Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

Commercial bank Regional Office (Southern)
Church Street
Fort
Galle

eeta wada mihiri lipinaya

Pollinduhena
Kapugama Batahira
Devinuwara

obe lipiya karunakara neth web ekatath copy karanna
evita oba men thawa mata vitharak liyana sahurdayan dakeewi

thuthi

obata google akura athnam sinhalen, mihiri basin me
-------------------------------------------------------------------
akura pahalin

www.google.com/intl/si/inputtools

"පොල්ඉන්දූහේන "
කපුගම බටහිර
දෙවිනුවර .
 
Date of Posting: 05 July 2015
Posted By: Bandula Nanayakkarawasam
adaraniya bandu aiye...me e mail ewaddi oyata mage hadawatha vivara karanna ba....e unath man liyaddi mage hadawath vivara karanna puluwan..obage lipinaya balaporoththuwemi......
shehan.
 
Date of Posting: 05 July 2015
Posted By: shehan
දයාබර මධුශානි

ඉතාම අවිවේකී මොහොතක් වුවත් ඔබට වදනක් හෝ ලිවිය යුතුයි කියා සිතුනා
නීලාවන්ගේ ගී මා අනන්තවත් යොදාගෙන ඇති
2011 සැප් සිට 2013 දෙසැ දක්වා මුල් අදියරේ හා 2015 පෙබ සිට දෙවැන්නේත් ලෙස වැඩසටහන් 134 ක් පහත වෙබ් පියසේ ඇති
www.rairapaana.com ගොස් බලන්න , එවිට බෝධියේ විහාරයේ , වියෝගී ,ඉරට අයිති බව , සබඳ කමක් , ඈත දුරක (ග්‍රේෂන් සමග ),දස්කොන් ,මගේ ලොවට , රන් ටිකිරි , මාස්ටර් සර් , කීන දන් ,දෑතට වළලු ,,,,,,...... ආදී බොහෝ ගී ඇති

ඔබේ සංවේදනාත්මක ලිපියට පිළිතුරු ලියන්න පෙර මෙය එව්වේ ඔබට කරන කෘතවේදීත්වය පල කිරීමක් ලෙසින්
ඔබ රිසි නම් ඔබේ සටහන ප්‍රතිචාර පිටුවේ පල කරතැකි (සංශෝධන ඇත්නම් අයින් කර )
දැනට නතර වෙමි
"ධර්ම විජය " නමින් බැලේ ප්‍රසංගයක් ලියන , හදන බැවින්

බන්ධුල
 
Date of Posting: 30 June 2015
Posted By: Bandula Nanayakkarawasam
තෙරුවන් සරණයි!
ආදරණීය බන්ධුල නානායක්කාරවසම් ගුරු පියාණන් වෙත,

මේ ලියමන මා ඔබ වෙත එවන පළමු ඇමතීමයි. ඔබතුමන් සුමිහිරිව ඉදිරිපත් කරන "රෑ ඉරපාන" වැඩසටහනේ දිගුකාලීන රසිකාවියක් මම. ඉතින් ඇයට ඔබතුමන් සවන් දේ යැයි මට විශ්වාසයි. සැබවින්ම ඒ වැඩසටහන විශ්මයජනකයි. ජීවිතයෙන් මුළුගැන්වී සිටි මා, දැන් සෑම මොහොතකම ඉන් ආදරයත් සුන්දරත්වයත් බලාපොරොත්තු වන්නේ ඔබ ආදරණීය වැඩසටහන නිසයි. මම වෙනස් වෙන්න පටන් ගත්තේ එතනින්. ඊට බොහෝ පින් ඔබතුමන්ට! ඒ නිසාම ඔබ මට ආදරණීය ගුරු පියෙක්.

අවසරයි, දැන් මම ටිකක් කතා කරන්නම්. මට ජීවිතයේ මෙතෙක් මෙතරම් නිදහස්ව මගේ අදහස් කිසිවෙකුටත් කියන්න ලැබිල නැහැ මම හිතන්නේ. කෙටියෙන් කිව්වොත් වචනයෙන් කියන්න ගියා නම් ලොකු අපහසුතාවයකට පත් වෙනවා මම හැඟීම් ගලපන්නටත්, සමස්ථය ඉදිරිපත් කිරීමටත් නොහැකිව. ඔබත් මීට කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි, මා කෙසේ වටහා ගනීදැයි සිතන්න අපහසුයි. කෙසේ වෙතත් මම කියන්නම්.

ඔබතුමන්ට මෙසේ ලියන්නට සිතුනේ එක් සුවිශේෂී සිද්ධියක් නිසා. එය ඇසීමට සුදුසුම පුද්ගලයා ඔබ නිසා. ඔබතුමන් කී ලෙසම ගීතවල ඇති පුදුමාකාර බවත්, ජීවිතය පුදුමාකාර අහම්බයන්හි එකතුවක් බවත් මට වැටහෙමින් තිබෙන බව කිව යුතුමයි. (කථන බසින් ලිවීම ගැන මා හා උරණ නොවන්න.)

මීට සති දෙකකට පෙර රෑ ඉරපානෙන් ඔබ, ගාල්ල කරාපිටිය පෙදෙසට ළඟා විය හැකි පහසු මඟක් ගැන පැවසුවා. මා දැන් ඇවිද යාමට සැරසෙන්නේ ඒ මතක මංපෙත දිගේය. ඔබතුමන් ඒ මාර්ගය ගැන, එහි වටිනාකම ගැන පැවසූ විට මට ඇතිවුනේ වෙනම ම සතුටක්. මොකද එය මගේ දිවියට සබැඳියි. මගේ ආත්මයට කාවැදුනු, දිවියේ පළමු අත්දැකීම විඳීමට මා ගමන් කළේ එම මංපෙතේ නිසා. එය මට දිව්‍ය විමනකට පාදාදුන් මාවතක් සේ දැනෙන නිසා. ඔබ කී විලසින්ම එම මාවත වෙනුවෙන් ප්‍රදේශවාසීන් සකසා ඇති පුංචි නාමපුවරුවටත් මම ආදරෙයි. ඒ වෙනුවෙන් මමත් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්නම ඕන.

"ඉතින් ඇයට මොකද වෙන්න ඇත්තේ මේ පාරෙන් ගිහින්...?" ඔබතුමන්ට එහෙම හිතෙන්න ඇති. මම හැමදේම හෙමින් විස්තර කරන්නම්. කොහොමත් මගේ වැඩ හෙමින්. ඒ වෙනුවෙන් ඔබේ වටිනා කාලය උදුරා ගත්තාට සමාවෙන්න. තව දෙයක් කියන්නම ඕන. අනේ මට හිනා වෙන්න නම් එපා. එහෙම උනොත් ආයෙත් මගේ ආත්මය පහලටම වැටේවි. මම අතරමං වේවි. මා කියනා දේ සංවේදී සිතැති ඔබට වැටහෙනු ඇතැයි මා හිතනවා.

මේ සිදුවීම වෙන්නෙ 2013 අවුරුද්දෙ ඔක්තෝම්බර් 26. මම ඒ දවස්වල පුද්ගලික ආයතනයක සේවය කළේ. තුන් අවුරුද්දක් පමණ මම එහි පුහුණු වෙමින් රැකියාවක් බලාපොරොත්තුව සිටියා. ඉතින් 2013 ජුනි මාසයේ බලාඋන් අයුරින්ම මට එහි රැකියාව ලැබුනා. මේ වන විට මා ගීතයට ප්‍රේම කිරීම අරඹා හමාරයි. ඒ ඔබතුමන්ගේ පෙර රෑ ඉරපාන වැඩසටහන් පෙළ නිසා. රැකියවට යද්දී දිනක් මා ගාලු නගරයේදී දකිනවා එක් දැන්වීම් පුවරුවක්. ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් ගැන. මමත් සැරසුනා මගේ නිවැසියන් සමඟ එහි යන්න. මීට පෙර ගාලු නගරයට පැමිණ ගිය බොහෝ සංගීත සැඳෑවන් දෙස, මා බලා සිටියේ බොඳ වූ නෙතින්. ඊට මූල්‍යමය ප්‍රතිපාදන නොමැති වූ බැවින්. අවසාන "ස" ප්‍රසංගය, "ශ්වේත රාත්‍රිය" උදාහරණ ලෙස දක්වන්නම්. මේ නිසාම මා දුටු ප්‍රචාරක දැන්වීම අනුව නිවැසියන් සමඟ පළමු වරට සජීවී සංගීතය අසන්නට යාමට තාත්තාට කියා ප්‍රවේශ පත්‍ර ගෙන්වා ගත්තේ බොහෝ සතුටින්.
ඉතින් 2013 ඔක්තෝම්බර් 26 සෙනසුරාදා හැන්දෑවේ අපි කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය වෙත ගියේ, ඔබ අර එදා සඳහන් කළ, පින්නදූව අධිවේගී පිවිසුම අසල පිහිටි, "කරාපිටිය" යනුවෙන් ඊහිසක් සහිතව කුඩා දැන්වීම් පුවරුව ඇති මාර්ගයෙන්. පලා පැහැ වටපිටාවක් සහිත ඒ මගෙහි ආ ගිය, ඒ සුන්දර ගමනේ මතකය හරිම අපූරුයි.
දැන් අපි ඉන්නේ ශාලාව තුළ අසුන් ගෙන, ප්‍රසංගය ඇරඹෙන තෙක් නොඉවසිල්ලෙන්... මද වේලාවකින් විදුලි එළි නිවී ගියා. තත්පර කිහිපයකින් අප ඉදිරිපස වේදිකාවේ තිරය, සෙමෙන් දෙපසට වන්නට පටන් ගත්තා. ඒත් සමඟම නිහඬ අඳුර අතරින්, අසා පුරුදු ගීයක තාලය දිව්‍යමය හඬකින් ඇසෙන්නට වුනා. සුන්දර රුවක් මතු වුනා.
ඒ මොහොත තමා මා නිද්‍රාවෙන් අවදි වූ දිව්‍යමය මොහොත.......

දෙවියනි ඒ හඬ මගේ ආත්මය හරහා ගලා ගිය සැටි මට හොඳින්ම මතක තිබේවි මගේ මරණ මංචකයේදීත්. ඒ හඬවත්, රුවවත් නුපුරුදු නොවූ මට, එදා ඒ මොහොතේ එතරම් දිව්‍යමය බවක් දැනුනේ, වෙනදා මෙන් නොව පළමු වරට සජීවීව ගී ඇසීමට ඒකාත්මිකව සිටි නිසා වන්නට ඇති. එසේ මා අමන්දානන්දයට පත් කරමින් ඇරඹි ප්‍රසංගය කෙමෙන් ඉදිරියට ගලා යන්නට වුනා. හරියටම කිව්වොත් ගංගාවක් වගේ. ඒ ආදරණීය ගංගාව දෙස මා දැල්වුනු සිතින් හා නෙතින් බලා සිටියා.
මා මගෙන්ම ඇසුවා.... මට දෙසවන් මැවුනේ මේ දැන්ද? මෙතුවක් කල් මා කොහි සිටියේද? කුමක් කළේද? මෙවන් දිව්‍යමය ලොවකට පැමිණීමට, මා ආදරණීයයන් සොයා යාමට ඇයි මෙතරම් මා ප්‍රමාද...? මා දැන් කරමින් සිටින්නේ කුමක්ද? මට පැවරී ඇති සැබෑ රාජකාරියමද? කුමක්ද කාර්‍යාල තුළ සිරවී අමිල වූ කාලය ගෙවා දමමින් මා ගෙවන මේ නීරස..., නිසරු ජීවිතය? මේ ආදී දහසකුත් දේ මගෙන්ම විමසමින් නමුත් දෙසවන් හොඳින්ම යොමු කරමින්, ඒ ගී මල්දම මා පැළඳ ගත්තේ මහත් භක්ත්‍යාදරයෙන්. ගීත යනු පුදුමාකාර ජාතියක් බව එදා සිට, ඒ ආදරණීය හඬ මා ඇමතූ මොහොතේ සිට තදින්ම අදහමි. ඒ හඬෙහි හිමිකාර දයාබර මව්තුමියට පැවසීමට බොහෝ දේ තිබුනත් එදින මා ඊට පසුබට වුනා. එසේ වුවත් ප්‍රසංගය අවසන්ව, අවදි වූ සිතින් මා පෙර කී මාර්ගයෙන්ම නැවත නිවසට පැමිණියා. එදා පටන් මා ගීත පිළිබඳවත්, ඒ අපූරු හඬ හිමි එතුමිය පිළිබඳවත් හැකි උපරිමයෙන් තොරතුරු සොයා බැලුවා. එදා එතුමිය මුණ නොගැසීම පිළිබඳ මා පසුතැවිලි වුනා.
පසුගිය 2014 වසරේ නැවතත් ප්‍රසංගයක් පැවති නිසාවෙන් මට ලැබුනා එතුමිය මුණ ගැසෙන්නට. ඒත් අර පාරෙන්මයි. ඒනිසයි ඒ පාර මට එතරම්ම ළඟ. නමුත් මට නොහැකි වුනා මගේ අදහස්, සිතුවිලි එතුමියට කියන්නට.

මට මතකයි ඔබතුමන් රෑ ඉරපානකදී පැවසුවා, ඔබතුමන් ලූෂන් බුලත්සිංහල කලාකරුවාණන් ගැන සිතන අයුරු. ඔබේ ලොව වීරයා වූයේත් ලූෂන් ගුරුතුමා බව ඔබ කිව්වා. ඔබතුමන්ට මෙන් භෞතිකව මුණ ගැසී ගුරුහරුකම් ලැබිය නොහැකි වුවත්, මා සඳහන් කළ කලාකාරිනියත් මගේ ලොව වීරවරිය බවට පත්වුනා. ඒ මා ආත්මය අවදි කළ නිසාත්, තැන් තැන්වලින් මා සොයාගත් එතුමියගේ ජීවන අන්දරය මට පුදුමාකාර ජීවයක් වූ නිසාත්. මටත් අවශ්‍ය එතුමිය මෙන් සුන්දර කලාකාරියක් වීමටයි. ඒත් මට ගයන්න නම් බැහැ. මට ආශිර්වාද කරන්න ගුරුතුමනි...
මම දැන් ආසයි ජීවිතේ පියාඹමින් සිනා සිසී ඉන්න... නිදහස් කිරිල්ලක් වගේ. මට ඒ තටු ලැබුනේ එතුමියගෙන්.
මට ඕනෑවුනා මට දැනුන ඒ ආදරණීය බව ලස්සනම විදියට එතුමියට කියන්න. එතුමිය සමාජයට, විශේෂයෙන්ම කාන්තාවකට කෙතරම් පූර්වාදර්ශයක්දැයි කියන්න. ඉතින් ඔබට බාරයි මගේ සිතුවිලිත්, ආදරයත්...

මේ ලිපිය මීට පෙර දිනක ලියන්නට සැරසුනත්,මා මඳක් නැවවතුනා. ඒ ටෝනි රණසිංහයන්ගේ හදිසි අභාවය නිසා. ඊට රෑ ඉරපානේත්, අපේ හදවත් තුළත් ඉඩ වෙන් කළ යුතුම නිසා. එවැනි ප්‍රතාපවත් තුරු ඉදිරී බිමට වැටෙන විට විශාල හුදෙකලාවක්, කණගාටුවක් දැනෙන බවට ඔබ කී කතාව ඇත්තම ඇත්ත.
ඔවුන් නික්ම ගිය පසු, අපට දැනෙනවා නේද, අප ඔවුන්ව ඇගයුවා ප්‍රමාණවත් නෑ වගේ හැඟිමක්? ඉතින් අපි එහෙම වෙන්න ඕන නෑ නේද? අපි හැකි හැම වෙලාවකම අපේ ආදරනීයයන්ව අගයමු. මට දැනෙන්නේ කලා ලොව, මේ මනුසත් උයනේ අපි හැමෝම එකම එක පවුලක් වගේ.
දැන් මම ඔබතුමාට කියන්නම් එදා කරාපිටිය ශාලාවෙදී ඇසුනු ඒ දිව්‍යමය ගීතයය ගැන.

"බෝධියේ... විහාරයේ....
පිදූ පියුම් වැනි වූ....
බාලිකා ලොව මැළැවුන දා
මුළු ලොවටම රෑ වෙනවා...."

ඉතින් මගේ කතාවේ කතානායිකාව, මගේ වීරවරිය නීලා වික්‍රමසිංහ ආදර මව්තුමිය බව කියන්න ඕනෙ නෑ නේද? "පෙණ බුබුලේ තනි වෙලා" , "ගල් අරණේ හැංගෙන්නා" වැනි එතුමියගේ ගායනාවන් ඇසෙද්දී මට එතුමිය මගේම මව මෙන් දැනීම පුදුමයක් නොවෙයි නේද?

ඔබතුමන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එතුමිය ගැන ඔබතුමන් ඉදිරිපත් කරන "ලස්සනම විදියට" වැඩසටහනක් මෙහෙයවන ලෙස. මට විශ්වාසයි ඔබතුමන් මගේ ඇරයුම පිළිගන්නා බව. අපේ මේ ආදරනීයයන් අගයන්න හොඳම විදිය, හොඳම වේලාව මෙයයි කියලා මට දැනෙන්නේ. ඔබතුමා වැන්නෙකුට පුළුවන් මා වැනි නොදරුවන් කිසිදින අසා නැති රසවත් තොරතුරු ලස්සනම විදියට ඒ කියන්නේ ඔබේ විදියට ඉදිරිපත් කර, අප පුදුම කරවන්නට.

ඒ වගෙම රෑ ඉරපානෙ අපි හැමෝම එකතු වෙලා එතුමියගෙනුත් ආදරයෙන් යමක් ඉල්ලමු. අපට නිතර නෑසෙන, විරල, අති සුන්දර ගී නැවතත් කරලියට ගෙන එන ලෙස. උදාහරණ ලෙසින්
"ලා ඉරෙන් ඉල්ලා, අම්මයි මමයි විතරයි, කොළොම් තොටට රෑ වෙලා, මත් බඹරුන්, මා ඔබගේ පා සෙවණේ, රිදී කඩුක්කන්, උදා වුනා හිරු උදාන ගී, පරිසරය සිරිසරය, " ගුරු අමරදේවයන් සමඟ ගයන "සඳ පාන" .... වැනි සියගණන් ගීත. එසේම මා වැන්නවුන් කිසිදින නෑසූ උදාහරණත් ඔබ සතුව ඇති. මා ඔබතුමන්ගෙන් ඉතා ආදරයෙන් නැවතත් ඉල්ලා සිටිනවා එතුමියගෙන් අරඹා, ගී ලොව සැඟව ඇති අමාවන් සුන්දරත්වයන් රෑ ඉරපාන හරහා අප වෙත ගෙනෙන ලෙස. එසේම නව නිර්මාණකරණයෙන් ඈත් වී, ඒගැන කලකිරීමෙන් සිටින අපේ ආදරණීය කලාකරුවන්ට අපි කියමු... අපි මඟ බලා සිටිනා බව.
අවසන් වශයෙන් මෙතරම් දුරක් ඇවිද ඒමට ආලෝකය දුන් ඔබතුමන්ටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

ඔබතුමන් මගේ ආරාධනය පිළිගන්නවා නම්... ඒ අපූරු වැඩසටහනට පෙර, රෑ ඉරපාන හරහාම මට පුංචි පණිවුඩයක් තබන්න. එවිට මට හැකියි නීලා මව්තුමියටත් ඒ බව දන්වන්න.
එතුමිය ජූලි 04 සහ 12 දිනයන්හි විදෙස් ප්‍රසංග දෙකකට සහභාගී වන බව මුහුණු පොතේ දුටුවා. ඒ නිසා ඉන් පසුව එළඹෙන බ්‍රහස්පතින්දාවක අපේ ආදරය එතුමියට පවසමු. එදින එන තෙක් මා බලා සිටිනවා. අපි, අපිට හැකි උපරිමයෙන් මේ ලොවට සුන්දරත්වය හා ආදරය බෙදා හරිමු. එය නේද ලොව සදාකාලික අවශ්‍යතවය....

මම,
රෑ ඉරපානේ දියණිය,
පෙමිලා මධුෂාණි ඉලේසිංහ.
 
Date of Posting: 30 June 2015
Posted By: පෙමිලා මධුෂාණි ඉලේසිංහ.
දයාබර නදී

ඔබේ සටහන තදින්ම හිත පැහැර ගත්තා , ඔබ වැනි අසන්නන්ගේ දායකත්වය අතිශයන්ම වැදගත් වන්නේ ඔබම කියූ පරිදි ඔබේ පරම්පරාවට ඇතැම්විට අහේතුකව , අසාධාරණව නැගෙන චෝදනා දෙස බැලූ විටයි , සැබවින්ම හොඳ දෙයක් දෙන්නෙ නැතිව , තමුන්ගේ රුචිකත්වය ගැන පාරම්බෑම නොවේ කලයුතු , හිතට කා වදින අයුරින් එය ඉදිරිපත් කිරීමයි

මම 2011 සැප්තැම්බර් වල රෑ ඉරපාන පටන් ගනිද්දී කිසිසේත්ම හිතුවේ නෑ මෙබඳු රසිකයන් සිටින බව....!
සිටියත් අනිවාර්යයෙන් වයස 40 හෝ 50 පැනපු අය ....!
ඒ මගේ අනුමාන
ඒ සියල්ල බොරු කලේ ඔබ , රංග මනුප්‍රිය , අලුතින්ම ලියූ හර්ෂ වැනි තරුණ පරපුර
සුනිල්, නන්දා වාගේම උමාරියා , කසුන් , අමල් ආදීන්ගේ හොඳ ගී මා දැම්මා වැඩසටහන් 134 ක් නේ , අහල බලන්නකෝ ඒ වාගේම මිශ්‍ර ගී අනිවාර්යයෙන්ම දැම්මා මේ දිනවල හිඟයක් ඇති

ලස්සනට කතා කරන්නට මට ඇති හැකියාව , මගේ කතා රහ කම වගේම ඔබ රේඩියෝ ඇහිල්ල අතැර දා සිටි මොහොතේ ඇස් පියාගෙන
රේඩියෝව අහන්න මා සහ ඉරපාන හේතු උනා කියලා කීවම " කොමර්ෂල් ක්‍රෙඩිට් " ආයතනය ආදරණීයව මතක් කල යුතුයි
ඔවුන් තමා වසර දෙකහමාරක් මෙහි බර පැන දරාන , මට අවැසි නිදහස දුන්නේ මෙය ගලා යවන්නට

අපි , 27 club පවා දැම්මා eagles , tony olando and dawn , demis ruso , betles ආදීන්ට අමතරව පැරණි වැඩසටහන් සියල්ල අසන්න එහි ඔබ පැතූ හැමෙකක්ම පාහේ ඇති

ඔබට ජයම වේ
දිගට ලියන්න

බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 29 June 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්
මමත් ඔබතුමාගෙ "රෑ ඉර පාන" රසිකයෙක්.මටත් හිතුන ඔබට ලියන්න.

මම ගාල්ලේ. Southlands ගියේ. ඔබතුමාගෙ ජපන් අසන්නා, ලන්ඩන් අසන්නා වගේ ඔබේ අත්දැකීම් වලට සමාන
අත්දැකීම් ගැනනම් මට කියන්න නෑ මට තවම වයස අවුරුදු 24ක් විතරයි නිසා. මම ඇස් පියාගෙන programme එකේ සිංදු රසවින්දත් මට විචාර දැනුමක් නෑ. අපි 90's ලා. ජපන් අසන්නා වගේ මමත් කියන්නෙ අපෝ අද කාලෙ උන් කිසි කමකට නෑ. සාහිත්‍ය ගැන
මෙලෝ දැනුමක් නෑ.මුන් වල්මත් වෙලා කියල අපිට බනින්න එපා. අපි ඉස්කෝලේ සාහිත්‍ය ඉගෙන ගත්තේ o/l පන්තියේදි හිටි හැටියේ උඩින් ගෙනත් දාපු එකක්. ඒකෙ මොන රසවින්දනයක්ද.අපි කරේ විභාගෙ ගොඩ දාගන්න දඟලපු එක. ඉන් පස්සෙ කරේ science. ඒක තමයි අපි දන්න සාහිත්‍යයේ තරම. හැබැයි ඉතින් හොඳ සිංදුවක් අහන්න, හොඳ පරිවර්තනයක් කියවන්න අපිටත් රහ දැනෙනව. ඒ රහ නිසයි මං රෑ ඉර පානට ඇබ්බැහියෙක් වුනේ. ඒ වගේ ලස්සනට කතා කරන්න ඔබතුමාට තියන හැකියාව තමයි මට එහෙම කරේ.

මට තියෙනව ඔබට යෝජනාවක්. වැඩසටහනේ සිංදු වලට අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ වගේ පරම්පරාවෙ ගීත වගේම අපේ පරම්පරාවෙ හිත නිවෙන සුභාවිත ගීතත් එකතු කරන්න බැරිද. දඩිබිඩි සංගීතෙ ඇරුනම හොඳ සිංදු අදත් ඉඳල හිටල හරි එනවනේ.

ඒවගේම ඊයෙ දාපු my heart will go on වගේ සිංහල ගීත ඇරුනම වෙන භාෂාවල ලස්සන සිංදු වලටත් පුලුවන්නම් ඉඩක් දෙන්න. මේ මගේ යෝජනා.
දැන් තියෙන්නේ ප්‍රශ්නයක්. ඔබතුමා ඊයෙ කිව්ව චාලි චැප්ලින් ගේ ප්‍රකාශ වලින් දෙවැනි එක මම face book එකේ දැක්කෙනම් වෙන විදියට. "මම වැස්සෙ තෙමෙමින් ඇවිදින්න කැමැතියි, මොකද එතකොට කාටවත් මගේ කඳුළු පේන්නේ නෑ" කියලයි මම ඕක කියෙව්වෙ. මන් හිතන්නෙ නිවැරැදි මේක නේද?

හිතුවට වඩා comment එක දිග වුනාට සමා වෙන්න. Radio වල සිංදු ඇහිල්ල අතැරල දාල තිවුන කාලෙක ආයිත් ඇස් පියාගෙන අහන්න පුලුවන් programme එකක් ගෙනාවට ඔබතුමාට ගොඩක් පින්. ඔබේ කතා හරිම රහයි. ඔබට බොහොම ස්තුතියි.

**
-- නදී --
 
Date of Posting: 29 June 2015
Posted By: නදී
Dear Sir,
If you could please do a program on your own lyrics,its great.... Specially we would like to know behind the scene of your lyrics.... Are there any special stories around them??? Hopefully I will here from you about that....

Thanks....
Udari
 
Date of Posting: 29 June 2015
Posted By: Udari
dear amanda

its absolutely true dear
i will do it some day with a specific style
please forgive me for not selecting / talking of my lyrics
it s like a principle
but i will do it

bandula
 
Date of Posting: 29 June 2015
Posted By: bandula
හිතාදර බන්ධුල අය්යෙ,
එක දිගට වැඩ අධික වුණා.
කොතරම් වැඩ තිබුණත් උදේම කොම්පියුටරේ ඔන් කරල බලන්නෙ www.rairapaana.com.ඒක මගෙ ජීවන අංගයක් වෙලා.එක පිරෙන්න රසිකයො ලියපුව පලවෙල තිබුණ දැක්කම මට හිත පිරිල ගියා.මම මගෙන්ම ඇහුව ඇයි ඒ,ඉර පානට ලෙන්ගතු උදවිය දැක්කම මට මේ හැටි දැනෙන්නෙ හදවතට ?
ඉරපාන ඔබේ නෙමෙයි.මගේම වෙලා.ඒනිසයි ඉරපාන ගැන අයෙක් පවසන යමක් මට මේ හැටි දැනෙන්න.
පුදුමයි නේද?
ඊයෙ වැඩසටහන ඇහුවෙ කලබලයෙන්.එය නැවත අහල ඔබ කියූ දේ ගැන යමක් ලියන්නම්.
දැනට නවතින්නම්

suranga
 
Date of Posting: 29 June 2015
Posted By: suranga
Api nihadawa obawa windimu. ..... - Janaka Marapana

දයාබර ජනක
ඔබේ වචන 4 තුළ ඇත්තේ විසල් පුස්තකයක් තරම් වූ අදහසක්

"අපි නිහඬව ඔබව විඳිමු "

ඉස්සර ඔබ දිගටම මට ලීවා , කීවා
මා හමුවන්නට නුවර සිට ඇවිදින් මා හමු නොවී ගෙන ආ අවිහිංසක දෑ මා සතුකර ගියා කීප විටක්ම
ඔබ ඒ ගැන තැවුනේ නෑ
ඔබගේ ජ්‍යෙෂ්ඨ වෙදැදුරු රොඩ්රිගෝ මහතා සමග ඔබ 'සේකර මහිම සහ රෑ ඉරපාන' වෙබ් දියත් කිරීමට ඇවිදින් නිහඬව විඳ මහා රෑ නුවර ගියා

මේ සියල්ල අතරේ ඔබ මා හට කරදර වේ යයි කියා කතා කරන්නෙත් නෑ
මෙන්න මේ සියලු තත්වයන් හමුවේ ඔබ , ඔබගේ ලෙන්ගතුකම හා ඉරපානට ඇති ආදරය සාක්ෂාත් කරන්නයි ඒ වචන 4 ඒවා ඇත්තේ
ඔබ මොන තරම් අප්‍රමාන රසවතෙකුදැයි ඔප්පු වෙනවා මා පෙරටු දේශනය කළ 'ලක්ෂ්මන් කදිරගාමර් අධ්‍යන කේන්ද්‍රයේ ' පැවති සේකර උළෙලට ඔබ සියලු වැඩ අතැර නුවර සිට පැමිණීමෙන්

මා මේ සියල්ල ලියුවේ තරංග උඩගෙදර කීවා සේ අප ඔබට තවත් 'වාත ' විය යුතු නෑ කියා ඔබත් හිතනවාද කියා හිතු නිසයි
එහෙම වෙන්නේ නැහැ
ඔබලා නිසා මා මොන තරම් දේ (හොඳ දේ ) දන ගත්තාද
රසිකත්වය මෙතරම් කියා දන ගත්තාද
එබැවින් ලියන්න
කතා කරන්න
දෙකම නොකලත් ඔබ ඔබම බවත් , මා මාම බවත් දනිමි

සෙනෙහසින්
බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 25 June 2015
Posted By: බන්ධුල නානායක්කාරවසම්


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*