Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

රෑ ඉරපාන අහද්දී හදවතින් අඬපු දවස් බොහොමයි. ඒත් දෙනෙත් වලින් අඬපු දවස තමයි ප්රේම් අය්යියගේ වැඩසටහන. හදවතින් මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් ඔබවන් සුන්දර මිනිසකු මට මගේ ජීවිතයේ අගබාගයේදී හෝ හමුවීම මට මහත් සතුටක්. රෑ ඉරපාන වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දරවූ වැඩසටහනක් ගෙන ඒමට ඉදිරිපත් වූ දෙරණ ගුවන්විදුලියටත් එය ඉදිරිපත් කරන අපේ කලේ සුන්දර මිනිසා වූ ඔබටත් මගේ හර්දයාංගම උත්තමාචාරය.
නිරන්ජන්
 
Date of Posting: 05 April 2014
Posted By: Niranjan
Re irapana programme eka mama comment kale kvi walin
 
Date of Posting: 05 April 2014
Posted By: nilmini
01. රෑ ඉර පානෙන් එළිය වෙන අංගමුව විදු මව

2012 පටන් ගන්නෙ රෑ ඉර පානේ මනරම්, නැවුම් (සිතිවිලි) සිත්තම් ගොන්නත් එක්ක. ඇයි මේ දුර්ලභ, සොඳුරු අත්දැකීම තව තවත් බෙදා හදා ගන්නෙ නැත්තෙ? 2012 අළුත් විදියකට ආරම්භ කරන්න සිතපු සිතිව්ල්ල පල දැරුවෙ අනුරාධපුර, රාජාංගනය, අංගමුව යාය 06 මහා විද්යාුලයටත් රෑ ඉර පානේ සෞම්යු රැස් කරණ එබිකම් කිරීමත් එක්කයි. වසර 4ක විතර ඉදල උදේ 6.45 - 7.30 පාසල ආරම්භය දක්වා කාලය අපි භාවිත කළේ දරුවන්ගේ දෙසවනට යහපත් ගීත ඇසෙන්නට සැළැස්වීමටයි. (ඇත්තට දරුවන්ට විතරක් නොවෙයි ගමේ සැළකිය යුතු වපසරියක බාල,වැඩිහිටි, මහලු බහුතරයකටත් පාසලේ ලව්ඩ්ස්පීකර දෙක හරහා මේ අත්දැකීම ලැබෙනව.) පණ්ඩිත් අමරදේවයන්, සුනිල් එදිරිසිංහයන්, සෝමතිලක ජයමහ , නන්දා මාලිනිය, ගුණදාස කපුගේ සුනිල් ශාන්තයන් ආදී මෙහි නම් සඳහන් නොවුණු යහපත් කලා ශිල්පීන් බහුතරයකගේ ගීත පමණක් නොවෙයි 70 දශකයේ බිහිවුණු ළමා ගීතත් අපි (තොරතුරු තාක්ෂණ විෂයය හදාරණ දරුවන්ගේ මැදිහත්වීම සමඟ) මේ හැමෝගෙම ශ්ර වණ පද්ධිතය හරහා මනැසට ඇතුල් වෙන්නට සළස්වලයි තිබුණෙ.

2012 දී අපේ මේ සම්ප්රමදාය තරමක් වෙනස් අතකට යොමු කරන්න අපි හිතුව. සෑම සතියකම අඟහරුවාදා සහ බ්ර2හස්පතින්දා දින දෙක උදෑසන එකී වේලාව අපි රෑ ඉර පාන වෙනුවෙන් වෙන් කළා. CDMA වුණත් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා රෑ ඉර පානේ පසුගිය කදම්භ විඳින්න ලොකු අපහසුවක් ඇතිවුණේ නැහැ. ළමයින්ට වාගෙම ගුරුභවතුන්ටත් තරමක් කුහුළක්! “මොකක්ද මේ රෑට පායන ඉර“ ටිකක් වෙලා යන කොට කට්ටියටම වැඩේ තේරුම් යන්න පටන් ගත්තා. උදෑසන මිදුල අමදින දරුවන් මදකට තම කාරිය අමතක වෙලා රෑ ඉර පානත් එක්ක දැහැන් ගත වෙනව. ආයෙත් මොහොතකින් වැඩේ පටන් ගන්නව. පන්සිල් ගන්න සීනුව නාද වෙන්නත් මිනිත්තු දෙක තුනක් එහෙ මෙහෙ වෙන්නෙ ගීතයක් අවසන් වෙනකම්ම අහන්න තියෙන ආසාව හින්දම වෙන්න ඇති. දැන්නම් වැඩේට දින තුනක් ම වෙන්න කරන්න වෙයි වගේ! මේකත් ගමේ හැමෝටම ඇහෙනව කියල අලුතෙන් කියන්න ඕන නැහැනෙ.

02. රෑ ඉර පානෙන් එළිය වෙන අපේ ජීවිත.

මේක ඇත්තටම ධර්ම දානයක් කියල මම දවසකත් කිව්ව මතකයි. මිනිසත් බවේ පතුළටම එබි බලන්න අපි හැමෝටම ඇරයුම් කරන මේ සුන්දර හෝරා දෙකෙන් ඈත් වෙන්න අපට ඉඩ දෙන්නෙම නැහැ. රෑ 7.00 ට රෑ ඉර පාන අහන්න හරි බරි ගැහෙන කොට මගේ ලොකු දූ වයස 4 නංගිත් එක්ක කරන සෙල්ලම නවත්තල හිමිහිට රේඩියෝව ළඟට කිට්ටු වෙනව. එතකොට නංගි “ ඔයා අහන්නෙම රෑ ඉර පාන නේද“ කියල මට කියමින් තේමා ගීතය ඒ තාලයටම මුමුණනව. හරිම සුන්දරයි. බිරිඳ සමහර ගීත පිළිබඳව තම අතීත විවරණයන් වෙනස් කර ගන්නව. ඇත්තටම බන්දුල නානායක්කාරවසම් නම් වූ මේ කාලෝචිත ඉදිරිපත් කරන්නා (මම නම් කැමති බන්දු අයියා කියන්න) කෙතරම් ප්රයතිභාසම්පන්නදැයි කෙළෙස විස්තර කරන්නද? තම අත්දැකීම් අපි හැමෝගෙම අත්දැකීම් බවට පත් කරමින් කරන මේ උත්තුංග කාර්යයට ඔබට පින්!

8 වෙනි ඉරිදා හවස තඹුත්තේගමින් කෝච්චියට නැග්ගෙ පසුවදා ආරම්භ වන වැඩමුලුවට සහභාගි වන්න කොළඹ යන්න. පැය 5ක 6 ක ගමන. ඉරිද නිසා සෙනඟ වැඩියි. අඹන්පොළ හරියට එනකොට ආසනයක් යාන්තමින් ලැබුණ. හරිබරි ගැහිල වාඩි වුණේ රාවය කියවන්න. මහවට ආව. සියලුම පන්ති වල ආසන වලට අයිතිකරුවන් අරක් අරන්. පුංචි පවුලක් ගොඩවුණා තාත්ත, අම්ම, වයස 1 1/2 ක විතර පුංචි පුතා. අපේ මැදිරියට ඇතුල් වෙලා මට පිටුපාල ඉදිරියට ගිහින් බැලුව තුන් දෙනාම කිසිවෙක් පුංචි පවුලට ආසනයක් පිරි නමන්න උනන්දු වුණේ නැහැ. බලාපොරොත්තු සුන් වුණු පියා ආපහු හැරුණ. මම කතා කළා අතින් ඔහුට, අම්ම පුතත් සමඟ හුරතල් වෙමින් වාඩිවෙලා යනවා. තාත්ත ළඟින් හිටගෙන ඉන්නව සතුටින්.වෙනදට වඩා පරිත්යාතගය ඉක්මන් වුණේ රෑ ඉර පානෙන් ලැබුණු හෘදයාංගම බවින් වෙන්නට ඇති.

මතක් වෙනව පසුගිය කදම්භ අහන්න පුළුවන් නේද කියල. MP 3 Player ය උදවු වෙනව වැඩේට. ආරම්භය හා අද අතර කාලය තුළ බන්දු අයිය වැඩසටහන ඇතුළෙ කොතරම් පරිණත වෙලාද කියල දැනෙනව එහෙම නැවත අහන කොට. (මේක වරදවා වටහ ගන්න එපා. අවතක්සේරුවක් නොවෙයි) රාගමට එනකොට 7 ට ආසන්නයි. මතකයට එනව අද ඉරිදනෙ. Player යේ රේඩියෝව දෙරණ හොයනව. අපිට 92.4 වුණාට කොලඹට වෙනස්නෙ. වෙනස හොයාගෙන යනකොට 94.5 අහුවෙනව වෙනස්ම විදියට. කොටුවට එනකොට නා කපන වැස්ස. හෙණ ගහනව පළාතම දෙදරවමින්. බදාදා රෑ කෝච්චියෙ ආසනයක් වෙන් කරගෙන 10 වෙනි වේදිකාවට ආව අවිස්සාවේල්ල කෝචිචියෙ පන්නිපිටියෙ නවාතැනට යන්න. හෙණ පුපුරනව. ඒත් Headphone එක කණෙන් ඉවත් කරන්නෙ කොහොමද? කුරසෝව ගැනනෙ සිහිපත් කරන්නෙ. වසර දෙකකට පමණ පෙර පාසලේ ළමුන් සමඟ අඟල් 21 රූපවාහිනියෙන් රස විඳි සෙවන් සමුරායි ගැන කියද්දි. 80 දශකයේ මුල පාසල් සිසුවෙකුව සිටියදී කෘෂිරසායන අලෙවි ආයතනයක් මඟින් රෑ කඩමංඩියේ පෙන්වූ “ෂෝලේ “ ඇසිපිය නොහෙලා බලපු අතීතය සිහිපත් කරද්දි. 90 දශකයේ පිටකොටුවෙ, බොරැල්ලෙ කැසට් කඩ පීරල හොයාගත්ත ගොළුහදවතින් තුන්වෙනි යාමයේ හැඳින්වීම කළ අමරබන්දු රූපසිංහයන්ගේ සැගවුණු මිනිසත්කම් ගැන ආවර්ජනය කරන කොට.

ඔබ අපිට ජීවිතයේ සුන්දර ම තැන් මතුකර දෙමින්, වැසී යන මිනිසත්කම මතුකරමින් කරන මේ සමාජ සත්කාරයට හදවතින් ම තුති! දායකත්වය දක්වන සියල්ලන්ටම ත් එක්කම.

03. පසුව ලියමි.

ඔබ කොතරම් නිවැරදිද? 2012 පළමු ඉර පානෙන් ඔබ ජනවාරි පළමු වෙනිදා දිනයේ වර්ෂය පටලවා ගන්නා මිනිස් ස්වභාවය හොඳින් පැහැදිලි කළා. බලන්න කොතරම් ඇත්තද කියලා.( ආදරයෙන් කිවිවෙ. අපි නිවැරදි කරමු.)

තුසිත කුමාර
යාය 07,
අංගමුව
 
Date of Posting: 05 April 2014
Posted By: Thusitha Kumara
Oh my goodness.I had the same feeling while listening to Raaa Ira Paana as Tetsuko Koroyaangyi's book keeps coming to my mind.I started reading the book again.Also I go back to my own childhood events while listening.
Sudarma
 
Date of Posting: 05 April 2014
Posted By: Sudarma
නා නා දෙය කරන
ජන මන සැනසුමට වෙසරද වූ
බන්දුල නානායක්කාරවසම් සහෘදයාණෙනි,

තවත් මොහොතක් හෝ මෙම සටහන තබන්නට පමා කරතොත් එය බරපතල කුහකකමක් බව යටිහිත මුරගානවා. ඒ සමගම මෙය සටහන් තබන්නේ ඔබ වැඩසටහන සමඟ අප අත්වැල් බැඳගෙන සිටින බව සිහිපත් කිරීම සඳහාම පමණක් බවත් මුළින් ම කිව යුතුයි.

රෑ ඉරපාන 32 වන කබම්භය ශ්රුවණය කරමින් ම මෙම සටහන මෙසේ අකුරු කරන්නම්.
දෛවය, ඉරණම ගැන ඔබ කොතරම් නම් ඉරපාන තුළින් තතා කර තිබෙනවාද? විටෙක අභ්යපව්යස ලෙසද යටිහිත කොඳුරන එවන් අවස්ථා නොතිබුණාම නොවේ. වැඩසටහන් 30 ක් නොකඩවා ශ්රයවණය කළ රෑ ඉර පාන 31 වන කදම්භය මඟ හැරෙව්වෙ බක්මහ අකුණූ සරයකින්. විදුලි සම්බන්දතාවය බිඳ වැටී සියල්ල කණපිට හැරවූවා. 31 වන කදම්භය මඟ හැරුණා. අගහරුවාදා උදේ http://www.fmderana.lk වෙත යන්නෙ මඟ හැරුණු 31 වන කදම්භය විඳගන්න. ඒත් තවම උඩුගත වෙලා නැහැ.

මුහුණූ පොතට ගියේ www.facebook.com/rairapaana එතනින්වත් තොරතුරක් ගන්න බලාගෙන. ක්ෂණිකව ඇස ගැසුනේ ඉන්ද්ර නාථ තේනුවරයන් විසින් තබා ඇති ඔබගේ හදිසි අනතුර ගැන සටහන. දහසක් ප්ර්ශ්න මොකද වුණේ? කොහොමද වුණේ? යටිහිත ආ‍යෙත් කොදුරනවා ඔබේ කාර්ය බහුලත්වය, අවුරුදු සමය, යුතුකම්, වගකීම්, හෘදයාංගම සම්බන්ධතා මේ සියල්ල අතර ඔබ අතරමං වුණාවත්ද?

හරියටම අප්රේ,ල් 13 වෙනිදා උදේ සියල්ලටම පිළිතුරු ලැබෙනවා රෝහල් ඇදේ සිටම ඔබ සදාදරණීය මිතුරන් සමඟ රෑ ඉර පාන 31 වන වැඩසටහන හිඩැසක් ඉතිරිවෙන්න නොදී සම්පූර්ණ කරල. කෙතරම් පරිත්යාතගයක්ද? කුමන පාරමිතාවක් ද මේ?. දෙහිවල දනිරු පුතේ ඔබට ගොඩක් පින් බන්දුල මාමගෙ ආත්ම ශක්තිය වැඩි කරන්නට උදවු වුණාට. නැතිනම් අපිට දැනුණ 30 වන වැඩසටහන වෙනකොට මාමාට වෙහෙස දැනිල, මහන්සිය දැනිල විවේකයක් හොයන බව. ඇත්තටම මෙම අනතුරත් එම වෙහෙසකර බවේම ප්රමතිඵලයක් වෙන්නට පුළුවන්. අපිට බල කරන්නට බැහැ ඔබට තවත් හැබැයි ඔබට දනිරු පුතා වැනි දරුවන්වත් අමතක කරන්න බැහැ කියල අපි දන්නව.

මින් පසු සටහන් වන්නේ මාස ගණනාවක් හිතේ තෙරපගෙන හිටපු සිතිවිලි ගොන්නෙන් බිඳක්,
රෑ ඉර පාන හරියට ටෙට්සුකෝ කුරොයානගී ගෙ හරි පුදුම ඉස්කෝලෙ වගේ කියල වෙලාවකට හිතෙනව. පුදුම දේවල්නෙ මේකෙ කතා කරන්නෙ. පාසල් දරුවන් ගෙ පැත්තෙන් හිතුවොත් පාඩම් ගණනාවක්. සිංහල සාහිත්යා, ලේඛකයින්ගෙ තොරතුරු, විදෙස් සාහිත නිර්මාණ, ලංකා ඉතිහාසය, සිනමාව කවිය, මොන විෂය පථයක් ද? මෙහෙම දැනුමක් ලබා ගන්න තවත් තැනක් වෙන කොහෙන් ද හොයා ගන්නෙ?

සැඟවී ගිය, නිසි කළ ඇගයුමට ලක් නොවූ නිර්මාණකරුවන් කී දෙනෙකු නම් ඔබ අපට හදන්වා දී තිබේද? අපේ කලාවියේ පොඩිරත්න අඟමලේ ගැන ඔබ තැබූ සටහන සැබවින්ම නෙතට කඳුළක් එක්කළා. වෛද්යද යසනාත් ධම්මික බණ්ඩාර අප තඹුත්තේගම මූලික රෝහලේ ස්ථාන භාර ‍වෛද්යළ නිලධාරී ලෙස තවමත් කටයුතු කරනවා. “වළාකුළු පෙළින් බහින්න-ඇවිත් මල් ගැබේ නිදන්න “ කිසිදා අප හිත් හැර නොයන ඔහු පබැඳූ ගීතයක්.

ඔබේ ඉදිරිපත් කිරීම තුළ නිතැතින් සිහිපත් වන්නේ ධර්මසේන හාමුදුරුවන්ගෙ සද්දර්ම රත්නාවලියයි. ඔබ ගීයකට සපයන පෙරවදන අවසන විරාමය තබන්නේ සිතා ගන්නටත් නොහැකි ඉසව්වකින්. දැන් නම් අපටත් ඒ ගැන තරමක ඉවත් දැනෙන්න පටන් අරන්. අපිත් දැන් මාස අටකට ආසන්න කාලයක් ඉරපානත් එක්ක ජීවත් වෙන නිසාවෙන්.

ඔබ පසුපස සිටින දැවැන්ත සෙවනැල්ල බණ්ඩාර ගුරුතුමා ගැන අපට දැනෙන්නෙත් ලොකු ගෞරවයක්. ඔහුගෙන් ඔබේ ජීවිතයට ලැබුණූ පිටුබලය කොතෙක්ද යන්න ඔබ අපට පසක් කර හමාරයි. එතුමන්ගේ කෘතීන් අපත් පරීශීලනය කරන්නට කැමැත්තෙන් ඉන්නවා. ලබා ගන්නට හැකි මඟක් කියන්නට පුළුවන් නම් බොහොම පින්.

“ගීත කියන්නෙ මහ පුදුම ජාතියක්“ ඔබ හැම වෙලේම කියනව. ඒක කෙතරම් ඇත්තද කියල යළි යළීත් තහවුරු වන්නෙ ඉරපාන නැවත නැවත ශ්රඉවණය කරන විටයි. ගීතයක් පිටුපස සැඟවී තිබෙන කිසිදා හෙළි නොවන්නට ඉඩ කඩ තිබූ අපූරු අත්දැකීම් ශ්රාකවකයාට දැනෙන්නට සැළැස්වීම, ගීතය නම් කලාංගය ජීවිතයට ගලප ගන්න ඔබ තනන අත්වැල අගයන්නට වචන සෙවීම හරිම දුෂ්කරයි.

හැබැයි මෙහෙම දෙයක් මට කියන්නට පුළුවන්. බණවර සියයකින් කරන්නට අමාරු දේ ඔබ රෑ ඉර පානකින් කරනව. එහි පුණ්යු මහිමය වචන වළින් විස්තර කරන්න වෙර දැරීමත් සිහිනයක්. ඉතිං දහසකුත් එකක් වගකීම් මැද මේ පාරමිතාවට, ඔබ කරන කැපවීමට සැබවින් ම පින්! බෙහෙවින් ම ස්තුතියි!. ඒ විතරක් නොවෙයි මේ කටයුත්තට ඉඩ හසර ලබා දෙන ඔබ ප්රිකය බිරිදටත්, දයාබර දියණියන් දෙදෙනාටත් ඒ පුණ්යා.නුමෝදනාව හිමි විය යුතුමයි. එපමණක් ද? රෑ ඉර පානට වෙහෙසෙන fm දෙරණ කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටත් එපින් හිමිවෙනවා.

තුසිත කුමාර
 
Date of Posting: 05 April 2014
Posted By: Thusitha Kumara
බන්දුල නානයක්කාරවසම් මහතාණනි,
රෑ 8ට විතර ඇති වෙලාව. එකපාරට විදුලි බලය විසන්ධි වුනා. ඒක හුදෙකලා වුනු පාළු රාත්රිෙයක්. මහා දුකක් හිතේ හිරවෙලා තිබ්බා. මම ජoගම දුරකතනයත් අරන් ඇඳට ගියේ එකේ ගුවන් විදුලිය ක්රිුයාත්මක කරලා සින්දුවක් අහන්න කියලා හිතාගෙන.. මට ඇහෙනවා අපූරු ගීතයක්.ඒක ඉවරයි. ඔන්න එතකොට පුරුදු කට හඬකින් අපූරු කතනයක් ඇහෙනවා."ලොවම එපා වී ලොවම කලකිරි තැවි දැවි හිඳිනා වෙලාවෙ, ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.." කියලා මටත් හිතුනා.. මම පුදුම අමන්දානන්දයකට පත් වුනේ. හුදෙකලාව, දුක, ශෝකය සේරම අතුරුදහන් වුනා වගේ මට දැනුනා.
පුරා පැයකට ආසන්න කාලයක් මම පිස්සුවෙන් වගේ රෑ ඉර පානේ සිසිල වින්දා. ඔබ කියන විදියට ගීත කියන්නේ අපූරු ජාතියක්. හදේ ගැඹුරුම තැන් සියුම්ව ස්පර්ශ කරන්න සමහර ගීතවලට තියෙන්නෙ පුදුම හැකියාවක්. ජීවිතේ හුදෙකලා වුනාම. දුක ශෝකය එක දිගට ගලාගෙන එනකොට, පරජය විම්, අහිමි වීම එක්ක ජීවිතේ කඩාහැලෙද්දි, ජීවිතේට සාප නොකර සිය දිවි නසා ගන්නැතුව හිනා වෙලා ජිවිතේ විදින්න මට පුළුවන් වුනේ මේ අවුරුදු 25 තුළ මම කියවපු පොත් වලටයි, මම අහපු සින්දු වලටයි පින් සිද්දවෙන්න කියලා මට හිතෙනවා. රෑ ඉර පාන අහල ඉවර වුනාම මගේ ඇස්වල කඳුළු පිරිලා. ඒ දුකටද සතුටටද කියන්න මම දන්නෑ. ඒත් මම ඒ කදුළු වලට ආසයි. කියන්න හුඟාක් දේවල් හිතේ තෙරපෙනවා. ඒත් ඒවා අකුරුවලට නඟන්න බෑ. මාත් කවි ලියන්වා.සින්දු ලියනවා. ඒත් ඒවායේ මිහිර මට දැනෙන්නෑ. ඔබ වගේ ගීත රචකයෙක් වෙන්න මගේ හීනයක් තියෙනවා. ඒත් කවදද මට පුළුවන් වෙන්නේ "එක්පෙති මලක් විය ඔබ මගේ අත් දෙකට, සිනා තොටක් විය,වියෝ වූ පසුවයි දැනෙන්නේ, කටු අකුලේ මල් ඇහැරේ "වගේ ගීතයක් ලියා ගන්න. දැන් මට අවුරුදු 25යි. තව අවුරුදු 25 කින් වත් ඒ වගේ ගීතයක් ලියන්න මම පෙරුම් පුරනවා... ඉතින් පියාණනේ, අඬන්නැතුව ජීවිතේ හිනා වෙලා විදින්න රෑ ඉර පාන මට සිසිලසක් වෙවි. දන්න කියන හැමෝටම මම මේ ගැන දැන්නුවා. මේ ගැන ඔබට ස්තුති නොකළොත් එක මගේ ජීවිතේ උන ලොකු අඩු පාඩුවක් කියලා හිතුන නිසයි මම මෙහෙම ලියන්න තිරණය කලේ, ඔබටත් ගී පිපාසෙන් පෙළෙන මෙවන් යුගයක හදවත් ස්පර්ශ කල මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කල දෙරන fm නාළිකාවටත් බොහෝ පින්. රෑඉර පානත් එක්ක ඔබ දිගුකල් යෙහෙන් වැජඹේවා කියල ප්රා ර්ථනා කරනවා අවසන වශයෙන්.
 
Date of Posting: 05 April 2014
Posted By: Ayeshasenanayake
දයාබර බන්දුල මහතානනි,
මම රෑ ඉර පානට ගොඩ උනේ අහම්බෙන් වගේ. ඒ කොහොම උනත් මම ඒ වෑඩසටහනට ටිකක් වෙලා සවන් දීගෙන හිටියා ටික වෙලවක් ,මට මේ වෙලවෙ වචන එන්නෙ නෑ ඒ ගෑන විස්තර කරන්න.

....අන්තිමට මම ඒකට අබ්බෑහි උනා ..................
මොකද කියන්න තාම තේරෙන්නෙ නෑ.

ගොඩක් වෙලාවට මම ඉන්නෙ දේශන වල. ඉතින් රේඩියො අහන්න වෙලවක් නෑ, ගෙදර ගියාම අතිරේක වඩක් විදියට මම කරන්නෙ ගෘහ නිර්මාන සලසුම් වෑඩ. ඉතින් දවසෙ පෑය 15ක් විතර වෑඩ. ජීවිතෙ අමරුයිනෙ. තම විවාහ වෙල නෑ. එත් මම තමයි ඉතින් ගෙදර බර අදින්නෙ.අම්මයි නන්ගිල දෙන්නයි විතරයි ඉන්නෙ. එයාලගෙ වඩ ගෑන බලන්නත් ඔන, ගෙවල් දොරවල් හදන්නත් ඔනනෙ. ඉතින් පුලුවන් කාලෙ මහන්සි වෙනව.

හරි ඒක පෑත්තකින් තියමු.

පස්සෙ මොකද දන්නවද මම කරේ.............?
මම හිතන්නෙ හිත ගන්න අමාරු අති..

ඔෆිස් එකෙ කොම්පියුටර් එකකින් මම ඉන්ටර්නෙට් ගිහින් වඩසටහන් එකින් එක රෙකොඩ් කරා ...... එක දිගට සතියක්.
ඒ අතරෙම කමෙන්ට් එකකුත් දම්ම රෑ ඉර පානට...

මොකද්ද දන්නවද......?
මම හිතන්නෙ එක ඔබ දකින්න අති ...

"බෑරිද අපිට රෑ ඉර පාන බාගත කරගන්න කියල..."


මම අර කලින් කියපු රෙකොඩ් එක ඉවර කර කියමුකො.......
ඊට පස්සෙ මොකද උනෙ දන්නවද.............

ගිය ඉරිද වඩසටහන රෙකොඩ් කරන්න ගිය විතරයි මෙන්න බොලේ ඔක්කොම බාගත කරන්න පුලුවන් කියන්නෙ......

අත ඈරියෙ නෑ ඔක්කොම කොටස් ආපහු බාගත කරගත්ත එකින් එක...
දෑනුත් මම 29 වෙනිද කොටස් ටික බාගත කරන ගමන් ඉන්නෙ.......

කොහොම හරි ඔන්න ඔහොම තමයි මට උනා කියන්නෙ......

මම ඉතින් කියන්නෙ නෑ වඩසටහන ගන වෑඩි විස්තර...ඔබතුමාට හිත ගන්න පුලුවන්නෙ ......
කොහොම ආදරයක්ද මේ වෑඩසටහනට තියෙන්නෙ කියල.............

හමදාම වඩසටහන අලුත් දෙවල් වලින් පොහොසත් කරන්න වාසනාව ලෑබෙන්න කියල ප්රාිර්තනා කරනාව, ඔබට ජය.

ඉතින් බන්දුල මහත්තයො මමත් ගගෙන් මෙහා පත්තෙ කොල්ලෙක්....

ගම ගාල්ලෙ,
නම චමීර.
 
Date of Posting: 05 April 2014
Posted By: chameera indika
කලබල මනසින් ගෙවූ සතියක නිමාව සනිටුහන් කර ඊයේ අතීතයට දමා හෙට නම් අනාගතයට
ගෙන යන ඉරු දින රාත්රිකයේ දෙහෝරාවක් ඉර පාන යටට වී ඔහේ ගල යන ජීවිතයට
අරුතක් දෙන්නට හුරු වූනෙමි. ස්තුතිය, ඊයේ අද සිටි කලාකරුවාට හා ඔබට ඔවුන්ට
යලි ජීවය දුන්නාට.!
 
Date of Posting: 05 April 2014
Posted By: oshi
ලියන්න තියෙන දේවල් මේ පුචි පිටුවෙ කොහොම ලියන්නද කියලා තේරෙන්නෙ නෑ බන්දු අන්කල්.. අන්කල් කිව්වෙ ලෙංගතුකමට මිසක් ගරුත්වය අඩුවකට නෙමෙයි.. අපි වෙනුවෙන් මේ කරන කටයුත්තට ඔබතුමාට ගොඩක් පිං.. මේ වෙනකල් සංගීත වැඩසටහන් ගොඩකට කන ළං කරල තිබුනත් ඉර පාන තරම් ලෙංගතුකමක් දැනුනෙ නෑ ඒ එකකවත්..

ගීතයක් රස වින්දම ගොඩක් අය සිහිකරන්නෙ ගායකයා විතරයි.. ඒත් ඔබතුමා ගීතයට සම්බන්ධ හැමකෙනෙක්වම ගලපගන්නෙ හරිම ලස්සනට.. ඒක හරි වටිනවා.. පුද්ගලිකව මම හරි ආසයි මේ තරම් රසවත් සින්දු බිහිවුනේ කොහොමද කියලා, ඒ සින්දුවල ඉතිහාස කතා දැනගන්න.. ඒ සින්දුව ලියන්න හේතුවුන සිදුවීම දැනගන්න.. ඒ වගේමයි ප්රේකමකීර්ති ද අල්විස්, ඩෝල්ටන් අල්විස් වගේ අපි අතරින් වෙන්වුන, ඒ වුනත් අපේ හිත් වල අමරණීය වුන ගීත රචකයො ගැනත් දැනගන්න.. ඒ අය ගැනත් අපේ පරම්පරාවට කියලදෙන්න පුලුවන් නම් ලොකු පිනක්.. මොකද මම වගේම මම දන්න තව ගොඩාක් පිරිසකුත් මේ දේවල් දැනගන්න හරිම ආසාවෙන් ඉන්නෙ...

වැඩසටහන දිගටම කරගෙන යන්න අංකල්.. කවුරු නැතත් අපි අහනවා..
ඔබට දීර්ඝායුෂ...

- පුලස්ති -
කොළඹ විශ්ව විද්යාලය
 
Date of Posting: 05 April 2014
Posted By: Pulasthi Pradeep Pathirana
ඈත
කඳුකරයෙන් ගලාඑන,

අව්යායජත්වයේ
දිය දහර,

සබඳ
ඔබ ගලන්න,

උස් මිටි තැන් යා කරමින්,

පුරවන්න
වැව් පොකුණු,

නිවා
සා පිපාසා.....

ඔබ
යන්න ඔබේ ගමන,

සිහිල
දෙමින් ලෝ තලයට.....

වැලි
තීරු පීරා,

අඳින්න
ලස්සන රටා,

දැනෙන්න
කලාවක අරුමය,

සිප ගන්න
ගහකොළ,

ලියලන්නට තව
තව......

ඔබ යන්න ඔබේ
ගමන,

බෙදි බෙදී
වෙන්වුනු,

අතු අගින්
ගිලිහෙන,

දිය බින්දුද
රැගෙන…..

එකම ගඟක් වී….

සබඳ ඔබ
ගලන්න…..

ගෙනියන්න අප,

මිනිසත්කමේ
මහ සයුර වෙත….
 
Date of Posting: 05 April 2014
Posted By: punarji

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 27 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*