Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

දයාබර තරංග

ඔබේ මාමන්ඩියගේ අභාවය දැනගත්තේ දැන් මරණය නොහොත් 'ක්ලේශ නිද්‍රාව' (මෙය මට හිතුන යෙදුමක් ) කෙතරම් සාමාන්‍ය දෙයක්දැයි දැන සිටියද , හිතවතෙකුගේ සමීපතමයෙකුගේ වෙන්වීමක් එසේ උපේක්ෂාවෙන් දරන්නට හිත ඉඩ දෙන්නේ නෑ

ඔබේ මාමණ්ඩිය කීවාට ඔහු "තාත්තා " යයි ඔබෙන් කටපුරා ආදරණීය ඇමතුම ලබන්නට සමත් වෙන්නැති කියා හිතෙනවා. මන්ද අපට බොහෝ විට ලැබෙන මාමන්ඩිවරු (father in laws ) ලා වන්නේ නෑ ...අපට ඔවුන්ද අපේ බිරිඳට වගේම තාත්තා නැවතත් මගේ ශෝකය පිළිගන්න

සංජයට නැවතත් තුති
මට ගුරු තරුව නම් මතක් උනේ නෑ
එත් මනෝ අය්යා වැනි කෙනෙක් සිහිවීම මට හැඟුම්බර දෙයක්
සමරකෝනුවන් මොන තරම් දක්ෂ කවියෙකුද කියා පෙන්වන අවස්ථා අනන්තයි

බන්ධුල
 
Date of Posting: 14 September 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්
බන්දුල මහතාණෙනි

වෙහෙසකර සතිකිහිපයකට පසුව නිව්මෝනියා රෝගයට ගොදුරුව ඇඳටවී වැතිර සිටින්නට සිදු උනා. එහෙත් රෑ ඉර පාන මග ඇරියෙ නැහැ. ඇදේ ඉන්න එකත් වෙහෙසකර වැඩක්. මට හිතුනා ආපහු ගුරු තරුව වේදිකා නාට්‍යය බලන්න. 144 වෙනි රෑ ඉර පාන කදම්බයේ අවසානයත් ගුරුතරුවෙ අවසානයත් එක ම විදියට දැනුනෙ එක ළඟ මේ දෙකම රසවිඳපු නිසා කියනවට මම එකග නැහැ. අවසානයට පෙර ආර් . ආර් සමර කෝනුවන්ගේ කළු කපුටා හි කවියෙන් ඔබතුමන් අසන්නාගේ මනස කෙසේ පුපුරවා හරින්නට ඇතිද කියා සිතාගත හැකිය. ප්‍රහර්ෂය හෝ ශෝක රසය මේ කවරක් උවද නිර්වින්දනයක් දැය් සිතේ. මම වැරදිනම් මට සමාවන්න. මේ කවරකින් උවද ඔබ තුමන් වැනි සාහිත්‍යකරුවන් නිසි ශල්‍යකර්මය කර අප වැන්නවුන් සුවපත් කිරීමට දක්ෂ වෙත්.

ඔබතුමන්ට දීර්ගයුෂ පතමි,
බන්දුල මහතාණෙනි , අපේ තරංග උඩගෙදර සොහොයුරාගේ (ජපානයේ) බිරිඳගේ පියා හදිසියේ මියගියා , ඒ තොරතුරත් මෙහිදී තොරතුරක් ලෙස සටහන් කරමි.

ස්තුතිය්
සංජය
 
Date of Posting: 14 September 2015
Posted By: සංජය
suranga.
rasika
mage pilithura awasi naa

BN
 
Date of Posting: 14 September 2015
Posted By: Bandula Nanayakkarawasam
bandhula ayye,
දවස් ගෙවෙනෙව දැනුනෙ නෑ.හිතන් හිටියෙ අද තමයි ඉර පාන කියල.උදේම 144 අප් ලෝඩ් වෙල වෙබ් එකේ.මන් බැලුව ඇයිමේ කියල.කැලැන්ඩරේ බැලුවමයි දැනුනෙ,ඊයෙ රෑ මට මිස් වෙල අහන්න.වැඩ ටික කඩි මුඩියෙ කරල දැන් ඇහුව.
කවිගැන බොහොමනත් කතා කල හිත් පැහැර ගත් වැඩසටහනක්.
විශේෂ දෙයක් ඔබට කිව යුතුයි.දීපිකාගෙ ගීතය එක්ක මමත් මේ රචකය ගැන හොයන්න ගත්ත.ඔබ මීට පෙර වැඩසටහනක ඔහුගේ කවි ගැන කියපු මතකයත් එක්කම.
ඔහුගේ කවි මා අසා නොතිබුනත් ඔහු ලියූ හැම ගීයක්ම පාහෙ මම වෙබ් එකෙන් රස විදිනව.දුවෙක් ඉන්න පියෙක් විදියට ඔහු ඒ ගැන බොහෝ ගීත ලියල තියෙනව හරිම සංවේදී.
නුබේ ඇස් මහ රැයේ වගේම සශිකා ගයන තරු වලට පුලුවන්ද කියන ගීතයත් ඕනෙම දුවෙක් ඉන්න පියෙකුට දැනෙනව හොදින්ම.
මේ හැමදේම ඔබ ඔහු ගැන දන්න කාරණානෙ.ඔබ නොදන්න යමක් කියන්නද ඔහු ගැන.ඇතුල ජයදේව ගැන.මෙතරම් සංවේදී ගීත,කවි ලියන ඔහු රටේ ප්‍රදාන පෙලේ සමාගමක ප්‍රදාන ප්‍රමාණ සමීක්ශක වරය.බොහෝ ගොඩනැගිලි සම්භන්දව තාක්ෂණික කාරනා වල නියැලෙන ඔහුගේ සංවෙදී හිතයි අපි දකින්නෙ මේ ගීත හරහා.
එක වගේ හිත් තීන මිනිස්සු එකට අමුනන්න ගීත වලට මිස වෙන මොකටද පුලුවන්.
ඔබ ක්‍රිකට් ගහන්න එනවනම් අනේ පිං මටත් කියන්න.
 
Date of Posting: 14 September 2015
Posted By: suranga
සුභාවිත සංගීතයට ගීතයෙහි මිහිරියාවට පෙම් බැඳි බොහෝ දෙනෙක් අද, ඔබ නිසාවෙන්, රෑ ඉරපාන නිසාවෙන් තම මනදොල සංසිදුවා ගනිත්. රෑ ඉරපානෙහි මිහිරියාව මත්තෙන් මාහැගි බොහෝ දෑ නෙත් මානයට කැන්දන්නට ඔබට හැකිවිය. චන්ද්‍රයාමය, වික්ටර් අඩසියවස, අනේ පුංචි කාලිදාස ඉන් සමහරකි. අළුත් වැස්සක් ගැන මේ වස්සානයේ සඳහනද එවැන්නකි.
ඔබ කුඩාකල මෙන් අපට පහන් ශ්‍රවණයට ගුවන් විදුලි නොවු කල ඒ ගුවන් විදුලියටම හඳවත් ආලින්දයේ ඉඩහසර දෙන්නැයි ඔබ නොඉල්ලූව ද රෑ ඉරපාන මගේන් රහසේ ඉල්ලුයේ බොහෝ කලකට පෙරය.
මෙම මහගු කර්තය්‍යට ඔබටත් ,නෙත් FM නාලිකාවටත් ආසිරි පතමි.

Report
- See more at: http://nethfm.com/article/81042#sthash.fIimip1f.dpuf
 
Date of Posting: 14 September 2015
Posted By: සඳරුවන්
සඳරුවන්

අපමණ තුති ඔබේ හසුනට
අතීතයේ චන්ද්‍රදාස බෝගොඩයන් ගැන කල චන්ද්‍රයාමය ඔබ මතක තබාගෙන ලිවීමයි අපූරු
මෙයින් පෙනෙන්නේ ඔබ වන් මෙදා යුගයේ තරුණයන්ට මොන තරම් දේ අපට දිය හැකිද යන්නයි
ඔබට නැවතත් තුති

බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 14 September 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්
Ayye
Weda wala hirawela yanthrayak vage diuwa pahugiya tike.katharata wehi bidak wage ada wedasatahana hitha bara kala.
Oba katha kala charithaya mata muna gehuna heti me.meeta masa gaanakata kalin dawal bath ekak ganna office eken eliyata behela yanthan para penna colombo musiem eka gawin.anik pette inna wa me charithaya para paninna mepeththata.mn hani hanika gihin bath eka aran eddit ohu ethana parapaninna.ma ohu ha katha kala.liyu gee gena.ara gini auwe podi ekek wage mn kiyana dewal ohu sama sithin dara ahan hitiya.e winadi ganata mn monatharam dewal kuwada kiyala matat mathaka ne.anthimata mn ohuge nommaraya illagatta.ohu maha nihada nisala wrukshayak wage mata denune.
Ape hith walata me wan minissu lan karala api nithara getena nominis muhunu athare dewidewathaun ethibawa pasak kara apa hith niwana obata pin.

Suranga
 
Date of Posting: 05 September 2015
Posted By: Suranga Lekamwasam
තුති
අමාරුයි එවැනි දේ සමතුලනය කරන්න
ඔබේ කතාවේ සත්‍යයක් තිබේ
නමුත් ඒකාකාරී බව ඇත්තේ අපගේ පුරුදු පොමැට් එක නැති නිසා
එත් සුනිල් ආර් ගමගේ පිළිබද විතරක් නෙමෙයි ලුසියන්, එච්.එම්, පේ‍්‍රමකිර්ති හැම වැඩසටහනක්ම "archive" ලෙස බොහො අය එකතු කරනවා
කලින් කිවා වගේ කට්ස් වල විවිධත්වය නැතිවීම තමා ඒකාකාරීව දැනෙන්න හේතුව

දිගටම ප‍්‍රතිචාර දක්වන්න
රූ ඉර පානේ සුවිශේෂතා ගැන කීවට ස්තූතියි

බන්දුල නානායක්කාරවසම්
 
Date of Posting: 05 September 2015
Posted By: Bandula Nanayakkarawasam
මම රෑ ඉරපානට අපමන ඇලුම් කරන්නෙක්මි.ඒ වෙන අයකු කී නිසාවත්,කාටවත් පෙන්වීමටවත් ,අන්ධ භක්තියක් නිසාවත් නොවේ.සැබැවින්ම එය නැවතනැවතත් අසා රස විඳිය හැකි අපූර්වත්වයක් මුහුකල පෙලහරක් නිසාය. එම අපූර්වත්වය නම්

1) සුපසන් ස්වභාවය,සරල නොමුහුං අගනා බස
2)වයස,සමාජ තත්වය කුමක් වුවද ඒ ඒ සෑම අසන්නෙකු තුලම තමන්ට ආවේනික චිත්තරෑප මවාගැනීමට හැකි ලෙස ඔබගේ මතකයන් අපේ අතීතය බවට පත්කිරීම.
3)නියමිත කාලය තුල විවිධ මානයන් ස්පර්ශ කිරීම හෙවත් විවිධත්වය.
4)නවමු වස්තූන් විෂය කරගැනීම.
5)ජීවිතය යහමගට ගැනීමට දෙන අනුබලය
මීට අමතරව හදුනා ගැනීමට අපහසු ගුනයක් තදින්ම මුහුව ඇත. ඒ තුල කලගුණ සැලකීම විශේෂයි.පසුගිය කදමිභ කීපයක් ඔබ කලගුණ සැලකීම සදහා කැප කලේය. එච්.එම් ,සංගා,සුනිල් ආර්, උදාහරනවේ.මේවා කලයුතුමය.නමුත් ඔවුන් සදහා වෙන් කරන කාලය ඒ ඒ චරිතවල වටිනාකමට අනුලෝමව සමානුපාතික යැයි සිතනවානම් මුලාවකි.(රිය අනරතුකින් මියගිය සෙබළාටත් ,හසලක ගාමිණී විරුවාටත් ගුණ සැමරුම විනාඩි දෙකකි.)
පසුගිය කදම්බවල චරිත වෙනුවෙන් වෙන්කලකාලය තර මක් වැඩිවුනා යැයි මට සිතේ.සංගා අපේද විරුවෙකි.නමුත් තොරතුරු නොදන්නෝ නැතිතරම්ය.අනිත් දෙකද ඒකාකාරීය.
වැඩසටහනේ විධත්වය රකිමින් කාලය කලමනාකරනය කරගත්තා නම් තවත් අගනේය.මේ මටදැනුනු හැටිය. මෙය දොසක් නොව අදහසකි.එච් එම්.මහතා වෙනුවෙන් මම නුදුරේ ඔබ අමතමි.

සොයුරු ජනක
 
Date of Posting: 05 September 2015
Posted By: ජනක
අය්යෙ,
දැනුයි ප්‍රෝග්‍රැම් එක ඇහුවෙ.
සත්තයි,මුල සිට අගටම හිත බරවෙලයි එය ඇහුවෙ.
සපූගෙ ගී අහද්දි මම ඇහුව ඔබෙන් සපූ මෙතරම් අමා පද ලියල තියෙනවද කියල.අද මම අහනව එච්.එම්.මද මේ අමා තනු හදල තියෙන්නෙ?
ඔබෙන් දැන ගැනීමටත් පෙර මා දැන ගෙන සිටියා අකල් රෝගී තත්වය.ඔහු කියා තිබුනා දැන් එම රොගී තත්වයට ආයුර්වේද ප්‍රතිකාර ගන්න බව.අය්යෙ,මෙවැනි තත්වයන්ට ආයුර්වේද වෙදකම් කිරීම අනුචිතයි නේද?ඒ බව ඔහුට තේරුම් කරන්න අවැසි නේද?
ඔහු වෙනුවෙන් අප කුමක් කල යුතුද?කල හැකිද?
ආර්තිකමය අතින් කල හැකි උපරිමය කරමු.නමුත් රොගී තත්වයට.වකු ගඩු බද්දයක් කල යුතුද?එසේනම් ගැලපෙන වකුගඩුවක් සොයා ගත යුත්තේ කෙසේද?
ජීවිත කාලෙම අපිව සනහන මෙවැනි අමා මිනිස්සු වෙනුවෙන් කල හැකි උපරිමය අපි කරමු.ඒත් අවාසනාවන්ත මත් රකුසා ඇයි මෙතරම් අපේ රත්තරන් මිනිස්සු විනාස කරන්නෙ.ලෝකෙට ආදරේ කියාදෙන මෙවැනි මිනිසුන් ඇයි ඔවුන්ගේ ජීවිත වලට ආදරය නොකරන්නෙ.
ඔබට පින්
 
Date of Posting: 15 August 2015
Posted By: suranga lekamwasam


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*