Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

රෑ ඉරපානට මේ පුංචිම පුංචි පරාවර්තන කදම්බය ලියන්න හිටියේ මීට සති දෙකකට කලින්. සති දෙකක ප්ර මාදයට හේතුව මම අන්තිමට කියන්නම්.බොහෝ අය වගේ මමත් රෑ ඉරපානට ගොඩවැදුනෙ අහමිබෙන්.

රූපවාහිනියත් ගුවන් විදුලියත් කියන්නෙ මගෙන් ටිකක් (බොහෝ) ඈත කරුණු දෙකක්. හේතුව මගේ කාර්ය බහුලත්වය නම් නෙවෙයි, ඒ මගේ නොකැමැත්ත. මේ වියෝගය නිසා මගේ ජීවිතයේ ඇතිවුනු රික්තකය මම පිරෙව්වෙ මම දන්න කාලෙ ඉඳල මම එකතු නරන මගේම ගීත එකතුවෙන්. ඒ ගීතවල හොඳම සාරය මම තියාගත්තෙ මගෙත් එක්ක තනියට පුංචි පෙන් ඩ්රෝයිව් එකක. ඒ මගේ මොටර් රථයේ සංගීත වාදකයෙ. මේ ගීත එකතුව කාලෙන් කාලෙට අළුත් උනා. ඒ උනාට
ඒවත් පරණ ගීතම තමයි!

වැලිමඩ ඉඳන් දියතලාව යුධ හමුදා මූලික රෝහලට මම රාජකාරි සඳහා යන්නෙ විනාඩි 45 පමණ කාලයකින් මහා දඟර ගැහුනු නොහික්මුණු (මගෙත් නොහික්මුණුකම් නොතිබුනාම නොවෙයි) රියදුරන්ගෙන් පිරැණු කඳුකර මාර්ගය පසුකරමින්. ඇතැම් දින වලට රාත්රීක වැඩ මුරයන්. නිදි වර්ජිත රාත්රිුයකට පස්සෙ පහුවදා උදේට ඇස්දෙක ඇරගෙන ගෙදර යන එක තරමක අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න මට පිහිටට ඉන්නෙ අර මම කලින් කියාපු මගේ ගීත එකතුව.ගොරහැඩි හඬින් මහ හයියෙන් මෝටර් රථයෙ ගීත ගැයීම පිස්සුවක් තමයි! හැබැයි ඒ සද්දෙට නින්ද නම් පලාතෙවත් එන්නෙ නෑ.

ආයෙත් ආව නිදිබර උදෑසනක්, සිකුරාදා රාත්රි යෙ වරින් වර ප්රුතිකාර සඳහා පැමිණි රෝගීන්ගෙන් මට හොඳහැටියට බාධා වෙලයි තිබුනෙ. මම මෝටර් රථයට නැගගත්තේ ගීතයක් මුමුණමින්, ඒත් අවාසනාවකට (වාසනාවකට) වෙනදට රිදීපාටට දිළිසෙමින් මගේ තනියට ගීත කියපු පෙන් එක, එතන නෑ! මට ඇස් අදහාගන්න බැරි උනා. දැන් කොහොමද මම ඇස් දෙක ඇරගෙන ගෙදර යන්නේ? මම ඉදිරියේ විකල්ප තිබුනේ නැහැ! අකමැත්තෙන් උනත් කරන්න තිබුනෙ එකම එක
දෙයයි, මම රේඩියෝව සුසර කිරීම පටන් ගත්ත. විවිධ නාලිකා අතරින් රේඩියොවකින් ඇසේයැයි බලාපොරොත්තු විය නොහැකි ගීතයක් මට ඇසුනා. ගීතයෙන් පස්සෙ ඊටත් වඩා අනපේක්ෂිත කටහඬක්. මේ රෑ ඉරපාන රශ්මි කදම්බය බව මම දැන ගත්තෙ ටික වෙලාවක් වැඩසටහන ඇහුවට පස්සෙ.

ඊට පස්සෙ මගේ හැඟීම් විස්තර කරන එක තමා මහා අමාරු කාරණය. ඒක හරියට ඔබ නිතර කියන අර ඇස්වල මතුවන කඳුළු වගේ. වචන වලින් නම් කවදාවත් විස්තර කරන්න බෑ. විනාඩි 45 ගෙවුනා, මම දන්නෙත් නැතුව ගමනාන්තයටම ඇවිත්. ඒත් රැ ඉරපාන නම් තවමත් ගමනාන්තයට එන හැඩක් නෑ! එන්ජිම නැවතුනා,මම හරිබරි ගැහුන ආසනය මතම. නිදහසේ රෑ ඉරපාන අහපු මම වෙනදටනම් හොඳට නිදියනව නිදිමත යනකම්. ඒත් එදානම් ඊට වඩා වැදගත් වැඩක් තිබුනා.අන්ර්ජාලයට පිවිසිලා පරණ රෑ ඉරපාන වැඩසටහන් සෑහෙන ප්ර්මාණයක් බාගත්තෙ තාක්ෂණයට පින්දෙන ගමන්.

ඉතින් පුරා සති දෙකක් තිස්සෙ ඔබට ස්තූති නොකරම රෑ ඉරපාන අහන්න මම ආත්මාර්ථයෙන් කටයුතු කලා. සමාවෙන්න ප්රමමාදයට!

දැන් මගේ පෙන් ඩ්රතයිව් එකේ පිරිල තියෙන්නෙ ඔබේ රෑ ඉරපාන රශ්මිය. එය කළණ මිතුරකු වගේ මගෙ පාළුව මකනව මොටර් රථයෙ ඇතුලෙ ඉඳගෙන.
රිය පැදවීම දැන් පෙරට වඩා හෙමින්, පරිසරය වෙනදට වඩා සුන්දරයි, රථවාහන තදබදය ඇතුලෙ කලෙය ගෙවන්නෙ තෘප්තිමත් හැඟීමක් එක්ක ඒ තවත් විනාඩියක් හරි වාඩිපුර රෑ ඉරපාන විඳින්න ලැබෙන නිසා.

මව් බස නෙමරා මරණ රේඩියෝ යුගයක ඔබේ වෑයම හරියට කතරක ක්ෂේම භූමියක් වගේ. ඔබට තුති!
අනුරුද්ධ ලේකම්ගේ
(වයස 31)
 
Date of Posting: 05 April 2014
Posted By: Anuruddha alekamge
බන්දුල සහෘදයානනි,

ඔබ විසින් ඉදිරිපත් කරන රෑ ඉරපාන නම් වැඩ සටහන මෙතෙක් කලක් එෆ් එම් නාලිකා ගත් ගමන් මග සාර්ථකව,ඵලදායීව හා අරථාන්විතව වෙනසකට ලක් කර සියලුම මට්ටම් වල ප්රේික්ෂක සිත් සතන් අමන්දානන්දයට පත්කර ජනමන සුවපත් කරමින් ජනජීවිතයට යම් අරුතක් එක්කර යහමගට ප්රපවේශ කිරීමට ගන්නා වෑයම ප්රකසංශනීයයි. එය සීඝ්ර යෙන් වල්මත් වී විනාශයට හා අගාදයට යන සමාජය නිසිමාර්ගයට ගැනීමට දෙන්නා වූ තල්ලුවකි.

එය සමාජයට විශ්වඅධ්යාදපනයක් ගෙනෙන වැඩසටහනකි. වෙනත් වචන වලින් කියන්නේ නම්, විශ්වවිද්යාලල අධ්යායපනයක් ලැබීමට මගඇහිරුන ප්රේ ක්ෂකයන්ට එය විශ්වවිද්යාමලයකි. එනම් ඉතිහාසය, සාහිත්යීය (ගීත හා කාව්යර) දර්ශනය, ආචාර ධර්ම, චාරිත්රව වාරිත්ර , සිරිත් විරිත්, සාමය, සහජීවනය, ආගම දහම,
සමාජවිද්යා්ව, යහපත් ගුරු - ගෝල, ස්වාමි - භාර්යා, දෙමාපිය - දූ දරු සබඳතා, නායකත්වය, පෞරුෂත්ව සංවර්ධනය යනාදී එකී මෙකී නොකී විවිධ වූ විෂය දැනුම පිපාසිතයන්ට විශ්වවිද්යාාලයක්ම වූ බව කිව යුතුමය. (රෑ ඉරපාන සියලු වැඩසටහන් සාවධානව සවන්දුන් සැමට මා කර ඇති විග්ර්හයේ
සාධාරණීය බව වැටහෙනු ඇත.)

ඉහත දක්වා ඇති කරුණු නිසා දූ දරුවන්ට ඔබ ගුරුවරයෙකි, සමාජය නැමති වීශ්වවිද්යාධලයේ දැනුම පිපාසිතයන්ට ඔබ ආචාර්යවරයෙකි/මහාචාර්යවරයෙකි. ජාතියේ නැණස පෑදීමට ජාතියේ පිනට මෙලොව ජන්ම ලාභය ලැබු ඔබවැනි කලාකරුවන් ජාතියට දායාද කල දෙමාපියන්, ගුරුදෙවිවරුන්ට හා ඔබ උගත්
විදුහල් මාතාවන්ට ජාතියේ ප්රටණාමය හිමිවේවා!
“TEACHER” ගුරුවරයා යන
ඉංග්රීAසි වචනයේ තේරුම පහත දක්වමි.

T - Talent (බොහෝ නිපුනතා, කුසලතා හා සහජ
දක්ෂතා සතුවීම)

E
- Efficient ( කාර්යශූර වීම)

A
– Attitude (යහපත් ආකල්ප වලින් පොහොසත්වීම)

C – Character (නිකලැල්
චරිතයකින් යුතුවීම)

H
– Heart (කාරුණික හදවතක් සතුවීම)

E
– Explorer (යාවත්කාලීනව දැනුම ගවේෂනය කරන්නෙකු වීම)

R
– Result Oriented (අපේක්ෂිත ප්රමථිඵල ඉදිරිපත්කිරීමේ හැකියාව)

FM Derana නාලිකා ප්රවධානීන්ට,

අලෙවිකරණයේ
පාඩම

ශ්රීි
ලංකාව ඇතුලු ආසියා රටවල අලෙවිකරණය නම් යම් භාණඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමට වෙළඳ
දැන්වීම් හෝ වෙනත් උපාය මාර්ගයන් භාවිතා කරමින් පාරිභෝගිකයා, එම භාණ්ඩ හා සේවා
ලබාගන්නා තත්වයට පෙළඹවීමයි. නමුත් ගෝලීය අලෙවිකරණය නම් පාරිභෝගික අපේක්ෂා හා
උවමනාවන් හඳුනාගනිමින් පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට භාණ්ඩ හා සේවා ලබාදීමයි.

මෙම මූලධර්මයට අනුව කටයුතු නොකර පටු
ආකල්පවාදී පුද්ගලයන් පිනවීමට රෑ ඉරපාන වැඩසටහන නතර කරදැමුවහොත්, ඔබ නාලිකාව වෙත එම
වැඩසටහන නිසාම ආකර්ශනය වී සිටින ප්රේනක්ෂක ජනතාව ඈත්වීම කඩිනමින්ම සිදුවීම
අනිවාර්යය.

අතර මග
වැඩසටහන ඇනහිට ඇති මෙවන් අවස්ථාවක මෙහි ඇතිවටිනාකම පිලිබඳව මෙවන් පැහැදිලි කිරීමක්
සිදුකිරීමට මා පෙළඹවූයේ මා හට මග නොමග කියාදුන් දෙමාපියන් හා ගුරුදෙවිවරු නිසා උසස් හමුදා නිලධාරියකු වීමේ භාග්යේයෙන්, විවිධ
ස්ථරයන් වල සිටින බොහෝ දැන උගත් පුද්ගලයන් බුද්ධිමතුන් ඇසුරුකිරීමට මා ලද භාග්ය යවන්ත
අවස්ථා හා බොහෝ පොතපත හා ඇසුපිරූ තැන්හි මා ලද දැනුම් සම්භාරයම බව කිව යුතුමය.

මේජර්
නිශාන්ත.
 
Date of Posting: 05 April 2014
Posted By: Major Nishantha
@29b1d5eb4c677af28baa1abdde6d657b Dont think like that... Oya hithaganna e oyage ischole genai kiyanne kiyala.. mang Galle ipaduna Richmond giyapu kenek widiyata sahenna hangeemak danenawa e katha ahaddi...
 
Date of Posting: 05 April 2014
Posted By: Sajith Kariyawasam
Ane ehema hithanna epaa.Oyaata oyaage iskole kaale mathak venne nedda.
 
Date of Posting: 05 April 2014
Posted By: Sudarma
රෑ ඉර පානට මම කැමතියි.හැබැයි ගාල්ල ගැනයි රිච්මන් එක ගැනයි නම් අහල එපා වෙලා. ඒවා මට අදාල කරගන්න උත්සහ කලත් පෑහෙන්නෙම නෑ. ගාල්ලේ අයටයි අර ඉස්කෝල අයටයි නම් ඒවා 'මරු' ඇති. ඒවා තව දුරටත් තිබුනොත් නම් 'අපරාදේ programme එක!!!!!!!!!!!!!!!!!
සමින්ද රත්නායක - බදුල්ල
 
Date of Posting: 05 April 2014
Posted By: Samindarathnayaka
ඔබෙ මුව සිනා මට හිමි නැති නිසා ඔය හිතට ලංවන්න බැරි වුනා ඒ හිත අද්දරට ඔබම යළි ආ නිසා ඔබෙ කදූළ පිසලන්න වුනා ... එදා සසරෙදිත් අප සිත් බැඳි ඇති කදුළට ඉඩ දි වෙන් වි යන්න ඇති එදා මෙන් යළිත් සිත් හමුවෙලා ඇති අපේ ඉරණමත් දෙවියන් අතේ ඇති දෙනෙත් පුරා ඔබෙ රැව තවරාලා ඔබෙ සිනහා මල් දකිනවා වෙන්වෙනා දිනක කදූළැලි පිනි ඉසලා ඔබෙ ලගින් සොදුර මා මියෙනවා
 
Date of Posting: 05 April 2014
Posted By: Kelum
It is unfair for us not discussing about songs written by you. Who knows the background of your owns songs better than you. I do not agree with your principles.

One more thing, don't put advertisements in between your programme.Better not to have any. It it is really necessary, it can be at the the beginning and end of the programme.
 
Date of Posting: 05 April 2014
Posted By: pw
එලිසම නොගැලපී නොලිවුන පැදි පෙලට
අඩු පද යොදා එව්වේ මිතුරෙකි ඔබට
කිසිවක් නොකීවමි සලකා මිතුදමට
යලි සකසා එව්න්නෙමි මම මේ ලෙසට

===========================================================

උතුරා ගලන ගී ගඟුලක මිහිර පිරී
පෙරදා කතා ඔබ ඈඳන ඊට සරී
අහනව මැදදි ඇඩ් දැම්මත් කොහොම හරී
රෑ ඉර පායද්දි ගණඳුරු පටල ඉරී

සැමදා නෑසුනත් නුහුරක් නැති කණට
ගී පද අරුත් සබැඳුන පුවතුත් රහට
ගුවනින් ඇසෙද්දී සවනට නොව හිතට
කඳුලක් නැගෙනු වලකනු කෙලෙසද ඇහැට

පනහත් පනින්නයි ලඟදිම ලේස්තිය
දන්නේ ඔබයි ඒකට උන මහන්සිය
පීක් එකලු ලං වෙද්දී අඩට සිය
මට සැක හිතෙනවා ගැන මේ හදිස්සිය

පනහක් ගැහු නිසා උඩ ගහලා බෝලේ
පෙර පෙල දැවී ගොස් මැච් පැරදෙන තාලේ
පරිණත විචාරකයෙක් වන් අද කාලේ
බන්දුට පන්දු ගැන කිව්වා නොව මෙවෙලේ

===========================================================
 
Date of Posting: 05 April 2014
Posted By: Madhuranga
උතුරා ගලන ගී ගඟුලක මිහිර පිරී

පෙරදා කතා ඔබ ඈඳන ඊට සරී

අහනව මැදදි ඇඩ් දැම්මත් කොහොම හරී

රෑ ඉර පාන නම් අම්මප එලම කිරී

සැමදා නෑසුනත්
නුහුරක් නැති කණට

ගී පද අරුත් සබැඳුන පුවතුත් රහට

ගුවනින් ඇසෙද්දී සවනට නොව හිතට

බොක්කෙන් කියන්නේ ඇඬෙනව තනි ඇහැට

පනහත් පනින්නයි
ලඟදිම ලේස්තිය

දන්නේ ඔබයි ඒකට උන මහන්සිය

පීක් එකලු ලං වෙද්දී අඩට සිය

මට සැක හිතෙනවා ගැන මේ හදිස්සිය

පනහක් ගැහු
නිසා උඩ ගහලා බෝලේ

පෙර පෙල දැවී ගොස් මැච් පැරදෙන තාලේ

පරිණත විචාරකයෙක් වන් අද කාලේ

බන්දුට පන්දු ගැන කීවා නොව රාලේ
 
Date of Posting: 05 April 2014
Posted By: Madhuranga Nanayakkara
සිංහල ගීතයේ ස්වර්ණමය යුගය වන 70 දශකයේ ඉපදිලා හිටියේ නැති උනාට 70 දශකය ඉවරවෙච්චි ගමන් ඉපදුන පරම්පරාවට මමත් අයිතියි.
අද නැති කිරි අම්මගේ උකුලේ ඉඳගෙන, ලස්සනට ගොමමැටි ගාල තිබුන ඉස්තෝප්පුවේ කනප්පුවක් උඩ තියල, හතර වටේටම ඇහෙන්න දාපු, බැටරි කෑලි 3කින් වැඩකරන රේඩියෝ එකේ ගිය සින්දු හරියටම මතක නැති වුනත් ,
හීනෙන් ගාපු සුවදක් වගේ මුළු ජීවිතය පුරාවට මතකයි.
හරියට ටෙලිවිෂන් එකක් දැකල නැති උනත් ලෙඩවෙලා බෙහෙත් ගන්න ගියාම රඹුක්කන ඩී .ඇම් . ඕ මහත්තයාගේ බංගලාවේ ඉස්තෝප්පුවේ තිබුන ටෙලිවිෂන් එක දිහා කට ඇරගෙන බලාගෙන හිටපු, බෙහෙත් අරන් එනගමන් " චම්පා හෝටලේට " ගිහින් අයිසින් මල් දාපු කේක් කැල්ලක් උස්සගෙන කටත් ඇරගෙන එතන ටෙලෙවිෂන් එකත් බලපු මම ,
අද ලංකාවේ එහා කොනේ , මන්නාරමේ, වෛද්යි නිල නිවාසයේ කාමරයට වෙලා, ලංකාවේ කිසිම රේඩියෝ චැනල් එකක්වත්, TV චැනල් එකක්වත් අහුවෙන්නේ නැති හින්ද, android ෆෝන් එකෙන් FM දෙරණ වෙබ් සයිට් එක අහගෙන ඉන්නකොට ,
අවුරුදු තිස් ගානකට කලින් කිරි අම්මගේ උකුලේ ඉඳන් අහපු ගීත...... අපූරු කතා එක්ක .......ඒ සිහිනෙන් ගෑ සුවඳ මට ඇත්තටම දැනෙන්න ගත්තා . හරිම රහයි බන්දුල මහත්තයෝ.
මම ree ඉරපාන පැරණි කදම්බ සේරම බාගත කරගෙන ආදරෙන් තියාගන්නවා.... මොකද...තවම හරියට ඇවිදින්නවත් බැරි පුංචි පුතත්, බිරිඳගේ කුසේ ඉන්න මෙලොව එලිය නොදුටු පැටියත් ( අතුරු කතාවක් : ඔබේ " සුදු අත්පොව්වෙක්" ගීතය හරියට අවුරුද්දට හදපු කිරිබතක් වගේ, හරිම රහයි ) ලොකු උනාම උන් දෙන්නටත් මට පුංචි කලේ දැනුන සුවඳ දැනෙන්න ඕන නිසා.....

රෑ ඉරපානටත් .... බන්දු මහතාටත්, රෑ ඉරපාන කාර්යමණ්ඩලයේ සැමටත්.... තුනුරුවනේ සරණයි.

මම වෛද්යට කැලුම් විජයරත්න
 
Date of Posting: 05 April 2014
Posted By: Kalum wijayarathne

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 25 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*