Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඉතාම පැහැදිලිය.මා අල්ලාගෙන සිටියේ වැරදි තැනකිනි.යම් විෂයක් ගැබුරින් විවේචනය කල යුත්තේ එහි විශාරදයන්ය.නමුත් අද සිදුවන්නේ වෙනත් විෂයක් සදහා නමගිය පුද්ගලයන් වෙනත් විෂයක් සදහා උපදෙස් දීමයි.මෙය හුදකලා සිදුවීමක් වුවද එහි අස්වැන්න දෙමුහුං අනාගත පරපුරකි.මෙය පැහැදූ ඔබට තුති.

සොයුරු ජනක
 
Date of Posting: 09 August 2015
Posted By: ජනක
හිතවත් සංජය

ඔබ කියා ඇති කාරණය සහ විනිශ්චය පෘතග්ජනයෙකු ලෙස මා අභිමානයට පත් කරවන්නක්
මුලදී ශාන්ත සුන්දර රසයක් දී පසුව ඔලුවටම පහරදී සංශෝධන කිරීම
මාර්ටින් වික්‍රමසිංහයන්ට අනුව යම් හොඳ නිර්මාණයක් කියවන්නා එහි අවසානයේදී තමා හිතූ ක්‍රමය වෙනස් කරගන්නවා නම් අලුත් මිනිසෙකු වනවා නම් ,පරිනත මනසකින් ජීවිතය දෙස බලන්නට පෙළඹෙනවානම් එයයි සාර්ථකත්වය ...
ඒ අනුව මා හට පෙර කී අබිමන ඇතිවෙනවා

ඉතින් රෑ ඉරපානට , මා හට දක්වන ලෙන්ගතු කොමට තුති
ආශීර්වාද වේවා !

බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 09 August 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්
බන්දු මහතානෙනි, මෙය අතිශයෝක්තියක් නොවේ.

"යම් සාහිත්‍යය කෘතියක් පරිශීලනය කිරීමෙන් පසුව ඔබට පෙර ලෙස ජීවත්විය නොහැකිනම්ද, ඔබගේ ජීවිතයේ පෙර පැවති කොන්දේසි වෙනස් කර ගැනීමට සිදුවේනම් ද එම කෘතිය විශිෂ්ට කෘතියක් වන්නේය". රෑ ඉර පානේ ගැඹුරුම හරය එයය්. රැ ඉර පාන පුරාවට ශාන්ත බවකට පත්වන රසිකයාට ඔබ ගෙදර යන්න ලාස්තිවී කෙල මෝලෙන් දමා ගසය්. එය සතියකට නොව ජීවිත කාලයටම සෑහේ. ඉන්පසුව ඔබේ රසිකයන්ට ඔවුන්ගේ ජීවිතයේ කොන්දේසි වෙනස් කර ගැනීමට සිදුවේ.

ගූග්ල් අදානමෙවලමෙන් සිංහල ටය්ප් කරන නිසා මට සමා වෙන්න !

ඔබට බොහෝ කල් මේ සේවය කිරීමට හැකිවේවා ....!
සංජය
 
Date of Posting: 09 August 2015
Posted By: සංජය
හිතවත් ජනක

මගේ සටහනේ මූලික හරය වූයේ යමෙකු කතා කරන විෂය පසෙක ලා නොදන්නා මගුල් ගැන කිරීමේ වරද පෙන්වා දීම
දෙවැන්න
බොරු සුචරිතය
මට අප්‍රියතම දෙයක් තමා බොරුවට සුචරිතවත් වෙන්නට යාම
වල් අලි වන අලි උනේ ඒ නිසා
ඒ දොස්තරත්
මත් පැන් මත් වතුර කරගන්නෙත් සුචරිතය පෙන්වන්න සහ අනවශ්‍ය තර්කයක් ගෙන එන්න
ප්‍රවෘති වලට ස්ලාමීය කියනවා මොකෙකුටවත් පේන්නෙ නෑ
ඉස්ලාමීය මිසක් ස්ලාමීය වෙන්නේ කොහොමද
දැන් මේ වැරදි නිවැරදි වෙලා
ඒ වගේ තමා , වල් අලි වල් අලීම තමා , මත් පැන් මත් පැන් ම තමා
අවසානයේ පැරකුම්බා සිරිතත් වෙනස් කරන්න වෙයි කීවේ ඒ නිසයි
රෑ ඉරපාන නිකම් සින්දු වැඩසටහනකින් එහා ගිය එකක් වෙන්නෙ ඒ නිසයි මා හිතන්නනෙ
ඔබ ඇතුළු රසික පිරිස් දිනෙන් දින රොද බඳින්නෙත් ඒ නිසයි මට හිතෙන්නෙ

කෙසේ වුවත් මා වරද්දනවානම් ඒ හැම විටම නොපැකිලවම නිවැරදි කරනු මැනවි
constructive crititizm මොන තරම් වැදගත්ද කියා බණ්ඩාර ගුරුතුමා අපට කියා දුන්නෙ අප 9 පන්තියේදී
ඔබට ජය !!
 
Date of Posting: 08 August 2015
Posted By: Bandula Nanayakkarawasam
ඔබ පැහැදිලි කරන තුරු මාද සිටියේ'' මත් වතුර"යන්න සුදුසුය යන මතය දරමිනි.ඒ පහත දැක්වෙන හේතු නිසාවෙනි.

පැන් සහ චතුර දෙකම දියරයන්ය.ඒවායින් පානීය දියර, පැන් වේ. ( සිසිල් පැන්,ඔසුපැන්)වස ගත්කල දියරයක් වුවද ,පානය කරන්නන් සිටියද එය පැන් නොවේ.පානයක් ලෙස නම්දී ඇති මත්යුෂයෙන් පානීය ලේබලය ඉවත් කොට පොදුවේ වතුරක් හෝ දියරයක් ලෙස හැදින්වීම බස වෙනස් කිරීමක් නම් ''නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා" යන්නද වැරදිය.මන්ද,ගස් නිල්පාට නැත.පිනි පිපෙන්නේද නැත.නමුත් මිනිසුන් පිනවීම සදහා කිවියා බස වෙනස් කරයි.එසේනම් මත් උවදුරෙන් මිනිසුන් ගලවාගැනීම සදහා මත්පැන් මත්වතුර කිරීම විනාශකාරී දෙයක්ද?මෙය වල් අලියා වනඅලියා කිරීමට සමාන නැත.

මේ මට හිතෙන හැටි මිස ඔබගේ දැනුමට කරනඅභියෝගයක් නොවේ.මන්ද ඔබ වැනි සද්දන්තයෙක් හමුවේ මම කුහුබුවෙක්මි.අපට ලබාදී ඇති මේ ඉඩකඩද සම්පතකි.
යම් වරදක් වීනම් සමාව අයදිමි.

ජනක
 
Date of Posting: 08 August 2015
Posted By: ජනක
mevara handinweemak karami
thuthi raa ira paanen labu mandalokayata
b ayya
 
Date of Posting: 29 July 2015
Posted By: Bandula Nanayakkarawasam
අය්යේ,ඔහු මියගියා.ඔහු ගැන මමනම් දැනුවත් උනේ රෑ ඉරපානෙන්.ආයතනයක boss කෙනෙක් තම යටත් පිරිස සමග කටයුතු කලයුතු අයුරැ ඔහු හරහා ඔබ මනාව පවසා ඇත.ඹඔබට තුති.
සොහොයුරැ
ජනක මාරපන
 
Date of Posting: 29 July 2015
Posted By: ජනක මාරපන
දයාබර ගුරුතුමනි,

පසුගිය රෑ ඉරපාන හරිම අපූරුයි... එහි විකාශය වූ නීලාවන් ඇතුළු පිරිස ගායනා කළ "අන්න බලන් ළඳේ " ගීතය මා පළමු වතාවට බොහෝ ආශාවෙන් අසා සිටියා. ඔබට බොහොම ස්තුතියි අපව ඒ නිල්ල පිරුණු 70 දශකය වෙත රැගෙන ගියාට... ඇත්තෙන්ම ඔබතුමන්ලා පුදුම වාසනාවන්තයි. මොහොතකටවත් ඒ බව අමතක නොකරන්න. ඔබතුමන්ලා මෙලොව ජනිත වෙන්නේ ලස්සනම කාලෙක. ස්වර්ණමය යුගයක. භෞතික අතින්, අධ්‍යාත්මික අතින්.... හැම අතින්ම සශ්‍රිකයි.

මම ඉපදෙන්නේ 89. ඒත් මම හදවතින් විඳිනවා ඒ සුවඳ... සුවය... ලස්සන හීනයක් වගේ. මට එහෙම දැනෙන්නෙ, පූර්ව ආත්මෙක මමත් ඒ යුගයෙ ජීවත් වෙන්න ඇති.
ඒ නිසා වන්නට ඇති, මට ඒ මතක සුවඳ එක්කම ඒ යුගය ගැන විශාල වියෝ දුකක් හිතට දැනෙන්නෙ... කෙසේ වුවත් ඔබ වැනි ආදරණිය ගුරුවරයෙකු මට සිටින නිසා මම හිත හදාගන්නම්. හිරිහැරයක් නැත්නම් මම ඔබතුමන්ට දිගටම ලියන්නම්. පිළිතුරු ලියන්න කරදර වෙන්න එපා. ඔබට ලිවිම ම පුදුමාකාර සහනයක් මට.

ඔබතුමන්ට කරදර කරමින් නැවතත් යමක් සිහිපත් කරන්නම්. මීට පෙර එවූ ලියමනෙහි සඳහන් පරිදි මගේ ලොව වීරවරිය, නීලාවන් ඇතුළු ගී ලොව ප්‍රවීණයින් පිළිබඳ වැඩසටහන් පෙළක් (ඔවුන්ගේ ජිවන තොරතුරුත් සමඟ ) විකාශය වන තෙක් මා බලා සිටිනවා. එවැන්නකින් අපට සුවිශාල උත්තේජනයක් ලැබෙනු නිසැකයි. මා පෙර දින සඳහන් කළ පරිදි ඊට හොඳම සුදුස්සාත් ඔබයි. එනිසයි මගෙන් ඔබට මේතරම් කරදර.

ඒ අනුව දිනකට එක් කලාකරුවෙක් වෙනුවෙන් පැයක්වත් වෙන් කිරීම ඔබතුමන්ට අපහසු කටයුත්තක් වේද? ඒ ලෙසින් ඔබතුමන් කැමති පිළිවෙලකට, කැමති කලාකරුවෙකුගෙන් එය අරඹන ලෙස මා ඉතා ආදරයෙන් අයැද සිටිනවා. (මට මතක හැටියට සේකරයන්, ප්‍රේමකීර්ති ද අල්විසුන්, අමරදේවයන්, වික්ටර් රත්නායකයන් පිළිබඳ එවන් අපූරු වැඩසටහන් කිහිපයක් කලකට ඉහත රෑ ඉරපානෙන් විකාශය වුනා.)
ඒ අදහස අසාර්ථක නම් ඒ ගැන මට කියනු මැන. කරදර කළාට අනන්ත වාරයක් සමාවුව මැන. දැනට නවතිමි. තෙරුවන් සරණයි!

දුව,
පෙමිලා මධුශානි ඉලේසිංහ
 
Date of Posting: 13 July 2015
Posted By: පෙමිලා මධුශානි ඉලේසිංහ
දයාබර ජනක

ඔබේ වචන 4 තුළ ඇත්තේ විසල් පුස්තකයක් තරම් වූ අදහසක්

"අපි නිහඬව ඔබව විඳිමු "

ඉස්සර ඔබ දිගටම මට ලීවා , කීවා
මා හමුවන්නට නුවර සිට ඇවිදින් මා හමු නොවී ගෙන ආ අවිහිංසක දෑ මා සතුකර ගියා කීප විටක්ම
ඔබ ඒ ගැන තැවුනේ නෑ
ඔබගේ ජ්‍යෙෂ්ඨ වෙදැදුරු රොඩ්රිගෝ මහතා සමග ඔබ 'සේකර මහිම සහ රෑ ඉරපාන' වෙබ් දියත් කිරීමට ඇවිදින් නිහඬව විඳ මහා රෑ නුවර ගියා

මේ සියල්ල අතරේ ඔබ මා හට කරදර වේ යයි කියා කතා කරන්නෙත් නෑ
මෙන්න මේ සියලු තත්වයන් හමුවේ ඔබ , ඔබගේ ලෙන්ගතුකම හා ඉරපානට ඇති ආදරය සාක්ෂාත් කරන්නයි ඒ වචන 4 ඒවා ඇත්තේ
ඔබ මොන තරම් අප්‍රමාන රසවතෙකුදැයි ඔප්පු වෙනවා මා පෙරටු දේශනය කළ 'ලක්ෂ්මන් කදිරගාමර් අධ්‍යන කේන්ද්‍රයේ ' පැවති සේකර උළෙලට ඔබ සියලු වැඩ අතැර නුවර සිට පැමිණීමෙන්

මා මේ සියල්ල ලියුවේ තරංග උඩගෙදර කීවා සේ අප ඔබට තවත් 'වාත ' විය යුතු නෑ කියා ඔබත් හිතනවාද කියා හිතු නිසයි
එහෙම වෙන්නේ නැහැ
ඔබලා නිසා මා මොන තරම් දේ (හොඳ දේ ) දන ගත්තාද
රසිකත්වය මෙතරම් කියා දන ගත්තාද
එබැවින් ලියන්න
කතා කරන්න
දෙකම නොකලත් ඔබ ඔබම බවත් , මා මාම බවත් දනිමි

සෙනෙහසින්
බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 05 July 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්
උඩුගම් යන බන්දුල අය්යේ,ඔබට හබලක් වීමට තරම් අපි සවිමත්ද නොදනිමු.එනිසා සුලගක්ව ඔබ යන අතට දිවරෑ හමන්නෙමු.නුවර එන වට දන්වන්න.සල්වතුර අය්යාද අදරින් සිහි කරමි.

ජනක
 
Date of Posting: 05 July 2015
Posted By: ජනක


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*