Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

මට පසුගිය දවසක ඇසුනා මගේ පුංචි දෝණී අමාරුවෙන් මොකක්දෝ සින්දුවක් කෑ මොර දෙනවා. මම ටිකක් ලං වෙලා ඇහුවා.
“බැද්ද පුරා සුදු රෙද්ද වගේ අද“..... ඇය තොරතෝංචියක් නැතිව ඇගේම වූ තාලයකට ගායනා කරනවා..... මට කියන්න බැරිතරම් සතුටක් ඇති උනත් දෝණි ඒ සිංදුව හරියට අසා නැති බව නම් ඒත්තු ගියා. අසන්න, හෝ හොයා දෙන්න තරම් තැනකුත් සිහියට නැඟුනේ නෑ. ඒත් මට නිකමට හිතුනා ලංකාවේ අපි විසින් තරිජනය කර වසා
දමන ලද ගූගල් ඇන්ජිම නැවත ක්රිතයාත්මක කරලා සිංදුව හොයන්න. මා වහා ක්රිලයාත්මක උනා. ගායකයාගේ පිළිබඳ වූ විස්තරයක් මුහුණු පොතේ පිටුවක එහිදී
මට සෙයා ගැන්මට හැකි වුනා. එහි තැනක මෙසේ සටහන්ව තිබුනා. “බැද්ද පුරා was played in රෑ ඉර පාන“ ලින්ක් එකක විස්තරත් තිබුනා. මම ඒ ලින්ක් එක දිග
හැරියා. දන්නා කියනා කෙනෙකුගේ මුහුන එක්ක පිටුවක් ඇරුනා. ටිකකින් මිනිහා මම හොඳින් දන්නා සිංදු ලියන බැංකු කරුවා බව මට තේරුනා. මිනිහා කියාගෙන
කියාගෙන යනවා. මමත් ටිකක් අහගෙන හිටියා. බොහෙම සුනදරයි. මම තවත්, තව තවත් සමීප වී මොනිටරය දෙසින් එන සුන්දර හඬට සවන් දුන්නා. එක් තැනකදී මෙසේ
සදහන්වුනා. “සිබිල් නැන්දා අඬන්න එපා මම මේ සින්දුව දැම්මට“ රචකයා, ඒ සුන්දර ගායක යුවල වන පියසිරි විජේරත්න සහ අමිතා වැදිසිංහ අයවළුනුත්
සිහිගන්වමින් බැද්ද පුරා ගීය වාදනය උනා. මට කියන්න බැරි තරම් සතුටුයි. මම උජාරුවට දෝනී ලඟට අරන් සින්දුව වාදනය කෙරුවා. අවසානයේ ඇය “ අනේ අප්පච්චී
ආයි සින්දුව දාන්නකෝ“ ඇවැටිලි කලා දුවට කොහොම වෙතත් අප්පච්චිට අහන්න ඕනේ නිසා මම නැවත ගීතය වාදනය කරා. ඉන් පස්සේ තවත් අවම විසි තිස් පාරක් වත් දෝනී මේ සින්දුව අහන්න ඇති. ඊට පස්සේ ඇය මට ඇහෙන්නම ගායනා කරනවා මට ඇහුනා. එහි රිද්මය කොහොම උනත් දෝනී ඇගේ අනන්යඊතාවයට හානියක් නොකරගන්න ගායනයේදී වග බලාගත්තා, හෙවත් ඇය කලින් ගායනා කල විදිහටම ගායනා කලා... සිද්ධිය ඕක නෙමෙයි අහම්බෙන් රෑ ඉරපාන ට අහුවුනු මා ඉන්පසු එම වැඩසටහනේ ආසාදිත රෝගියෙක් උනා... දැන් මට ඒ උත්තේජකය නැතුවම බෑ.. හැබැයි එය සැබැවින්ම සුන්දර වූත් ප්රනඥාවෙන් ආනන්දයට රසිකයා ගෙනයන්නා
වූත් තහනම් නොවූ උත්තේජකයක් වීම නිසා මම ඒ රෝගයේ සදා ඇලී ගැලී වෙලී හිඳමට ලොල් වෙමි. ස්තූතියි බන්දු අයියා මල්ලව 072-4553793
 
Date of Posting: 05 April 2014
Posted By: Manjula Mallawa
Hi Bandula sir,
I have saw evereywhere raa ira paana cutouts also posters before 4months,but i couldn't to listen your programme because my busy education and employee works.But i now listen your programme every sunday devourly because i like to learn about srilankan musical range from past to present and especially i like to your clearly voice,it is bringing happiness to me also provide a guideline to our lifes.I wish to you that you'll able to presenting raa ira paana well with your fans.thank you.
-Amila Priyankara
-University Of Sri Jayewardenepura
 
Date of Posting: 05 April 2014
Posted By: Amila Priyankara
අවුරුදු 10කටත් වැඩි කලක් තිස්සේ සෙවුවත් තවමත් මට සම්බනොවූ නන්දා මාලනීගේ "දහසක් ඉපදී මියයන පොලවේ" ගීතය ඔබගේ ගුවන්කාලයෙන් ප්රසචාරය කල හැකිද?
 
Date of Posting: 05 April 2014
Posted By: piyumi niwanthika
aadaraya hariyatama nirwachanaya kaloth aakasaya wage pothen pituwak oba keewe mihiriy obe adahasa dukai hamu noweema gana
 
Date of Posting: 05 April 2014
Posted By: bandula nawasam
ආදරය කියන්නේ පුදු මාකාර දෙයක්. ඒ ආදරය නිසා තමයි මාත් මේ රෑ ඉරපාන යටට ආ‍වේ. මගේ ආදරවන්තිය මේ වැඩසටහන ඉස්සර ඉදන් අහනවා. අපි පුදුමාකාර විදිහට ආදරය කරනවා. දැන් අවුරුදු දෙකකින් අපි දෙන්නට හමුවන්න බැරිවුනා. තව ගොඩක්කල් යනකන් හමුවන්නට වාසනාව නෑ. ඉතින් අපි දෙන්නා හැමදාම ඉරිදා හවස 7ට දෙන්නා තැන් දෙකක ඉදන් මේ රෑ ඉරපාන යට ඇවිත් ආදරය කරනවා. පුදුමාකාර විදිහට.
 
Date of Posting: 05 April 2014
Posted By: Dilan Pramith
Bandula aiye

oyage programme eka great. Mage hitha pahan karapu ekama radio programme eka oyata godak pin. Mama PHI union eke president
 
Date of Posting: 05 April 2014
Posted By: Upul Rohana
Best radio music program. Good Voice, Experience, presentation... and SONGS..
 
Date of Posting: 05 April 2014
Posted By: Gihan
අද දින (2013/11/24) වැඩසටහනේ sting ගේ every breath you take ගීතයේ අරුත ඔබ පැවසූ එක නොවේ. එහී නියම අරුත වන්නේ ආණ්ඩුවෙන් ජනතාවගේ නිදහස කප්පාදු කිරීමට (තැචර් පාලන සමයේ "big brother" කලබගැනිය) විරුද්දව හඬන නගකි.
 
Date of Posting: 05 April 2014
Posted By: TheAce
උදේට පුටුවෙ ඉදගත්තම රෑ ඉර පාන
දවල් කෑම වෙනකම් රෑ ඉර පාන

දවල්ට කාල රෑ ඉර පානහතරයි කාල වෙනකම් රෑ ඉර පාන

ගෙදර යනකම් රෑ ඉර පානනින්ද යනකම් රෑ ඉර පාන

මේක කරන්න බෑ...

රෑ ඉර පාන ගලවා උන්ඩි කර
කුණු බක්කියට දැමුවෙමි
කුණු බක්කියද අල්ලා වීසිකලෙමි

දැන් හරි...
ආයෙත් රොබෝ වගේ
දිගටම වැඩ කලහැකි
............

මොනව හරි අඩුයි වගේ

එකිනෙක අවුස්සා බලද්දි
දෙයියනේ..!!
මගෙ හදවතයි මනසයි කෝ
හෙව්වා බැලුවා කොහෙවත් නෑ
කුණු බක්කියෙවත්ද?

කුණු බක්කිය සොයා ගොස් එබී බැලුවෙමි
මෙන්න

මගෙ හදවතයි මනසයි දෙකම...!!
උන්ඩි කරල ඒක ඇතුලෙ.......

ඒ කියන්නෙ මම වීසි කලේ......
......??

බන්දුල නානයක්කාරවසම් මහතාණනි, රෑ ඉර පානට සුබ පැතුම්
මම
අකිල ජයසන්ඛ.
කුලියපිටියෙන්.
 
Date of Posting: 05 April 2014
Posted By: Akila Jayasanka
දැන් වසර දෙකකට ආසන්න කාලයක් අපි ජීවත් වෙන්නෙ මවු රටින් ගොඩක් ඈත රටක. අන්තර් ජාලයේ සැරි සරන්නෙ කම්මැලි කමටත් එක්ක. මොකද ඉතින් කම්මැලි හිතුනා කියලා අල්ලපු ගෙදරට ගිහින් කතා කර කර ඉන්න පුළුවන් එකක්යැ මෙහෙ....ඔහොම අන්තර් ජාලයේ සැරි සරන වෙලාවක දැක්කා අමුතුම පින්තූරයක්, බන්දුල නානායක්කාරවසම් කියන සොඳුරු මිනිසාගේ රුවත් සමඟ...හොයා ගත්තා වැඩසටහන....බාගෙන දාගත්තා phone එකට. දැන් bus එකේ යනකොට පාලුවක් නැහැ.... ලංකාවෙ ඉන්නව වගේම තමයි. සමහර වෙලාවට වැඩට නොගිහින් කෙලින්ම ගුවන් තොටුපොලට ගිහිල්ලා ලංකාවට යන්න හිතෙනවා බන්දුල මහතා කියන දේවල් ඇහුනම. දැනෙන්නෙ හද පතුලටමයි. සරලයි සුන්දරයි......
 
Date of Posting: 05 April 2014
Posted By: Nelum

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 23 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*