේ ඒකම හරි කමක් නැහැ. සමන් අතාවුද
හෙට්ටි නම් වූ පිනි දිය මෙන් සිසිලසක් ගෙනෙන ඒ හඬ ගැන ඔබ පැවසූ දෑ, මට එදින මතන් වුණේ ජැක් සහ මායා බෝංචි වැල එහි පසුබිම් කතනය කරන්නෙ ඔහුනෙ. කුඩා කළ ඇසූ ඒ හඬ තාමත් මතකයි, හැඩුම් ආවේ ඔබ ඉතා රසවත් විදියට ඔහු ගැන නැවත කිව්වහම. සිබිල් වෙත්තසිංහ නැන්ද ගැන ඔබ කියූ දිනේ ඉකි ගැසෙන තත්වයට මට හැඩුම් ආවා. අපේ තාත්තා ඇගේ පොත් කෙතරම් නම් අපට ගෙනත් දී තිබෙනවාද ? සීගිරි චිත‍්‍රවලට වඩා ඒ පොත් වල තිබූ ඒ චිත‍්‍ර ශෛලිය මට මතකයි. ඒ අකුරු චිත‍්‍ර සිබිල් හැඩැති ඒවා.

රිදී රැුයක් 1 හා 2 අධ්‍යක්ෂණය ඔබ කියලා දන්නෙ මට ආයත් මතක් වුණේ ? ඉර පානෙන්, පුදුමෙ කියන්නෙ මං රිදී රැුයක් බැලූවෙත් ඒ දෙක විතරයි. මට 3න් වෙනි එකේ ඉදං බල්න්න නොහිතුනේ ඇයි ? රුවන් වලා දුහුල් කඩින් අමරදේව හඬ, මා ඒ කොටස විතරක් වෙනම ජමඑ කරගෙන නිතර නිතර අහනවා
අමා රසයි.

යටගියාවේ යටගිය තැන් කියන ඔබගේ ගුරු දෙවියන්ගේ කෘතිය මහත් අගනේයැයි හැගෙන පිටුවක් ඉකුත් දිනයක අපට අසන්නට ඔබ සැලැස්සුවා නේද ? ඉතිං අපිත් පොත අරං කියවන්නම්, ඔබත් හැමදාම පිටුවක් දෙකක් කියවන්නකො. ? ඉර පානෙන් ඇහෙනකොට රසය වැඩියි. මොකද අර්ථය සහ රසය ආත්මය
කරගත් ශෛලියක් ඔබට තියෙන්නෙ. ඒ කියන්නෙ නැවතීම් හුස්ම ගැනීම් මට දැනෙන විදියට කොමාව (,* හරියට කියවන නිවේදකයෙක්. පණ්ඩිත කතා කියනවා නෙමෙයි මට හිතෙන හැටි මං නාට්‍ය වැඩමුළුවකට සහභාගී වුනහම එවැනි අභ්‍යාසයක් කළා. එකේදි තේරුනා කොමාවේ රසය.

ඔබගේ ගුරු දෙවියෙකු රෝගාතුරුව එක්තැන් ව සිටියදී ඔබ ඔහුව බලන්නට ගිය අවස්ථාවේ සිද්ධිය මතකයේ හැටියට ඔහුගේ නම අමර. ඒ අවස්ථාවේ ඔබ කෙතරම් සංවේදනාවට පත්වන්නට ඇත්ද ? එය සිතන විට හැඬුම් එනව.

නැවතත් අපත් ඔබත් සමපාත වෙන කතාවක් පිටවුණා. මාත් දැඩි සේ අදහන දෙයක්. එනම් කොයික තිබුනත් මුල් පිටපත තමයි රස කියන කතාව. සහතික වශයෙන්ම එය ඇත්තක්. එහි ඇති ස්භාවිකත්වය පරයන්න බැහැ, ඉන්පසු සිදු කරන කිසිදු පටිගත කිරීමකට, අනික් කාරණය, සමහර ගීත වල එන සරබර නද ගමක රැුහෙයි නාදය වගේ අමුතුම අහිංසක ගතියක් ගෙනෙනවා. නව පටිගත කිරීම් කෙතරම් පිරිසිදු වුනත් ඒවා හරිම කෘතිමයි වගේ හැගීමක් දැනෙනවා. නුමුහුන් දේවල් හරිම පිරිවිතුරුයි. එළවළු කතාව හරියටම හරි ඒ වැඬේට. එළවළු කතාවත් එකක් ඒ හා සම්බන්ධ තවත් අමුතු සිතිවිල්ලක් මට වද දෙනවා. අප පාසල් අවදියේදී ඔබ වගේ රස සාහිත්‍ය හදුනාගන්නට වාසානාවත් කර තිබුණේ නැහැ. එකල එනම් සාමාන්‍ය පෙළ වසරවල් වලදී මා වැඩිය කන්නට කැමති සොසේජස්, මීට් බෝල්ස් වගේ මහ කෘතිම කෑම කැකිරි, වැටාකොළු, කොහිල, කොළ කැඳ, බෙලිමල් අරහං. නමුත් දැන් ඒකෙ විලෝමය. සාහිත්‍ය රසය මිනිසාගේ සියළුම අංගයන්ට ඍජුවම බලපෑම් එල්ල කරනවා කියලා මං ගැන හිතනකොට මට හිතෙනවා.

අමරදේවතුමන් හා විජේරත්න රණතුංග නම් වූ අසහාය තබ්ලා වාදකයාගේ ඒ සංගීත කණ්ඩය ඇහුවහම පුදුම මිහිරක් වයලීනය පසුපස තබ්ලාව ඉතා ආදරෙන් ලූහුබඳිනවා වගේ. පුදුමයි මා එවැනි වයලීන් වාදන අසා ඇත්තේ මහා සංගීත සංධ්වනි වල. යානි නමින් ප‍්‍රකට ග‍්‍රීසියේ උපන් වර්තමානයේ සිටින ඉතා ජනප‍්‍රිය හා
අතිදක්ෂ සංගීතඥයාගේ සංගීත කණ්ඩ සියල්ල එකවර වාදනය වුණා වගේ මට දැනුනා.

උසාවියෙ කතාව හරිම අපුරුයි. මා මගේ පේ‍්‍රමවන්තියට කෙතරම් ආදරය කළත්. ජංගම දුරකතනයෙන් ඈත් සමග දොඩමළු වීම මට බොහෝ විට නීරසයි. මා ඔය මොනවහරි කියලා හැමදාම ඉක්මනින් කතාව අවසන් කරනවා. නමුත් දැන් මට ඈට කියන්න හැමදාම කතාවක් තියෙනවා. ? ඉර පානේ කතා ගොන්නෙන් එකක්
කියලා ඒක ගැන කතා කරලා ඔබ ඊට ඈදපු ගීතය ගැනත් සාකච්ඡුා කරන නිසා මට ඒ දොඩමළුවත් දැන් තවත් ? ඉර පානක්. හැබැයි මං හැම වෙලේම කතෘ භාගය ගෙවනවා ඔබට, විටින් විට ඔබගේ ගුණ ඇය ඉදිරියේ කියලා.

වැස්සේ තාලය ගැන කියපු කතාව. ඔබ මඩුවට වෙලා බලන් හිටපු හැටි. ස්භාවධර්මයාගේ තාල හඳුනගන්න පුළුවන් ඔබ වැන්නටම තමයි. කන්දෙක දන් දුන් කතාව, වයස 24 ක් දෑස් අන්ධව සිටි තරුණයා, කුඩා කල මව අහිමි වූ දරුවාට පිහිට වු උත්තම ගුරු මෑණිය, මේ කතා ඇසෙද්දි ඉකි ගැසෙන තත්වයට හැඩුම් ආවා. ගුරු අම්මාගේ කතාව දෑත් අභ්‍යන්තරයෙන් වෙව්ලන තත්වයට මා පත් කලා. මට තවමත් හිතා ගන්නා බැහැ. මට එවන් අත්දැකීමක් වත් කිසිදු සම්බන්ධකමක් වත් නොැමැතිව ඇයි එහෙම වෙන්නෙ. අර තොරතුරු සේවයේ නිවේදිකාව හා හාද වුණු දරුවාගේ කතාවත් එලෙසමයි. නැවත ආවර්ජනය තුළින් ඒවා මේ කිසිත් නොදන්නා යතුරු ලියනය මත ලියවෙද්දිත් හදවත සසල වී හැඩුම් එනවා. මා සංඝයා වහන්සේලා පහත් කරනවා නොවෙයි, නමුත් ? ඉර පාන, මට අනුව බණක් අහනවට වඩා ඔබේ වචනයෙන් යනවනම් නිරාමිස සැපයක් ගෙන දෙනවා. ඔබට අමා රසයි කියන වචනය හුරු වුනේ සිහිල් සුළං රැුල්ලෙන්ද ? අපේ කට වහරටත් දැන් ? ඉර පානේ ඔබේ වචන දැන් ගොඩක් එකතු වෙලා. (එදා අද වනතුරුත්, නිරාමිස, අමා රස, අමරදේවතුමා, දිවමතුරුක්, දුර ඇමතුම* අර අන්තිමට කියන විධායක නිෂ්පාදන භාරය, පසුගිය කදසබ විදින්න ඒ ටිකේ පුදුම
සාමණේර කමක් අමුතුම රසක් මට දැනෙනවනෙ. මට කියන්න තේරෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඔබට මේ උදාර වැඩසටහන කරන්න සහය වන ඔවුන් ගැන ඔබ තුල තිබෙන අසීමත කෘතඥතාවය තමන් ඒ වදන් පෙලින් එළියට එන්නෙ.

ඔබ ? වැඩ මුරය ගීතය හා සමාන තවත් රසබර ගීතයක් තියෙනවා අචාර්ය අජන්තා රණසිංහයන් ලියපු ඔබෙත් අපෙත් විරු විකටර් රත්නායකයන් ගයන සප්ත සයුරෙන් එහා කියන ගීතය. මං දන්නෙ නැහැ ඔබ එය ? ඉර පානෙන් වැයුවද කියලා. ඔබගේ ගීත නොදමන විකාරරූපී අදහස තාමත් තියෙන එකේ ඔබේ ගීතයේ වගතුග
කියලා ඒ ගිතයවත් දාන්න පුළුවන්නම් පිං. අපිට වාදක කණ්ඩායමක් තියෙනවා. අපිට වැඩක් ඇවිල්ලා තියෙනවා ඇගලූම් කම්හලක. ඒකට ගීතයක් තෝරද්දි තමයි ඒ ගීතය සිහියට ආවේ. ? වැඩ මුරය මිහිරට ගයන්නට හැක්කෙක් අපේ වාදක මණ්ඩලයේ නොවීම තවත් එවැනි ගීයක් සේවීමට හේතුවක් වුණා.

පළමු වර සාමාන්‍ය ප‍්‍රතිඵල එන දිනයේ ප‍්‍රවෘත්ති නිවේදකයා සම්බන්ධව ඔබ කියූ දේ, ඉතා ඉක්මනින් ගණනකට නැතුව කියලා දැම්මත් (වෙනදට ලස්සනට ඇහෙන ඔවුන්ගේ හඬ අද නම් හරිම රළුයි වැනි අදහසක්* එවෙලෙ මට බකස් ගාලා හිනා ගියා. ප‍්‍රතිඵල වලට බයෙන් හිටපු ඔබට සම්චලේට නෙමෙයි.

රුවන් බන්දුජීව හඳුන්වා දුන්නාට පිං. ඒ කවිත් හරිම අගෙයි නේද ? අලියගේ කබේ ගැන කතාව, ලොකු වැඩක් ගන්න පුළුවන් කතාවක් හැමදාම පැරදුණු ක‍්‍රීඩා කණ්ඩායමකට දේශනා කරන්න පුළුවන්.

මා හඳ දවා සැනහූ තවත් කතාවක් තමයි ලිප් ගල් තුනේ කතාව. ගෙවල් තුනේ විරසකේ. ඔබේ කතාව එහෙම වෙද්දි කුලරත්න ආරියවංශටත් එවන් සිතැගි පහළ වීමත් එම කතාවම අපේ මහගෙදරත් සිද්ධ වීම පුදුමයක් නොවේයි නේද? අපේ පුංචි අම්මලා දෙන්නයි අපේ අම්මයි ටිකක් නෝක්කාඩු වෙලා ඉඳලා, මහප්පගෙ මළ ගෙදර දවස් වල ඒක නැවත ඇවිලී සර්ව සම්පුර්ණ විරසකක් බවට පත් වුණා. අනේ ඒත් අපේ අයියයි මායි, සුදු බාප්පගෙ පේ‍්‍රමසිරි බාප්පගෙයි ළමයි එක්ක අපි පිට්ටනියට ගිහින් කළුවර වැටෙනකං සෙල්ලම් කරලා. එන ගමන් කජු පුහුලන්, පේරා කාලා කිසිම බරක් නැතුව වැඩිහිටි ප‍්‍රශ්න තුට්ටුවකට මායිම් නොකර හිටපු විදිය දකින කොට නීලා වික‍්‍රමසිංහ නම් සුහදිනිය ගයනවිට දෑස් බොද නොවුනොත් පුදුමක් නේද ? තවත් එකක් කොළඹ ඉදං කජු පුහුලන් කාපු අන්තිම පරම්පරාවත් අපි වෙන්න ඕනෙ. කාමරංකා නම් ම්හු, දැන්නම් වැඩිහිටි විරසක අහවරයි.

ආතර් සී. ක්ලාක් ට වඩා අනාගතය කියන්න පුළුවන්නෙ සේකරට. ජල බදුනේ නියාය හරිම අගෙයි. පාසලේ කතාව, අර නෙට් බෝල් කතාව ඔබ ගෙනාපු හැටි නම් හරිම සුන්දරයි. ඔබ පාවිච්චි කළ වචන හරිම ලස්සනයි. කතාව අපි ඉදිරියේ මැවුණා. රජ බොජුන් පිළිගන්වලා දිවමතුරක් වගේ අතුරු පසක් දුන්නා හා සමානයි ඊට පස්සෙ ඔබ වාදනය කළ ගීතය.

එමින් ගෙ කවියෙන් විස්සෝප වුණු තරුණ හඳවත් ගොන්නට මාත් අයිතියි. ඉන් ඇති වූ කම්පනය තවමත් මා පෙළවනවා. නමුත් එතුළ ඇති රසය හා ඔබගේ වදන් සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතය, මේ සියල්ල හරහා ඒ රුදුර නිරාමිස සැපයකට ආවඩනවා. ඉන් ලද පන්නරයෙන් මටත් කවියක් ලියන්න සිත් වුණා.

ගිනි කන්දක් සේ
සිතන නොසිතන හැම විට
දැවී ඇවිලි පිච්චී යන හදවත
සොදුරු මතකයන් නිසා තව තවත් ඇවිලෙයි
වෙන් වීම නම් ව්‍යාජයෙන් ගැලවෙන්නට,
අසුරා තබන්නම්
මා මසුරු ලෙස එකතු කළ ඒ මතක ගොන්න
ගිනි කන්ද යළි සක‍්‍රීය වන්නට පෙර
රැුගෙන ගොස්
ඒවා කොහේ හේ මිහිදන් කොට
යන්න මවෙතින්

මෙවරවත් අමරදේවතුමන්ගේ වැඩ සටහන හරිම ගෞරවාන්විත රසයක් ගෙන දෙන එකක්. අමරදේවතුමා දකින දකින හැම විටම මට ඔබව මතක් වෙන්නේ, අමර රස අපට හොදින් අවබෝධ කළේ ඔබ නිසාද ? ඊටත් එහා වික්ටර් රත්නායකන් දකින් විට ගීත ඇසෙන විටත් මතකය දිවෙන්නේ ඔබ දෙසටමයි. ඔබේ ස ප‍්‍රසංග 28 කතාවට.
මේ යන විදියට ගියොත් ජීවිතය ? ඉර පාන වීමේ අවධානමක් තමයි පවතින්නේ. ඉතිං මොකද? ? ඉර පානේ තමයි ජීවිතය තියෙන්නෙ. මා දන්නේ නැහැ මගේ අතැගිලි දැන් රිසි විදියට දිවෙනවා. මුල් පිටු දෙක නම් මා ඉතා අවධානයෙන් කටුවට ලියා ගත් කොලයක් බලා තමයි ටයිප් කලේ. නමුත් 3, 4 පිටු මා හරිම නිදහසේ මට හිතෙන දේ ටයිප් කරනවා. ඔබට මෙය හිසරදක් නොවේවා යැයි පතනවා.

අපේ ජීවිතවලට මෙතරම් මිහිරක් එක් කළ ඔබට සියදහස් වාරයක් පිං උතුමනි. වරෙක පියෙක්, ගුරුවරයෙක්, තවත් වරෙක කල්‍යාණ මිතුරෙක් සහෝදරයෙක්, දේව වාක්‍ය දෙසන දෙවියෙක් අවසානයේ සරලවම කියතොත් ඔබ අපට බුදුවරයෙක්.

? ඉර පානටත් ඔබටත් දීර්ඝායු වේවා ෟ

සැ.යු. : අකුරු කළු කලේ කාර්ය බහුල ඔබේ පහසුව ගැන සිතා මිස වෙන කරුණක් නිසා නොවෙයි. දෙවැනි උල්ලාසයකුත් ලියන්නට ඕනෑමයි. කෙදිනක හෝ ඔබේ නෙතු ගැටෙතැයි අපේක්ෂාවෙන්.
 
Date of Posting: 06 April 2014
Posted By: රංග මනුප‍්‍රිය
I personally know the commitment he made to this program.
 
Date of Posting: 06 April 2014
Posted By: Piyal Salwathura

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 20 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*