Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

බන්දුල නානායක්කාරවසම් සහෘදයාණෙනි,
ඉතා ම අපූර්ව හෝරා දෙකක්!(2012/06/24) කලකට පසු ඔබ ඉතාම නිදහසේ ගීත එකින් එක අමුණමින් වැඩසටහන ඉදිරිපත් කළ බව දැනුණා. හරිම මනරමි ගලා යාමක්. සමුගැනීමේ නිමේෂයේ හැඟුම්බරව ඔබ තැබූ “ තිත “ අපට පවසන්නේ ඉඟියක් ද?හැබැයි නැවුම් බලාපොරොත්තුවක් ද අමුණමින්. පවසන්නට ඇති දෑ පසුවට තබමි. ඔබ අපට ජීවත් වන්නට ඇරයුම් කරන බව පමණක් දැනට පවසමි.
 
Date of Posting: 05 April 2014
Posted By: තුසිත කුමාර
මුලින්ම මේ වචන කීපය ආරම්භකල යුත්තේ රුහුණ විශ්ව විද්යාහලයේ ශාස්ත්රද පීඨයේ ආචාර්ය මොරකන්දේගොඩ අරියවංශාලංකාර හිමියන් මීට වසරකට කලින් ගීත
විචාරයදී මා විසින් ඇසූ පැනයකට ලබාදුන් පිළිතුරක් හා බැඳුණු ප්රාකාශයකින්මයි, “දැන් තියෙන්නේ හිතට වදින ගීත කලාවක් නොවෙයි, දැන් තිබෙන්නේ කකුල් දෙකට වදින ගීත කලාවක්. හිතට වැදුණු, හදවතේ හැඟීම් එක්ක සම්මිශ්ර ණයවෙලා අපේ ජීවතයේ සොඳුරු සිතුවම් නිර්මාණය කරපු ගීත කලාව වලපල්ලට ගිහින් ගොඩක් කල්“. මේ ප්රුකාශයත් එක්ක මම මේ වචනයක් කතාකරන්න සූදානම් වෙන “රෑ ඉරපාන“ කොතරම් එකට එකක් ගැලපෙන සාධකයක්ද යන්න ඔබ රෑ ඉරපාන රසවිඳි
කෙනෙක්නම් ඔබට එය ප්ර“ත්යකක්ෂ කරගන්න පුළුවන්. ඇත්තටම ඒ වලපල්ලට ගියපු, අගාධයන් තුලට ගිහින් සැඟවිලා තියන සිංහල ගීත කලාව නව ආරකින් ගොඩගන්න මෑතකාලීනව කරන ලද එක්තරා ආකාරයක ආකර්ශණීය ගනයේ වැඩසටහනක් ලෙස “රෑ ඉරපාන“ නම් කරන්න පුළුවන්. කසිකබල් වාක්යන රචනා ඩිජිටල් සංගීතයේ ආභරණයෙන් හැඩවෙලා වත්මන් පරපුරේ විදග්ධ රසිකත්වය ගිලගනිද්දි එයට ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න “එෆ්.එම් දෙරණ“ සහ එහි නිර්මාණකරුවන් එක්වීම ඉතාමත් කාලෝචිත සිදුවීමක් බව සඳහන් කල යුතුමයි.

වර්තමානයේ කලාකරුවන් රාශයක් කොළඹ කේන්ද්රි කරගෙන සිය ජීවිතය තරඟයකට එක් කරලා තිබෙන සමයක දකුණේ ඉපිද තවමත් දකුණේ දුහුවිල්ලේ සුවඳ, මද පවනේ සිසිල විඳින ගීත රචනාවෙන් පමණක් නොවෙයි ගීත වින්දනයට ඉඩ ලබාදෙන සොඳුරු කලාකරුවෙක් ලෙසින් බන්දුල නානායක්කාරවසම් කලාකරුවාණන්ද මෙයට එක්කර ගැනීම මා දකින්නේ මී කිරට පැණි එක්වීමක් ලෙසින්. ගාල්ල බෝපේ,වටරැක,කලේගාන ප්රසදේශවල ජීවිතයේ පැටි අවදියේ ලද අත්දැකීම් මෙන්ම වර්තමානයේ මාතර දෙවිනුවර හා කැකණදුර අතර බිම්කඩක ජීවත්වෙමින් සොදුරු මාතර ගැන මෙන්ම දකුණේ ඇස නොගැටෙන මානයේ සොදුරු මෙන්ම සංවේදී සිදුවීම් ගණනාවක් සිංහල රේඩියෝව නව ආරකින් රසවිදින හැමදෙනාටම තිළිණ කරන්න තමන්ගේ ජීවිතය ගෙවන වටපිටාවත් කොතරම් වැදගත්ද කියලා මැනවින් පෙන්වා දෙනවා. මමත් මාතර කැකණදුර මොටාගෙදර ඉපිද තවමත් එහි ජීවත්වෙන, මාතර පුරවරය දෑතේ අත්ල මෙන් හඳුනන අයෙක් බැවින් නිහතමානී ආඩම්බරයකින් කතාකල
හැකියි.

පුරවර සුසැදි මාපුර සුරවන් පවර
දෙනවර තෙදැති එඩිබල මහබඹු සුනෙර
ඇතිතර සිතැති මිනිසුන් වසනා මෙපුර
සුරපුර සදිසි මාතර මිස අන් කවර

මෙලෙසින් මාගේ පන්හිඳෙන් මාතර ගැන ලියවෙද්දි මේ කවිපද හතරේ මුල අග එලිවැටට අර්ථයට එහා ගිය යමක් මාතර ගැන පමණක් නොවෙයි නානයක්කාරවසම්
කලකරුවාණන්ගේ ජීවතයේ ගැටුණු සිදුවීම් ගීතයට සමාන කිරීම හා ගීතයකින් එය නිර්වචනය කිරීම ඇත්තටම හරිම අපූරු වින්දනීය අවකාශයක්.ගීතය කෙතරම් ජීවිතයට
ලඟද, එය කොතරම් ජීවිතයට බලපෑම්කල හැක්කක්ද යන්න “රෑ ඉරපාන“ මත්තෙන් ඔහු අපගෙන යන දුර ඔහු අපි දමා එනවානම් හැමදාටම ඒ මිහිර විඳින්නට කොතරම් ඉඩක් තිබුණාද යන්න “රෑ ඉරපාන“ රසවිඳන මොහොතක් පාසාම හදවතට දැනීම වැලැක්විය හැක්කක් නොවෙයි.

ඉරු දින රාත්රිහයට නිවසේ රේඩියෝව හෝ ජංගම දුරකතනයේ සුසර කිරීම දෙරණ මත නතරවීමෙන් කපිල පූගලආරච්චි කලාකරුවාණන්ගේ නද මුසුවෙන් හා නෙලූ අධිකාරී කලාකාරිණියගේ හඬ මුසුවෙන් ඇරඹෙන්නේ හද ගැස්මත් වෙනස්ම අයුරින් භාවනාවකට ගෙන එමින්.බන්දුල නානායක්කාර ශූරීන්ගේ වදන් වලින් කියන “රෑ ඉරපාන“ රාත්රිුයට සැබෑ ඉරක්වන්නේ භෞතිකවම පමණක් නොවෙයි, ගීත කලාවේ අඳුරු රාත්රි යට දිනකර වන්නට හැකවීමම මහා පිනක්වනු නොඅනුමානය.

බන්දුල නානායක්කාර කලාකරුවානන් “රෑ ඉරපාන“ දී නිතරම ක්රිපකට ක්රීාඩාව ගැන විවිධ දේ ගීතය ආසන්න කරයි. දෙරණ ආයතනය වෙනුවෙන් නිලේන්ද්රප දේශප්රිාය මහතාගේ නිර්මාණයක්ව බන්දුල නානායක්කාර ශූරීන්ගේ හද ගෙත්තමට හැඩවෙන “රෑ ඉරපාන“ත් හරියටම ක්රිනකට් ක්රී්ඩාවේදී අප නිරතුරුවම සඳහන් කරන “හුදෙකලා ඉනිමක්“ වැනිය. ඒ මන්ද බහුතරයක් ගුවන් විදුලි නාලිකා හෙල ගීත කලාවේ රසය අමු අමුවේ මරාදමමින්, වින්දනීය විදෙස් ගීත වල වින්දන මානය මොට කරමින් හරවත් ගීත කලාවේ මිනීපෙට්ටියේ අවසන් ඇණයත් ගැසීමට සූදානම් වන මොහොමතක “රෑ ඉරපාන“ කරන “හුදෙකලා ඉනිම“ කොතරම් වැදගත්ද යන්න රසික ප්ර“තිචාර වලින් මනාකොට වැටහෙනවා ඇති.

“රෑ ඉරපාන“ වෙනුවෙන් වචනයකට වඩා මගෙන් කියවෙන්නට ඇත. නමුත් එය මහිතට ප්රහමාණවත් නොවන නමුත් අකුරු කරනවාට වඩා එය විඳින්නට තවත් පිරිස් යොමුකිරීම වඩා යෝග්යපබව විශ්වාස කරමි.

නගන්නට අරුත්බර හිස් රැසක්
හදන්නට ගිනි ගෙන දැවෙන හිත් රැසක්
වරම් ලැබේවා තව බොහෝ කල්
රකින්නට මෙ සොඳුරු හිතැති හිත්

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්ර . මොටාගෙදර. කැකණදුර
 
Date of Posting: 05 April 2014
Posted By: Janaraga Vijaidu Dewasurendra
කලකින් ඇසූ අපූරු ගුවන් විදුලි ගීත වැඩසටහනක්... අහම්බෙන් මූනු පොතේ මිතුරකු දැමූ ඒ යූ ටියුබ් 3 වෙනි වැඩසටහන දුටු දින සියලු වැඩ පසෙකලා පලමු වැඩසටහන් 3 ම ඇසුවෙමි... එදා පටන් නොවරදවා අසමි...

සමහර වැඩසටහන් 2 - 3 වතාවක් නොව 4 - 5 ගමනක්ම අසා ඇත... රිච්මන්ඩ් විදු පියස ගැන කියවෙන සමහර තොරතුරු වලට මගේ දැස් තෙත් වන්නේ පාසල් සමය සිහියට නැගීමෙන්...

ඔබට දෙරණ ආයතනයටත් පින් මේ කර්තව්ය්ට.
 
Date of Posting: 05 April 2014
Posted By: Janith Ayemal
මම ගාල්ල,හපුගල පිහිටා තිබෙන රුහුණ විශ්ව විද්යාවල ඉංජිනේරු පීටයේ ප්රාථම වසරේ ඉගනුම ලබන ශිෂ්යලයෙක්...ඉතින් මම දුම්රියෙන් හෝ බස් රථයෙන් ගෙදර ඉදන් ගාල්ලට ඇවිත් එතනින් හපුගලට යද්දී ඔබ ගීත සදහා යොදාගන්නා ප්ර.ස්තුත විශාල ප්රෙමාණයක් මගේ දෑසින් දකිනවා.එතින් රෑ ඉර පාන අහන්න කලින් මම ඒවා දැක්කේ අන්ධව..ඒත් මට දැන් දැනෙනවා දිරාගිය ගහක කොළයකටත් ලස්සන කතාවක් තියෙනවා කියල.ඒ දැනෙන්නේ ඔබේ රෑ ඉරපානේ පන්නරයෙන්.....
 
Date of Posting: 05 April 2014
Posted By: Suramya Amal
ඇයි රෑ ඉරපාන දැන් නතර කරලා.....වැඩකට නැති හරසුන් වැඩසටහන් 10 කටත් වඩා වටිනාකමක් තිබුනු රෑ ඉර පාන නතර කිරීම නම් මහා අපරාදයක්....මම ආසාවෙන් අහපු වැඩසටහනක්.ඇත්තම කියනවනම් 92.4 කියන මීටරේ කරකැව්වෙ සල්ලි හොයන්න නෙවෙයි.ඊට වඩා වටින ආනන්දය හොයාගෙන.92.4 දෙරණ කියල කියනවාට වඩා රෑ ඉර පාන කිවුවනම් හොදයි.වැඩසටහන ආයෙම කරගෙන යන්න.මොකද පිපාසිතයො ඕන තරම් ඉන්නවා.පොඩ්ඩක් හිතන්න. වින්දනය කියන්නේ සල්ලි නොවෙයි.සල්ලි ගන්න රේඩියෝ අහන කෙනෙක් නෙවෙයි මම.අන්න ඒ නිසාම මේ වැඩසටහන් ආයෙම කරන්න.
 
Date of Posting: 05 April 2014
Posted By: kasun S naravitage
හොඳ ගීතයක් ඇහුවම ඇඩෙනවා කියල කියුවේ ඔබමයි..රෑ ඉර පාන අහන මේ වෙලාවෙත් කදුළක් වැටෙන්නේ මොකද කියල මට හිතාගන්න පුළුවන්..අමිහිරි ගෝෂාකාරී ගීත නිසා ගුවන්විදුලිය අතහැර දමාපු මම අයෙමත් ගෙදර රේඩියෝවට ආදරේ කරන්න පටන් අරගෙන.."ආරාධනා ස්වර දැහැන" ඇහුවට පස්සේ ආසාවෙන් හිතේ පුදුමාකාර ලෝබ කමකින් අහන එකම වැඩසටහන..ඔබටත් දෙරණ රේඩියෝවටත් පිං..
 
Date of Posting: 05 April 2014
Posted By: pi
ඊයේ රෑ 7.00 විතර අහන්න පුළුවන් වැඩසටහනක් හොය හොයා අන්තර්ජාලයේ සැරි සරනකොට අහන්බෙන් වගේ දෙරණට ගොඩ වැදුනා....................
එතෙනදී මම රෑ ඉරපාන කියල අමුතු නමක් දැක්කා.........මම පලවෙනි sound clip 1 ඇහුවා..............මම දෙවැනි sound clip 1 ඇහුවා..........
"පුතා බත් කන්නේ නැද්ද?" අම්මා ඇහුවා..........මම වෙලාව බැලුවා එතකොටත් 10ට අඩු තව විනාඩි තුන හතරක්......
මේ වගේ යුගයක අපිට රෑ ඉරපාන වගේ වැඩසටහනක් ලබා දෙන ඔබට හුගක් ස්තුතියි බන්දුල අයියේ...............
 
Date of Posting: 05 April 2014
Posted By: Sameera
2012/07/22 dina 47 weni kadambaya
 
Date of Posting: 05 April 2014
Posted By: Guest
මෙය 2012. 07. 29 වෙනි දින ප්රනචාරය වූ වැඩසටහන (47 වෙනි කදම්බය) ප්රෙමකීර්තීහු ගැන වැඩසටහනයි.
 
Date of Posting: 05 April 2014
Posted By: siyathu seeya
@disqus_4WiKg7vFmo , Prem ge wedastahana giyapu dawasa kawadada?
 
Date of Posting: 05 April 2014
Posted By: Sajith Kariyawasam

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 26 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*