Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

mata ra ira pana ahana kota kiya ganna bari thaam sathutak danenne.bohoma pin
 
Date of Posting: 05 April 2014
Posted By: gaya
hi all my frind
Bandula Nanayakkarawasam Renuka
oba mata sahodariyak sthoothi
 
Date of Posting: 05 April 2014
Posted By: janaka Renuka
බෙන්තර පාලම පසුකරන දවසක මම ඔබේ රුව රැගත් විශාල කටවුට් එක දැක්කා. ඒත් ඒකෙ තිබුන දේවල් මට පැහැදිලිවුනේ නැත්තෙ රාත්රිi කාලෙක නිසා. හැමදාමත් මම බෙන්තර පාලම පසු කරනකොට හොඳින් ඇස් ඇරලා බලන්නෙ මම ආසම ගම බෙන්තර වුන නිසා. කාලයක් එහි පදිංචි වෙලා හිටිය මට ඒ ගම අමතක කරන්න බෑ. මම පාසල් ගියේ බෙන්තොට ඉඳන්. රෑ ඉරපාන අහන්න කියලා මාව මුලින්ම යොමු කරේ මත්තෙගොඩ ඉන්න අපේ රංජිත් කුමාරසිරි අයියා. එහේ ගියපු දවසක අන්තර්ජාලයෙන් පසුගිය වැඩසටහනක් අහන්න දුන්නා. එදා ඒ රස වැටුණු රෑ ඉරපාන නොවරදවාම අහනවා. රංජිත් අයියට පිං මාව රෑ ඉරපාන අහන්න යොමු කළාට. අපි පාසල් යන කාලෙ අහපු සිංදු, ඒ කාලෙ බලපු චිත්ර්පට ගීත ආයෙමත් අහන්න ලැබුනට හරිම සතුටුයි. සුන්දර පාසල් කාලය අපිට මතක් කරලා දෙන්නෙ ආයෙ ඒ වගේ කාලයක් එනව නම් කියලා හිතෙන තරමට.
මගෙයි මහත්තයාගෙයි පවුල් දෙකේම මේ වගේ ලස්සන කතා කියාදෙන වැඩිහිටි නෑදෑයෙක් නෑ. හිටිය සමහරු දැන් නැහැ. අපිට තනිකම දැනෙන මොහොතක ඔබ ඉදිරිපත් වී රසබර කතා කියාදෙනවට ඔබට පිං.

ඔබ වැනි සහෝදරයෙක් මටත් හිටියා නම් කියා දැනුනු වාර අනන්තයි. පාලුව කාන්සිය නිවාගන්න ඉස්සර ටීවී දැම්ම අපි දැන් එවා වහලා දාලා රේඩියෝ එක ළඟ වාඩිවෙන්නෙ හරිම ආසාවකින්.

රෑ ඉරපානට හැමදාමත් ආදරෙයි.
බන්දුල අයියට දීර්ඝායුශ ලැබේවා.

මම රේණුකා රත්නවීර මානවඩු
බ්රදවුන්ස් හිල්, මාතර.
 
Date of Posting: 05 April 2014
Posted By: Renuka
palaweni awasthawa wikashanaya une kawadada?
 
Date of Posting: 05 April 2014
Posted By: Apple
වැඩ සටහන මම අහන්නෙ භාගත කර ගෙන නිවි සැනසිල්ලෙ. රෑ ඉර පාන ඇහුවට පස්සෙ ගොඩක් දේවල් හිතනවා වැඩ සටහනෙදි කියපු දේවල ගැන. මගේ වයස 27. ඒක කිව්වෙ ඔබට අපේ පරම්මපරාව ඔබව දකින හැටි ගැන කියන්න.
මං වැඩ සටහනෙදි වැඩියෙන්ම රස වින්ද අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අර "ඔබ ඇක ගැනීමේ අරමුණ දිවා රැයේ " සින්දුවට හැඳින්වීමට කියපු කතාවයි ,ප්රෙ.මකීර්ති ගැන කියපු හැටියි.

"මතුගම ඉපදිලා කොළඹ ආනන්දෙට ගියපු මං වගේ මලල ක්රීපඩා නොකරපු ඔහු කොහොමද ඇසේ වැලි කෑවම දැනෙන වේදනාව දැන ගත්තෙ"

අනිත් වතාව අයියගෙ ත්රීෙ ඉන් වන් සෙට් එකෙන් සිංදු රේකෝඩ් කරල ගුටි කෑව හැටි ගැන කතාව.

සමහර වෙලාවට මට වැඩ සටහන ගැන අහද්දි කියා ගන්න බැරි සංතාපයක් දැනෙනවා. ඒ ඒක අවස්ථාවක් තමයි ජෝතිපාල ගේ "මේ ජීවනයෙ" ගීතයෙ මුල් හින්දි ගීතය ගැන කතාව කියපු වෙලාව.

මං ඊට පස්සෙ නැවත නැවත ජෝති ගෙ සින්දුවයි කිෂෝර් කුමාර් ගෙ සින්දුවයි පිස්සුවෙන් වගේ ඇහුවා. ඒ හැම වෙලාවෙම මට තේරෙන කාලය වෙනකොට ජෝති අපි අතර හිටියෙ නැති එක ගැන දුකයි. ජෝති ට කියන්න බන්දු සින්දු ලියපු නැති එක ගැන දුකයි. සින්දු කියන්නෙ පුදුම ජාතියක් බන්දු. ජෝති කිව්වෙ හින්දි තනුවකට වචන දමාපු ගීතයක් වුනාට, ඒ ගීතයෙ සිංහලෙන් අහනකොට ඉන්නෙ ජෝති විතරයි. හින්දි තනුව වුනාට වුනාට ඒක ජෝති කිව්වෙ නැත්තං ලස්සන වෙනනෙත් නෑ කියලයි මට හිතෙන්නෙ. තාමත් එදා ඔබ ගී ගීතය ගැන කිව්වට පස්සෙ ජෝති ගීත ආයෙමත් අහන්නත් , ජෝති ගැන දුක් නොවී ඉන්නත් බෑ.

සින්දු කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියල ඔබ කිව්ව දේ ඇත්ත. මම නැවත නැවතත් ඔබේ වැඩ සටහන හරහා ඒක අවබෝධ කර ගන්නවා.
ඔබට බොහොම පිං මේ කාර්යට.

ජය වේවා බන්දු !!!!!!
 
Date of Posting: 05 April 2014
Posted By: Waruna Perera
Dear Mr. Nanayakkarawasam,

I just came to know that you have stopped Ra Ira Paana!

Since I was a little boy, I always kept good things to eat last and the same way I was listing your program ( our program ) by listing every episode for two weeks at least so not to feel desperate without having new episodes to download. :D

Though I still got many episodes to listen, just noticed that site is not updating for last couple of months, so decided to hear the one at first page which brought that shocking news to me.!
It’s really sad to here that your program does not have enough ratings and I can’t believe what the hell they want us to listen if not something like this!
Never mind, u got many nostalgic fans as well as young gens around the globe who really wants to feel what is true Sri Lankan songs and wants to share your knowledge to improve their taste. Me, my 6y old son and my wife are few among those and we really missed Ra Ira Pana and feeling so annoyed with Derana, but will not hate them coz they let u to speak to us at least for some times.

Since we are in 21st century and world is so small today, I suggest you to start it again in a different flat foam, as there is nothing can be stopped in this so called “informatics world".
As my little knowledge can see, I hope you could start a closed group in yahoo, FB or Google and post all your audios on that in weekly ( or every other week – which I prefer) basis as it was. Since you spending your valuable time and nothing should give a way without price, peg some amount to donate prior to have the membership or, suggest your listeners to donate voluntarily as most of your listeners are not just dumbass like other general listeners around bloody FM channels.

Think about it and keep us posted.

All the best for your good works!!

Listener from Bahrain!!
 
Date of Posting: 04 April 2014
Posted By: Indika Kodithuwakku
බන්දුල මහත්මයාණෙනි,

ප්‍රථමයෙන් ඔබට සුභ නව වසරක්...

වර්තමානයේ අසන්නට ලැබෙන අවර ගණයේ ගුවන් විදුලි වැඩසටහන් අතර "රෑ ඉර පාන" කියන්නේ හිතට දැනෙන​ අග්‍ර ගන්‍යයේ සංගීතමය​ වැඩසටහනක්...

නමුත්, මේ ලිපිය ඔබ වෙත යොමු කරන්නේ නම් සුළු චෝදනාවක් සමගයි.

අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ලංකාවෙන් සැතපුම් දහස් ගනනක් ඈතින් හිටියත්, හැම සතියකම නොවරදවාම fm දෙරණ වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන බාගත කරගෙන ශ්‍රවණය කිරීමට අපි පුරුදු වී සිටිනවා. සෑම සතියකම වැඩසටහනේ අලුත්ම දිගහැරුම යාවත් කාලීන වෙන තුරු අපි ඉන්නේ හරිම නොඉවසිල්ලකින්.

වැඩසටහනේ නවතම දිගහැරුම් නිසි පරිදි වෙබ් අඩවියට යාවත් කාලීන නොවන බව කණගාටුවෙන් වුවද කිව යුතු කරුණක්. මෙය ඔබගේ වරදින් සිදු වන්නක් නොවනා බව අප දන්නා මුත්, ලංකාවෙන් පිටත ජීවත් වෙන සියලුම රසිකයින් උදෙසා ඔබට කල හැකි යම් කිසි දෙයක් ඇත්නම්, එය කරනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

තවද​, වැඩසටහන ඉදිරියටත් මෙලෙසම සාර්ථක ලෙසින් කර ගෙන යාමට ඔබට හැකි වේවායි අප​ ප්‍රාර්ථනා කරන්නෙමු...

මීට​

සුරේන් සහ මාධවී
 
Date of Posting: 04 April 2014
Posted By: සුරේන් සහ මාධවී
දෙරණ එෆ් එම් එකක් තිබෙන බව දැනගත්තෙ රෑ ඉර පාන නිසා. දැන් ඉතිං කිසිදු දිනෙක මීටරය නැවත 92.4 ට සුසර නොවනු ඇත.
 
Date of Posting: 04 April 2014
Posted By: Ranga Manupriya
Dayabara bandula sir,

Sinathotak gee kalaben obe sangeethamaya hakiyawata wasipath wu mama raa ira paanen eliya dutu srawakayek bawata kiyanu thutiyeni.

Oba thuma wadasataha hasurawnna wu manaram hela basa ha sasadana wita mage me sulu wadan pela kimekda yai sithenu noanumaanai.

Attatama oba thuma e kata karana widiyata mata puduma inspiration ekak ati wenne. Ekata kyanna sudusuma sinhala wachanaya mama danne naa.

Ra ira pane email lipinaya man satuwa thibunath mata awashya wela tibune mage hadawathi ma oba thuma ge ha wadasatahana pilibanda nagena adahas siththama oba thumage pawudgalika email ekatama ewannai.

Oba wan shresta widwatheku matara dikwelle mage ma gamin bihiwima pilibanda mage hithe tiyenne ahinsaka adambarayak...

Mama oba thumagen ahinsaka udawwak balaporoththu wenawa. Oba thuma ek raa ira pana kadambayaka POLIYO ROGAYEN PELUNU LANKAWE PRASIDDA GAIKAAWAK RICHMOND WIDUHALATA PAMINI WISTARAYA HAA OBA THUMA PAASAL WIYEDI EMA PRASANGAYA TA SAHABAGI WI LABU ASWADAYA GANA pawasuwa. Danata godak issara ekak mai hithe. Mata e wadasatana nawatha asannata dadi aashawakin pelenawa. Obathuma ta puluwan nam e wadasata wikasaya wu dinaya mata ewanna. Mata ewita derana web adavien eya download karaganna puluwan.

Mama katha karanawa wadi da manda. Oba thuma ge wadasatahana gana kyanna mata hodiye akuru madi. E nisa mama metanin nawatinnam. Oba thumata jayen jaya.

Kavindu
 
Date of Posting: 04 April 2014
Posted By: Kavindu Chamiran
සතියෙ මැද දවසක එන නිවාඩුවක් උනත් මට නිවාඩු තියෙන්නෙ ඉරිදා විතරක් නිසා..කවදා ලැබෙන නිවාඩුවක් උනත් මගේ හිත රැවටෙනවා අද ඉරිදාය කියල..අයියෝ ඊයෙ ඉරිදා නම්..මට ලොකු අමතක වීමක් උනා කියන පසුතැවීල්ලත් එක්කම..ආයිමත් මතක් උනා ආ...ඊයෙ බදාදානෙ කියලා..
ඔන්ලයින් චැට් එකකදි එක දවසක සිහින මල්ලි කීවා...මට මතක නෑ මොන පෝස්ට් එක ගැනද එයා කීවෙ කියලා..මගේ ඒ පෝස්ට් එක කියවද්දි මල්ලිට මතක් උනේ රෑ ඉරපාන කියලා..මන් ලියන රටාව ඒක කරන බන්දුල අයියගේ වගෙයි කියලයි කීවෙ..මන් කීවා පිස්සු කියවන්න එපා මල්ලි..මන් කොහෙද එච්චර ශ්‍රේෂ්ඨ..ඉස්තරම් විදියට ලියන්නෙ කියලා..ඒ තරම් ගේය පදවැල් රචකයකුගේ පා දූවිල්ලක් තරමෙවත් ලිවීමෙ හැකියාවක් මට තියෙනවා කියලා මන් හිතන්නෙ නම් නෑ.. ඒත් ඒ තරමට ලියන්න පුළුවන් නම්...කොයිතරම් හොඳද කියලා නම් හිතුව වාර ගාන අනන්තයි. හැමදාම රෑ ඉරපාන අහන මන් සමහර විට ඒක කොපි කරනවා වෙන්න පුළුවන්. කමක් නෑ..බැරි කමට හොඳ දෙයක්නෙ කොපි කරන්නෙ..ඒකට කවුරුවත් අමනාප වෙන එකක් නෑ..ඉතින් ඉරිදාකට මට අමතක වෙන්න පුළුවන් නරකම දේ තමයි හවස හතේ ඉඳන් ගෙදර ඉන්න බැරි වීම තමයි..ඩීවීසී, අන්තර්ජාලය , රූපවාහිනිය අතරෙ අතරමං වෙලා හිටි මාව ආයිමත් රේඩියෝ වැඩසටහන් වලට ආශක්ත කලේ රෑ ඉරපාන කීවොත් බොරුවක් නම් නෙවෙයි..වෙළඳ පරමාර්ථ තියෙන මාධ්‍ය ආයතන වල අනික් වැඩසටහන් ගැන කොයිතරම් විවේචන තිබ්බත් ..හොඳ දේ අනිවා හොඳයි..
වෙනී — at Colombo 07.
 
Date of Posting: 04 April 2014
Posted By: Kasun Sameera Naravitage

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 28 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*