Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

125 RIP

නිමල් මෙන්ඩිසුන් මේ තරම් දෙයක් කල්ල තිබ්බ කියල ඔබෙන් ඇසෙන තුරු මා දැන සිටියේ නෑ.ඔබ ඒ හරහා කරන්නෙ ජාතික කර්තව්‍යක්,ඒ හැටි නොපෙනෙන මේ සම්පත් ගැන දැනුවත් කිරීමෙන්.
අවසනට ඔබ කියූ රන් ටිකිරිසිනා,මා සිතා සිටියේ නිමල් මෙන්ඩිසුන්ගෙ කියල.එය ඔබ නිවැරදි කලා සරත් ප්‍රනාන්දුගෙ කියල.ඔහුත් කාලයෙන් සැගව සිටින දැවැන්ත නිර්මාන කරුවෙක් කියල ඔබ අපට කියා දුන්න.
ඒ වදනය කල ගීතයෙ ගායකයා ගැන මටත් ඒ වගේම කතාවක් තීනව කියන්න.මොරිස් භානි විජේසිංහ.ඔහුත් මේ ලෝකයෙන් සැගවුන චරිතයක් නේද මහා කටහඬක් හිමි.මට මගෙ පුන්චි කාලෙමයි ඒ හඩ පෞර්ශය ගැන දැනුනෙ.ඒත් ඒ හඩට ලැබුන ගීත ප්‍රමානවත්ද?තව කොතරම් අපිව පිනවන්න පුලුව්න්ද ඒ හඩට.
"ඔබ එන්න.ඔබ ඇවිත් යන්න එන්න."මගෙ හිරි මල් යෞවනයෙදි ඇහුන ඒ ගීතයෙ වචනව වල මහා දෙයක් නැතත් මන් දුවගෙන ආව ඒක ඇහුන හැම වාරයකම රේඩියෝව ලගට.ඒ ඔහුගේ හඩට.ගැබුරු උනත් මහා වේදනාවක් යටින් දුවනව වගේ මට ඒ හඩේ දැනෙන්නෙ.
ඔවුන් පස් යට සැගවුන මිනි කැට වගේ නේද?ගොම රිටි මතු වෙල මිනි කැට සැගවෙන්නෙ මේක කලි යුගය නිසාද?
ඔබට තව යමක් කියන්නම්.
මේ ගීතයට මා පුදුම තරම් පෙම් කලා ඒ කාලෙ.හේතුව ඒ ගීතය, මේ කටහඩ, මෙහි සන්ගීතය මගේම වෙල තිබුනෙ හිතා ගන්න බැරි විඩියට.ඔන්න ආරන්චි වුනා ගීතයෙ රචකයම මේය චිත්‍රපටයකට දාල කියල.මට ඉවසුම් නෑ මේ ගීතයට එය ලියපු රචකයාම විසින් දෙන රූප රචනය දකිනකන්.මොකද මගේ හිතේ ඇදිල තිබුන චිත්ත රූපය මහා විරහවන්ත එකක්.
දෙවියනේ,එය මාව කරකවල පොලොවෙ ගැහුව.රචකය ලියලතියෙන්නෙ මෙහෙම දෙයක්ද?ඒ චිත්‍රපටයෙ ජවනිකාව තිබුනෙ මේ ගීතයට අබිසරු ලියක් හා ආලින්ගනයේ යෙදෙන තරුනයෙක්.
ගීතයෙ අයිති කරුවන්ටවත් ගීත තමන්ගෙම කරන් විදින රසිකයන්ගෙ හිත් එක්ක ඒවගෙ සෙල්ලම් කරන්න පුලුවන්ද?
 
Date of Posting: 05 May 2015
Posted By: suranga lekamwasam
Mage wayasa thawama23i. Mage ammalage kale egollonge hithata samipa unu kalakaarain apata godak durai. Ekata hethuwa samaja parinamayath ekka wetcha wenas kam nisa ada wana wita tharuna parapure rasa windanaya baala weemada kiyalath hithenawa. Eth mama hedunu game parisarayath ekkada manda mama elum karanne ettatama perani geetha walata, a gayaka gaayikaawanta. Tharuna parapure ayath nethuwaama nowey. Mama godak welawata geetha wala arthayath rasa windina kenek. Mokakda hethuwa kiyanna danneti unata raa ira paana ekka maath godaak bendila kiyaneka nam hungak danenawa. A wagema bandula mahathmaya obage idiripath kirimath godak danenawa. A wachana, katahanda, ridmaya. Ane manda! Pudumai obathuma nihathamaniwa comments walata reply karala tiyenawa dekkamath! Obathumatath neth group 1tath niduk nirogi dirgausha pathanawa!
 
Date of Posting: 05 May 2015
Posted By: Rasika
අයියා අදත් අපේ ප්‍රියතම සංගීතමය වැඩසටහන ඉදිරිපත් කලා. ඒ වගේම අවුරුදු 35කට පසුව ලා ඉරෙන් ඉල්ලා ගීතය අසන්නට සැලැස්සුවට බොහොම පින් / ස්තූතියි

නිරෝෂනි
 
Date of Posting: 27 April 2015
Posted By: නිරෝෂනි
සොඳුරු මිනිසෙක් ගැන නිර්ලෝභී සැමරුමක්.....
අප වැනි සාමාන්‍ය කෙනෙක් එතුමාවී ජීවිත කාලයක් ලඟින් ඇසුරු කලා වගේ දැනෙන්න, ඔබ වැඩසටහන ඉදිරිපත් කළා.
ඔබට තුති පුදමි
ගම්පහ රි
 
Date of Posting: 27 April 2015
Posted By: ගම්පහ රි
හිතාදර බන්ධුල.

අද රෑ ඉර පානා ආරම්භයම ටිකක වෙනස්.විවාහය ගැන කතා ටික හරිම රසවත්.හැබැයි පුරුෂාධිපත්ය කතා.

කොහොම වුනත් මේ දවස්වල තනියම ඉන්න මට ඒවා ඇතුලෙන්ම හිනහ වෙන්න සැලැස්සුවා.
මගේ එකම සගයත් නිවාඩුවට ගමේ ගිහින්.

මේ දවස් වල මෙහෙත් එරබොදු ,රණවරා වගේ මල් පිපෙනව.ඒව දැක්කම දුක හිතෙනව දශක දෙකක් වෙච්චි ලමයි දෙන්නම තාම එරබොදු මල් දැකල නෑ.

ඔබට හා සැමට සුභ අළුත් අවුරුද්දක වේවා
 
Date of Posting: 13 April 2015
Posted By: Chandana
හිතවත් චන්දන

දෙවැනි කොටසින් එය සමභාග උනා
අර තාත්තා දුව සතුටින් තබන ලෙස බෑනා ගෙන් ඉල්ලීම
කොහොම උනත් අප කාගේත් දරුවන්ගේ තත්වය ඔහොමයි
වෙනස ඒ ප්‍රමාණය එක එක දරුවට වෙනස් වෙනවා හැදෙන පරිසරය එක්ක
මා කොතෙකුත් දුෂ්කරතා එක්ක දෙවිනුවර කපුගම ගමට වෙලා ඉන්න එකෙන් දරුවන්ට ඒ සේවාව වෙනවා
ඔවුන් නගරයේ බාලිකාවට යන අතර ගමද හැබැහින් දකිනවා - මම පොඩි කාලේ වගේ
එත් අප අසු දුටු ලොව ඔවුන්ට අහිමියි - මොනවා කරන්නද
ඔබ මුළුමනින්ම ඇහුවේ නැතිද
වෙබ් එකෙන් අහන්න බැරිනම් එවන්නද
එහි සීගිරිය ගැන කළ දේ දැඩි ප්‍රසාදයට ලක් උනා

ඔබටත් දුරු රට අවුරුදු ලබද්දී
හිතේ තනිය පාළුව දුරු වේවා
දුරින් දුරු වේවා !
 
Date of Posting: 13 April 2015
Posted By: Bandula Nanayakkarawasam
දේශපාලනය කොහෙත්ම ගාවගන්න අවැසි නෑ රෑ ඉරපානට
නමුත් දිනෙන් දින සිදුවන ඇතැම් සිදුවීම් දිහා බැලුවමත් , මාධ්‍ය විලිසංගේ නැතිව සියල්ල අමතක කරන හැටි දැක්කමත් , දේශපාලනය තියා මෙලෝ හසරක් නොදැන ඡන්දය දීලා සච්චකලා වෙන්න දගලන අය දැක්කමත් රෑ ඉරපාන නොඉවසිලිමත් උනා ...එනිසා මා කැමති නෑ ගීතය වගේ අති සුන්දර කළා මාධ්‍යයක් ඇසුරු කරන අපේ රසවතුන් මේ රෙදි නැති දේශපාලනය නිසා නොහොඳ නෝක්කාඩු වෙනවාට .
එබැවින් සත්‍යපාල ලෙස ලියන සහෘදයා හා වරුණ වෙතින් මා ඉල්ලා සිටින්නේ අවදියෙන් සිටිනා ලෙසයි . අප කිසි දෙයකට තීරණ වලට බැසිය යුතු නෑ , පූර්ව නිගමන වලට ආ යුතු නෑ .... බුදුන් දෙසූ සේ සම්පජානකාරීව , එලඹ සිටි සිහියෙන් හිඳිමු .
දේශපාලකයින්ගේ දෘෂ්ටි කෝණයෙන් නොව දේශමාමක දෘෂ්ටිකෝණයෙන් බලමු . දේශයට ආදරයක් නැත්තා ජීවත්ව සිටියද මළාක් වැන්න!
රටට හොඳක් වෙනවානම් ඒ හොඳ මිසක් , කාගේවත් දේශපාලන ඇ ජෙ න් ඩා ව න් ට හසු නොවී ඉඳිමු
රෑ ඉරපානට ප්‍රතිචාර දැක්වුවාට තුති ...!

බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 13 April 2015
Posted By: Bandula Nanayakkarawasam
සත්‍යපාල, ඔබගේ සත්‍ය නම් එය නම් ඔබ සත්‍ය වටහා නොගත් පාල කෙනෙක් නොවී, දැනට ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියවන්න. ලින්ක් එක: https://purawesiya.files.wordpress.com/2015/03/19... ඊට පසුව වෙස්ට් මිනිස්ටර් ක්‍රමය අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයාට හිමි බලතල හා සසඳන්න. බාල සටන් පාට පුනරුක්තියෙන් රටට වන වෙනසක් නැහැ. අපි ආකල්ප අතින් වෙනස් විය යුතුයි. එය එක් රැයකින්, වසරකින්, දෙකකින් වෙන්නෙ නෑ... ඊට ටික කාලයක් අවශ්‍යයි..... පලාත් සභා වලට බලය ලබාදීමක් ගැන මෙම සංශෝධනයේ නැහැ.... මෙහි ඇති කරුණු බලාත්මක කිරීමෙන් අනතුරුව ඔබ කැමති පක්ෂයකට ඡන්දයදී ඔවුන් රට පාලනයට තෝරා ගන්න. හැඟීම් වලින් නොව බුද්ධියෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න.
 
Date of Posting: 13 April 2015
Posted By: waruna
තම තමන් අතර කුණු මාළු කෑල්ල බෙදාගෙන කන්නට හැකි ගිවිසුමක් ගහගන්න බැරි එවුන් කොහොමද මුළු රටේම අනාගතය තීරණය කරන ව්‍යවස්ථා හදන්නේ.තව උතුරට බලය බෙදල දෙන්නත් තීරණය කරලා.එවැනි දේ වලින් තව වසර 10-20කින් රටට මොනතරම් අහිතකර ප්‍රතිපල ගෙනදෙනවද කියල තේරුම්ගන්න පුළුවන්ද මේ අයට.අඩුම ගන්නේ තමන් අතර ගිවිසුමක් දින 10-20 පවත්වාගන්න පුලුවන්ද කියල හිතාගන්න බැරුව.
උදාහරණයකට උතුරු නැගෙනහිර බලය බෙදීමෙන් පසු නැගෙනහිර ආගමික අන්තවාදීන් දෙමල ජනතාව සමග ගැටුමක් ඇතිවුවහොත් එක කොටසක් ඉන්දියාවේ හමුදාවත් තව කොටසක් පකිස්තාන් හමුදා සහයත් ඉල්ලුවහොත් ලංකාවේ හමුදාව කොහොමද මැදිහත්වෙන්නේ ? ලෝකයේ වෙන සිදුවීම් දිහා බලනවිට මේවා නොසිතා කටයුතුකළහොත් ලංකාව වැනසෙන දිනය ඉතා ලගය.එබැවින් තම තමන් ඇනකොටා ගනිමින්, කප්පම් ඇමතිකම් දෙමින්,තවත් කොටසකට කල වංචා හෙළි නොකර සිටින්න නිසා චන්දය දෙන ලෙස බල කරමින් ප්‍රසිද්ධියේ අත් ඔසවා චන්දය නොගෙන අඩුම තරමින් රහස් චන්දයකින් තම කැමැත්ත දෙන්නට නොහැකි සංශෝධන කෙල පිඩක් සේ ඉවත දැමිය යුතුය.
 
Date of Posting: 13 April 2015
Posted By: Sathyapala
re ira paana , bandula, neth , oba karanaa sewaya athi ramaneeyai . alumgalath ekka
 
Date of Posting: 13 April 2015
Posted By: prasanna


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*