Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

මල්ලි , උසස් රස භාවයන් ඇති මෙවැනි තරුණ පිරිස් තවමත් මේ රස පොලොවේ ඉන්නා බව දැන ගැනීම සැනසීමට කාරණයක් .
පාලිත අය්යා
 
Date of Posting: 25 June 2015
Posted By: පාලිත අය්යා
දයාබර පාලිත අය්යා

70 සහ 80 දශක වල මෙවන් රස භාව ඇති උදවිය බෝ කරන්න කැපවූ මුලාශ්‍ර පුද්ගලයෙකු වූ නිසා ඔබට දෙවරක් සතුටු විය හැකියි
තරංග වැනි රසිකයන් සම්පත් වන්නේ ඔබලා නැතිව ඒ ගමන අමාරුවෙන් යන්න හදන සුහදයන් වීම නිසයි
ඒ නිසාම පාලිත අය්යාගේ අදහස නැවත ස්පුට වෙනවා

බන්ධුල මල්ලි
 
Date of Posting: 25 June 2015
Posted By: බන්ධුල මල්ලි
මේ ක්‍රිකට් විචාරක පාලිත පෙරේරා මහතාද? (ඔහු නොවෙනම් සමාවෙන්න ) ඔබගේ අදහසට තුති, බන්ධුල මහතාටත්!

මා පාලිත පෙරේරා මහතාගෙ පුවත්පත් සම්මුඛ සාකච්චා ගොඩක් කියවලා තියනවා, එයින් සමහරක, දක්ශ පුවත්පත් කලාවේදීන් ඔබව හොදට විග්‍රහ වන සේ එය කර තිබුනා. ඔබ වැනි එදා සිටි ගුවන්විදුලි වැඩසටහන් සම්පාදක වරුන්ගේ දැනුම් වපසරිය ඔබගේ අදහස් වලින් මොනවට පැහැදිලි වුනා. (ඔබේ වැඩසටහන ලූශන් මහතට දුන් බව රෑ ඉර පානෙන් දැනගත්තා.)

බොහොම ස්තුතියි
තරංග
 
Date of Posting: 25 June 2015
Posted By: තරංග
දයාබර තරංග
ඔබ කියූ පාලිත පෙරේරා මහතා තමා
ඔහු පිරිපුන් මාධ්‍ය වේදියෙක් වගේම අප්‍රමාන මනුෂ්‍යයෙක්
ඔබ කියූ යුගය යලි එන්නේ නෑ
එය සිහිනයක් පමණයි
එදා සිටි මාධ්‍යවේදීන් සතුව තිබු දැනුම් හා දැකුම් (දර්ශනය ) සමුදාය බැලුවාම අප ගැන ලජ්ජා හිතෙනවා
නමුත් එසේ හිතන අපේ පරපුරත් දිනෙන් දින ක්ෂීණ වෙනවා
 
Date of Posting: 25 June 2015
Posted By: Bandula Nanayakkarawasam
මල්ලි , මේ අදහස් හුවමාරුව තරංග සමග පමණක් කරන්න. ඒකට මම සතුටයි. . පොදු මාතෘකාවක් කරන්න එපා . මා ගැන ඉහලින් කතා කරන කොට මට ලජ්ජා හිතෙනවා. මේකත් මගේ පසුගාමී චරිත ලක්ෂණයක් . ඔබ එය හොදින්ම දන්නවා නේ .... හා ... හා ... හා ... ( සිනාවකි )
තරංග ටත් මගේ ආශීර්වාදය දෙන්න .

මේ - හිතාදර ,
පාලිත අය්යා
 
Date of Posting: 25 June 2015
Posted By: පාලිත අය්යා
හිතාදර බන්ධුල මහතානෙනි,

මගෙ ලිපිය පාලිත මහතාට යොමු කිරීම ගැන තුති.
වැඩසටහනක් එක් ශ්‍රේෂ්ඨයෙක් වෙනුවෙන් වෙන්කීරීම ගැන මගෙන්නම් කිසිම විරෝධයක් නෑ. ඒක ඉතාම හොදයි, මේ සතියේ ටෝනි ද?

මා කැමතිම නලුවෙක්, හැබැයි ඔහුගේ ටෙලි රංගන පමනයි මට මතක. සිනමාවන් බලන්න තරම් ඔහු රගපෑ කාලයෙ මා පැසුනු වයසක හිටියෙ නැ. ඔබ එක වරක් කිවා මතකයි චිත්‍රපට ජවනිකාවක් ගැන, බිරිද බලසිටිනවා තම ස්වාමියා දුම්‍රියෙ සේවය කරන ගමන් ඇයට අතවනනවා, නමුත් ඔවුන් ගෙ විරහවක් නිසා ඔහු සැගවී හොරෙන් බලා සිටිනවා ඇය ඔහු දකින තුරු රැදී සිටීම. ඒ ටෝනිද? නැත්නන් දුහුලු මලක් එකෙ නලුවාද? (මට මතකයක් නෑ ).

mata unu podi siddiyak ---((මාව වරක් එක්කන් ගියා විරාගය බලන්න, මට වයස 6ක් 7ක් විතර ඇති. මම නුවර රීගල් හෝල් එකෙ හොදට නිදා ගත්තා, එදා තමයි මට එඩ්වඩ් ගේ නෙතු දැහැන් බිදී ගීතය මුලින්ම ඇහුනෙ, (ෆිල්ම් එක පටන් ගන්න කලින්). තවමත් එක මම කැමතිම සින්දුවක්.))

132 වැඩසටහනෙ මට කලින්ම තෙරුනා ඔබ පාලු පැලෙ සින්දුව තමයි දාන්න යන්නෙ කියල, එකට මම පොඩි කලෙ හරිම අකමැතියි, දුක් බර නිසා සහ මම පොඩිකාලෙ ජීවත් උනෙ තලවකැලෙ, එහෙ ඒ කාලෙ තිබුනෙත් ඔය වගෙ කාලගුනයක්

පසුව හමුවෙමු
Tharanga
 
Date of Posting: 25 June 2015
Posted By: Tharanga
හිතාදර බන්ධුල මහතානෙනි,

යටගියාවේ යටගිය තැන් පොත ලැබුනා. බොහොම ස්තුතියි. නමුත් කියවන්න ටිකක් කල් බලගෙන ඉන්න වෙනවා. ඔබට කරුනු කීපයක් ගැන ලියන්න හිතුනා, පෙර ලිපියේ දිගුවක් ලෙස;

වැඩසටහනේ මා සිත් ගත් තවත් සන්වේදී තැන් තිබුනා. ඔබෙ අක්කා කෑම එක අරන් ඔබව හමුවට ආ හැටි. මටත් එවැනි අක්කෙක් හිටියනන් කියල හිතුනා. ඔබ මේ කතාව කියනකන් මට අක්කා-මලො සබැදියාව ගැන වැටහීමක් තිබුනේ නැ. මම සහොදරයන් අතරෙ කොල්ලො අතරේ හදුනෙ සහ සහොදරියන්ගෙ අසුරක් තිබුනෙම නැ, අදටත් නැ. ඉතින් මට මගෙ බිරිද හා ඇගෙ බල සොහොයුරගෙ සබැදියාව ගැන නුරුස්නා ගතියක් තිබුනා. ඔබෙ ලොකු අක්ක එක විසදලා දුන්නා. පින්!

තව, සුනිලුන් ඔබෙ කනට කර කී රැ වැඩ මුරය, බසයෙදි හමුවු කොන්දොස්තර ගයකයා (දුකයි ඔහු ගැන ). ඔබගෙ ජැක්සන් ඇසුර (මා කවදාවත් එවැන්නක් ගැන හිතුවෙ නැ ). මර්වින් ඔබගෙ කනට කර ජේසු පිහිටයි කී හැටි (ඔබ කියනකන් බොහො ගීත ඔහු සන්ගීතවත් කරපු බවක් දන්නෙ නැ සහ ඔබ තේරු ඔහු Vs අනෙකුත් අයගෙ ගීත. 3-4ක් ඇරුනම අනෙක් සියල්ල මා අසා තියනව සහ කැමතිම ගීත).
ඉන් පසුව මා වඩාත් සන්වේදි උනේ ජොන් ලෙනන් සහ හැරිසන් ගැන. ක්‍රිශ්නා ඔබ කොහෙද ගීතය (ඔවුන් බන්ගලිදෙශය වෙනුවෙන් සැදු ) කවදාවත් අසා තිබුනේ නැ. පුදුම සින්දුවක් ඒක! නමුත් මම කවදාවත් රවි ශන්කර් ගැන හිතුවෙ නැ, මා දුක් වුනේ අන්නාපූර්නා දෙවි, ඇගෙ පුතා (ඔහු තම මව වසර 20න් විතර හමුවී නැති බව කිවුවම දුක තවත් වැඩි උනා), නොරාහ් ජෝන්ස් සහ තව එක වැදගත් කෙනෙක්, ඔබ ඔහුව සදහන් කලේ නැ, නමුත් 90 ගනන් වල සමුදුර පත්තරෙ ශන්කර් ගැන ලිපියක මෙක තිබුනා, සන්කරයාට (මෙක මගෙ වචනයක්) තම බිරිද (අනොශ්කා ගෙ මව ) දන්දුන් ඔහු කොතරම් උතුම් මිනිසෙක්ද? ඔහු සිතුවේ තම බිරිදගෙ සතුට පමනයි". මේ 7-8 දෙනගේ ජීවිත හරිම පුදුමයි, අනොශ්කා හැර.
තව, ඔබ මාව ගීත අසා අඩන්න පුරුදු කරා, රජ මදුරක සහ මා එක්කලා අමනාපව ගීත ඇහෙනකොට දැන් මට ඇඩෙනවා, සමහරවිට මටත් පුන්චි දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති. (ඇ මවු කුසෙ සිටම (2012 අප්‍රේල් ) ඔබෙ වැඩසටහන ඇහුවා). ලූශන් මාර සින්දුනෙ ලියල තියන්නේ.

ඔබගේ කලයේ ගුවන් විදුලියේ පුදුම වැඩසටහන් නේ තිබිල තියන්නෙ, අපි මොනවද අහලා තියන්නෙ? මම 1980 ඉපදුනේ, මට කිසිම සන්ගීත හො සාහිත්ය දනීමක් නැ. මමත් ඔබවගෙ මැත්ස් කරල, කැම්පස් ගිහින් ජියොලොජි (Geology) කරේ, ඉතින් සාහිත්ය මගඇරුනා. ඉතින් අද ඉන්න තරුනයො අහන ගීත සහ ඔවුන් කියන ගීත වල පදමාලා දිහා බැලුවම පුදුම වෙන්න දෙයක් නැ, ඔවුන් අමරදෙව පදමාලා කිවුවනන් තමයි පුදුමෙ. දැන් තෙරෙනවා ඔවුන්ට බැනල වැඩක් නැ කියලා, ප්‍රවීනයන් ඔවුන්ට බනිනවා කියන්නෙ, එහෙමනම් ප්‍රවීනයන්ගේ ප්‍රවීන කමේ ලොකු ප්‍රශ්නයක් තියනවා, මොකද ඔබෙ සින්හල සර් නියම කරපු එක වැඩසටහනක් වත් 80න් මෙහා ඉපදුන කිසි කෙනෙක් අහලා නැ, ඉතින් කොහෙද හොද ආභාශයක්?

අවසාන වශයෙන්; වැඩසටහනේ පලමු කදම්බ 2-3 අහුවම හිතුනා, මෙක නැතිවුනොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ කියල, නමුත් වැඩසටහන නතර වෙලා සති 2-3න් අමරුවෙන් හිත හදාගත්තා, ඉතින් දැන් ඔබට කැමති වෙලවක මේක නවත්වන්න. ඔබ අපි වෙනුවෙන් මෙතරම් "වාත" වියයුතු නැ (ඔබ පෙර ඊමේල් එකේ කිවුව්වා නාලිකා වල තියන ජරා වැඩ ගැන.)
නමුත් ඔබට ලේසියෙන් ගැලවෙන්න බැ, අමාරුම නම් රෙඩියො ප්‍රොග්‍රැම් එක නවත්වලා වෙබ් එකට මාසෙට 2 ක් විතර පැය 3නෙ වොයිස් කට් එකක් අප්ලෝඩ් කරන්න, එක ලේසි මන් හිතන්නේ.

තව ලොකු ඉල්ලීමක්, ඔබ ගායකයන්, සන්ගීතවෙදින් හා පදරචකයන් ගැන දෙසුම් පවත්වනවනෙ, එවා වෙබ් එකට අප්ලෝඩ් කරන්න ප්ලීස්. හරිම අසයි එවා අහන්න. මට කොලබ එන්න බැ මෙ වැඩසටහන් බලන්න. තව අර ඔබ බාලිකා පසලේ කරපු කතාවත් ඔනෙ.
තව එක දෙයක්, මගෙ පුරුද්දක් තියනවා කැම එකේ රසම දෙවල් අන්තිමට කන්න තියාගන්න එක. මම ලබන වසර වෙනතෙක් ජපානෙ ඉන්න නිසා ලයිව් අහන්න බැ, ඉතින් හෙමීට තමඉ අහන්නෙ. ඊයෙ තමයි, 131 කදම්භය අහුවෙ. අයෙත් පරන රසයට එන බවක් දැනෙනව.

ඔබට ගොඩක් පින්
තරංග
 
Date of Posting: 19 June 2015
Posted By: තරංග
jinesh
mekath 'manudam peratu moolya samagama' kiyala mama hadapu eken manudam gaththa wage
nimtherak wachanata patta gahuweth mage geeyen pasu
aluthma eka 'sudhurlabha'
owwa ohoma thama
tks
 
Date of Posting: 18 June 2015
Posted By: Bandula Nanayakkarawasam
Bandula Ayya,

Ada Lankaadeepa puwathpathe pala wee thibunu me satahana dutu wita mata eya oba samaga bedaa gannatath Ra Ira Paana rasikayeku washayen pahatha adahas keepaya oba wetha liyaa eweematath sithuni.

" Obath Dakinna Desin nowa Desawanin " kiyana desawanin dekeeme kalaawa mulinma bihi une Ra Ira Paana thulin yanu mage hengeemai. Wasara Thunaka pamana kaalayak api ehi Kirana windimin sitimu. Ehi ethi sonduru bawe Niyamuwaa obai. Des neththeku lokaye sundarathwaya des ethi ayata wadaa windina bawa mama sithami. manda yath, Ohu ae sondura windinuye ohuge hadawathinma nisaawen. Apa paasal yana awadhiye esuu geetha , samahara wita apa asaa nothibuu sonduru geetha apa desawan thulin dakinnata des ethi apa wetha oba kala saha denatath karanaa mehewara sulupatu yai mama nosithami. Andurata saapa karamin andura thulama nosita eka pahanak ho delweema mama me thula dakimi. Geethayaka ethi arumaya apa wetha gena aaweth Roorpa maadyakin kala noheki rasawindeema desawan thulin hadawathata gena aaweth Ra Ira Paanama noweda?

Mema Puwathpath satahana liyuu Varuni Poornimaa soyuriyata pilithura Ra Ira Paana thula ethei mama dakimi. Hara sun woo pada maalaawan esena geyena mewan yugayaka. Rasa windeema , Subhaavitha Geethaya kemen keken wiyekee yana kaalayaka, Obage weyama apamana woo dayaawen agaya karami. Thawath Kirana dahasak wihiduwaleemata diriya waasanaawa pathami.
 
Date of Posting: 18 June 2015
Posted By: Jinesh
Program eka ahana gamanma liyanne ayye.weda erila apu edum pitinma hansi wela phn eken ahanne.duwat serin sere ewit eka kanak magen galawan ahanawa.theme eka eya hayyen kiyanava.car eke yana sinduma neda ahanava.eya mewa ahala hithe thetha theena duwek wenavanam mage mahansiya pau ne.
 
Date of Posting: 12 June 2015
Posted By: Suranga Lekamwasam


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*