Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඔබ වගේම කීප දෙනෙක් මට බාධා පමුණුවමින් ප්‍රසංශා කළා 9 ට පෙර
සොඳුරු බාධා කිරීම්
ඔබ ඊටත් වඩා ආචාරශීලියි
මේ කව්රුත් සොයන්නේ තමුන් දන්නා කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා
එය හමු උනාම දරාගන්න බෑ සුරංග
කෑ ගහල හොයා දුන්න කෙනාටම කියන්නේ යුතුකොමට
තුති

බන්ධුල අය්යා
 
Date of Posting: 12 June 2015
Posted By: Bandula Nanayakkarawasam
හිතාදර බන්ධුල මහතානෙනි,

තරංග උඩගෙදර නම සමහරවිට ඔබට මතක ඇති. මම රැ ඉරපාන පටන්ගත් දා සිටම එය අසනවා, පලවෙනි කොටසෙ පලමු විනඩි 5 අහම්බෙන් ඇසුනේ, නමුත් එදා සිට අද දක්වාම නොවරදීම අහනවා. මම ඔබට කියල ඇති මම දැනට ඉන්නෙ ජපානෙ කියලා, ඔබට එය මතක තබාගැනීම අනිවාර්ය නැ *:) happy. සීතල දියපිරි ගීතය ගැන ඔබේ හිත රිදෙව්වුත් මමයි.මා ගැන තවදුරටත් කිඋවොත්, මම ඌව වෙල්ලස්ස සරසවියෙ ආධුනික ආචර්යවරයෙක් සහ භූවිද්යාඥයෙක් (Geologist), දැනට ජපානයෙ PhD එක හදාරනවා. මේ දෙවල් කිවුවෙ අපි අතර සුහදතාවට මිස ලොකු කමකටනම් නොවෙ, මා ඔබ සමග කීප වතාවක්ම අදහස් හුවමාරු කරගෙන තියනව.

මම හරිම ආසයි, ඔබගෙ අතීත සිද්දීන් අහන්න, හුන්නස් හොටල් පාරෙ දෙමල ගීතය (මටත් එ වැඩේම උනා 2006 දි, රහමන් ගෙ ගීතයකට ඔය කියන හරියෙදි), බ්ලැක් පූල් නිවසෙ ආගිය කතා, ලක්ශ්මන් ගෙ සදලුතලෙ සිට රහ්මන් ගෙ ගීතයට ආරදනාව, හඩන්න ලන්ව-මැරෙන්න ලන්ව,---- හරිම සුන්දරයි.

විදානෙ මහතාගෙ කතාව හරි, අලුත් වැඩසටහනෙ ලොකු අමුත්තක් තියනව, පෙර තරම් රස නැහැ (සමාවෙන්න). අපි පැය 3ට යමුද? (මීට පෙර මම ඔබට පැය 2කෙ යෝජනාවක් ගෙනාව).

තව ලොකු උදව්වක් ඕනි, බන්ඩාර ගුරුතුමගේ යටගියාවෙ යටගිය තැන් මිලදීගන්න ඕනි, ඒක ගන්න හරියටම තැනක් කියන්න. මම ලන්කාවෙ නැති නිසා යාලුවෙකුට කියල තමයි වැඩේ කරගන්න වෙන්නෙ. එහෙම නැත්තන්, ඔබ මා වෙනුවෙන් පොතක් තියාගන්න, මම අවාම ඒක ගන්නන් (2016 දි).

මට ඔබගෙ ජංගම දුරකතන අංකය දෙන්න පුලුවන්ද? මගේ යලුවාට පොත් ගැන ඔබෙන් අහන්න පුලුවන්.
(අක්ශර වින්යාසය ගැන සමාවෙන්න, සින්ග්ලිශ් ටයිප් කරන්න හරි අමරුයි )

බොහෝම ස්තුතියි
තරංග
 
Date of Posting: 07 June 2015
Posted By: තරංග
දයාබර තරංග

ඔබේ හසුනට පිළිතුර ප්‍රමාද උනා , ලුෂන් වැඩසටහන , බැංකුවේ භක්ති ගී ආදී දේ නිසා ඔබට එකඟයි පැය 2 ට මට දැනෙන්නේ ඇඳුමක් මහන්න ගියාම ඇඳුමේ හැටියට ඇඟ කපන්න වාගෙයි , සිදුවියයුත්තේ ඇඟේ හැටියට ඇඳුම කපනවා මිසක මොනවා කරන්නද?
පැය 3 ක් පවා යෝජනා කරන ඔබේ සහ තව දහසක් , සුවහසක් සහෘදයන්ගේ ඉටු නොවෙන පැතුම් හමුවේ සහ කියන්න අමාරු කෙනෙහිලි කම් අතරේ මෙය හැකි තරම් කරනවා
මාධ්‍ය ආයතන කියන්නේ මොන තරම් අසූචි වලවල්ද කියනවා නම් ගුණදාස ලියනගේ එදා 'දෝන කමලාවතී ' හි ලීවේ සුරපුරයක් ගැන කියා හිතෙනවා අද මේ ගුබ්බෑයම් දුටු විට ....

යට ගියාවේ යටගිය තැන් අලුත් print එක ආවා fast ads සම්බන්ධිත සුරස තමා print කලේ ප්‍රේම් දිසානායක
fastads@gmail.com වෙතින් අනිවාර්යයෙන්ම විමසා ලබා ගත හැකියි

1. යට ගියාවේ යටගිය තැන්
2. දඬුවම් ලද්දෝ (සම්භාව්‍ය කෙටි කතා , නාට්‍ය පරිවර්තන - 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය )
3.. විරාගිනීන්ගේ සැබෑ කතා සහ චෙකොව්ගේ කෙටිකතා (දුර්ලභ විමර්ශනයක්)

මේ සේරම අපේ ගුරුතුමාගේ නිර්මාණ
දුක තියෙන්නේ මේ සියල්ල එතුමා කරන්නේ අවරුදු 70 ට පස්සේ
එයට වරදකරුත් මේ කුණු දේශපාලන වටාපිටාවෙන් අධි පෝෂිත පාරිභෝගික සමාජය

මගේ දුර කථනය 0777 302750

නිවස 041 2264142

ඔබේ විචාර වලින් මා දිරිමත් වනවා මිසක පසුබට වන්නේ නෑ
රටට අවැසි ඔබ වැනි විචාරවත් පුරවැසියන්
නමුත් ඔබස්ත් නැව් නැග ගිහින්

ඔබට ජය !
සහෘදත්වයෙන්
බන්ධුල
 
Date of Posting: 07 June 2015
Posted By: තරංග
අද වැඩසටහන අන් කවරදාකටත් වඩා හරිම හැගුම්බරයි.ඔබ අද එය කලේ මුලු හිතින්මයි.තමුන්ගේම ලොකු අය්යා ගැන කතා කරනව වගේ මා හැගි භක්තියක් වැඩසටහන පුරාවටම තිබුනෙ.
"අනේ පුංචි කාලිදාස" වෙනුවෙන් අලුතින් කතා කරන්න තවත් යමක් ඔබ ඉතුරු කලේ නෑ.
 
Date of Posting: 31 May 2015
Posted By: Suranga Lekamwasam
සපුගේ ප්‍රේම ගීත පරයා නැගෙන කිසිවෙකු හඳුනා නොගත් දෘඪ දේශපාලන මතාන්තරය

"සිවලුන් කෙළිති පඬුවන් උර මඬල වැද
නුවරුන් සැතපිලා නෑසුණු කනින් අද "

දැන්වත් සපු හරි හැටි හඳුනා ගනිමු

ගමන් මගක් නොතිබුණු ප්‍රේම චාරිකාවෙක
හදේ කොතැනක හෝ හිදී ඔබ
කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ඇසුවා ඔබ
මලක් වෙලා ඔබ පිපෙන්න කීවේ අප ...
සියල්ල එසේ වුවද සත්‍යයේ මළගමේ ගහලයෝද , වැලපෙන්නෝද වන්නෙමුය අප ...!

රන් මලක් 2015 මැයි 08 වැනිදා මහරගම යොවුන් රඟහලේ නින්නාද වන සපු ගී යාමය "රන් මලක් " වෙනුවෙන් කැපවූ රෑ ඉර පාන
 
Date of Posting: 15 May 2015
Posted By: Bandula Nanayakkarawasam
'සපු' අයියා පිළිබඳව මා ගොඩක් දේ ඇහුවේ ඔයාගෙන් බන්ධු අයියා, ඒ ඔයා බොහොම ගෞරවයෙන් ඔහු ගැන සඳහන් කල බොහෝ අවස්ථා වලදි... ඒ ඇතිවූ ගෞරවය ම මත පසුගිය දවසක මා දුරකථනයෙන් ඔහුව ඇමතුවා...ඒ ඔහු තරමක කනස්සල්ලෙන් ඉන්නා බව දැන ඊට යමක් කල හැක්කේ'දැයි බලන්නට.... මම විශ්වාස කරනවා එය සමහන්ව ඇති බව.... මේක ලියන්න හිතුවෙ ඒ නිසාම නෙවේ... ඔහුගෙ ගීත රචනාවන් ඉතා සියුම් ලෙස ප්‍රතිරුත් ගන්වන්නට ඔබ ගත්ත උත්සාහය ඇහිලා.... විශේෂයෙන් ම 'නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මල ගමට' ගීතයේ පූර්විකාව ඇහිලා....

Report
- See more at: http://nethfm.com/article/68165#sthash.Yij3ezK6.dpuf
වරුණ
රන් මලක්
අති සාර්ථක උනා
කනස්සල්ල ඔහුගේ පහව ගියා
ඒ අප ඇතුළු පිරිසගේ ආදරනීයත්වය හමුවේ
ප්‍රසංගයේ බොහෝ දේ කෙරුනේ අවසාන මොහොතේ
එනිසයි කනස්සල්ලෙන් ඉන්ට ඇත්තේ
අපව කැඳ වීමට ඔහු හිතුවේ නෑ
අප එය තේරුම් ගෙන එහි ගියා
නොපිරී තිබු බොහෝ දේ සපිරී ගියා
ප්‍රනීත් සපු ගේය පද ලාවන්‍යය ගැන කතා කළා
නිර්මලා "ප්‍රේමයෙන් දිනුවෝ " අවුරුදු 30 කට පසුව එඩ්වර්ඩ් සමග කීවා , එව්වා නම් මගේ වැඩ
එඩ්වඩ් ට කියා " දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ " කියෙව්වා
rec එකට පසු කීවා වෙන්නැති
ඉතින් ඔබ දිගටම යාවත් වීම මට සවියක්
සත්‍යයේ මළගම ට පෙර සුනිල් අය්යාට කියා දෑසේ කඳුළු කියෙව්වා
අර "සිවලුන් කෙළිති පඬුවන් උර මඩල වැද "
පුදුම ප්‍රතිචාර
සපුට සතුටුයි
අපටත් සතුටුයි

බන්ධුල අය්යා - See more at: http://nethfm.com/article/68165#sthash.Yij3ezK6.dpuf

මිනිසුන් ජීවත් කරවන්ට ආහාර - ජලය - නිවාස - ඇඳුම් පැළඳුම්.... ආදී එකී මෙකී නොකී අපිට උගන්වන/කතා බහ වෙන/පිළිගන්න/දර්ශක ඇති හැමදේටම වඩා මේවගේ දේ වැදගත් බව වටහා ගත් සැමට හිස නමා ආචාර කරනවා.....!!!

waruna from
london

Report
- See more at: http://nethfm.com/article/68165#sthash.Yij3ezK6.dpuf

pahatha narration eka neth eke watena eka
obatath prog intro ekata eya apurui
 
Date of Posting: 15 May 2015
Posted By: waruna
NETH FM – RAA IRA PANA
Thank you for uploading the Program very fast BUT why you dont let us to download the Program
I desperately want to download the program and send it to my friends so I can encourage them to listen it.

vinod
 
Date of Posting: 15 May 2015
Posted By: vinod
හිතවත් ලසන්ත

ඔබගේ අතීත සැමරුමට , රෑ ඉරපාන ඇගයුමට තුති
මාත් 90 දශකයේ මැද්දෑවට ඔබ රැගෙන ගියා
ජීවිතය බෙහෙවින්ම විශ්මයජනකයි
ඔබ වැඩසටහන අමතන විට 90 දශකයේ අප හමුවූ යුගයේ ඉපදුනු තරුණ උපාධි අපේක්ෂකයෙක්ද ඒ ලෙසම මා අමතනවා
එමෙන්ම මා ඉපදුනු යුගයේ යව්වනයේ සිටි අයද අද වියපත්ව හැඟුම්බරව තෙත් දෑසින් මේ ගැන කතා කරනවා
අද මා උදේනි අල්විස් සහෘදයාගේ පියාගේ අභාවය වෙනුවෙන් නුගේගොඩ කන්දවත්ත නිවහනට ගිය වෙලේ තරුණ , නමුත් පරිනත කාන්තාවක් මා , මාදැ යි කියා ඇසුවා . මම ඔව් කීවා
ඈ එකල රෑ ඉරපාන අසා ඇත්තේ හිමියාණන් ඈතක වැඩ කරන , දරුවා මව් ළඟ රඳවා නවාතැන් කාමරයක හිඳ
ඈ කියනවා ඉරිදා හවස ඈ සැමියාගෙන් දරුවාගෙන් වෙන්ව කොළඹ නවාතැනට විත් රෑ ඉරපාන ඇසූ හැටි
"තනි කාමරයක ඉන්න නිසා මම විතරයි නේ
උයන්නෙත් නැතුව පිටි එකක් බීලා නිදාගන්නවා
ඒක ඇහුවාම හිත පිරිලා "

මේ දහසකින් එකක්
ඔබ සතුටු වන නිසා ලීවේ , අදම වූ නිසාත් ....!

මේ සුරංග ලේකම්වසම් ඉංජිනේරු සහෘදයාගේ "සපු රෑ ඉරපාන " ගැන අදහස

" mata hitha liya ganna wachana enne ne.man thama e loke math wela wage program eke rahata.enisa mage mulu hithama mehema liyannam."sapu sapu sapu.

ඉතින් කවරෙකු හෝ හිතුවොත් මා ප්‍රසංග වලට ප්‍රචාරය දෙනවා කියා එයත් හොදයි
මන්ද මේ වගේ යුගයක (ඔබ ලංකාවට ආ විට high way bus එකක යන්න , මරු වීඩියෝ සින්දු බලත හැකි ; අද ලියවෙන සින්දු ගැන දැනගන්න high way bus වල යන්නම ඕනේ ) එහෙම උදව්වක් කිරීම ශ්‍රේෂ්ඨ දෙයක් යයි මා අදහනවා සපුලා ලියූ ගීයකට , ප්‍රසංගයකට වත් වැඩසටහනක් වෙන් නොකර මොකා ගැනද අපි කවරයේ කතා කරන්නේ ,,,,

ඒත් රෑ ඉරපානට ආදරේට "ඔබ ආදරේට කියන කතා " ක්ලැරා කීවා වාගේ බොළඳ නෑ -
 
Date of Posting: 11 May 2015
Posted By: Bandula Nanayakkarawasam
හිතවත් බන්දුල
කාලයත් සමග හිතට එන දේවල් ඔබත් එක්ක බෙදා හදා ගත්තානම් හොදයි කියලා හිතුනා .
සපු අය්යා ගැන කියවුන දේවල් බොහෝ වටිනවා .බේරුවල ප්‍රදිපාගාරය ඉදිරියේ ගෙවූ රාත්ත්‍රිය මතක් වුණා .
මිරිස්ගල උඩ ලුණු මිරිස් ,කෙසෙල් ගහේ ඉදුණු කෙසෙල් ,අමරදේව සර් වැල්ලේ වාඩිවෙලා ,රෝහණ වීරසිංහගේ දෙගුරුන්ට අවනතව ඔබ
ගෙනෙල්ලා අපි ඇහුව මහ රැ ......පසුව මෙල්බන් වලදී සපු අයියා හමුවුණා ...පුදුම සංවේදී මිනිසෙක් .
94-95 කාලයේ ඔබටත් දේශපාලනීකරණය වීමට හොදටම අවස්ථාව තිබුණා .නමුත් ඔබ බුද්දිමත් ,නැත්නම් සපුතන්ත්‍රිට අද අත්විදින දේ
ඔබ කරා එන්නේ මීට පෙර .
සම්පුර්ණ වැඩසටහනම එක් අයෙකු වෙනුවෙන් වෙන්කරන කාරණයට මම කෙසේවෙතත් බොහෝ අය එකග නෑ .
පෙර දි මෙන් ඔබ ප්‍රසාංග වලට ප්‍රචාර කටයුත්තක යෙදෙනවාදෝ කියලා කවරෙකුටහෝ හිතෙන්නට පුළුවන් .
ඔබගේ ඇවෑමෙන් දෙරණ සමග මනුසත් දෙරණ මුල් පාසල් උපකරණ තොගය ලබන 23 වෙනිදා ගල්නාවේ බෙදා දෙනවා .ඔබටත් ලක්සිරි මහතාටත් පිං ...!
mel lanka radio fb ගොස් බලන්න
බෝයා
lasantha boyagama
ex com banker
from Melbourne
 
Date of Posting: 11 May 2015
Posted By: lasantha boyagama
ජපානයෙ ජිවත් වන මා හට ලංකාවෙ අතීත සුවද ගෙන අවෙ රෑ ඉරපාන සහ ඔබයි බන්ධුල අය්යෙ
 
Date of Posting: 05 May 2015
Posted By: GAYAN PERERA - JAPAN


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*